නිදහස බලන්න අලගල්ලේ නගිමු

alagalla (14)

අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල කන්ද
හූනට කන්න බැරි හුන්නස්‌ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද

මේක  ප්‍රකට ජනකවියක්. මෙකේ කඳු  හතරක් ගැන කියවෙනවා. එකෙන් පළවෙනි කන්ද තමයි “අලගල්ල “කන්ද කියන්නේ. මේ කියන කන්ද ලේසියෙන්ම දකින්න පුළුවන් උඩරට දුම්රිය පාරේ කෝච්චියෙන් යනකොට. රඹුක්කන දුම්රිය ස්ථානයේදී  දකුණු පැත්ත බැලුවොත් මේ අලගල්ල කන්ද දකින්න පුළුවන්.මේක හරියටම තියෙන්නේ සබරගමුව සහ මධ්‍යම පළාත් මායිමේ.

5

මේ අලගල්ල කන්ද විශේෂ වෙනවා නිදහස් දවසට. මොකද නිදහස් දවසට සමහර අය අලගල්ල කන්ද නගිනවා. මේක පුරුද්දට කරන එකක්. දැන් නම් නිකං ජොලියට වගේ කරන වැඩක්. මොකද ලංකාවට නිදහස ලැබීම සහ මේ අලගල්ල කන්ද අතර ලස්සන කථාවක් තියෙනවා. ඒක මෙහෙමයි.

1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබෙන බව‍ට ආරංචිය රට පුරා ගිහිං තියෙනවා. හැබැයි මේ  අලගල්ල පාමුල එක්තරා ගමක මිනිසුන්ට මේ ‘නිදහස’කියන්නේ මොකක්ද කියලා තේරිලා නෑ. නිදහස දෙන්නේ කොළඹදි කියලා මෙයාල දන්නවා.හැබැයි  අද මෙන් එදා කොළඹ එන එකත් ලේසි නෑ. මේ නිසා  ගම්මු පිරිසක් තීරණය කළේ නිදහස දෙන දින උදෙන්ම අලගල්ල නැඟ කොළඹ දිහා බලා ඉන්න තීරණය කරලා. එහෙම බලලා හරි මේ නිදහස කියන්නේ මොකක්ද කියලා බලාගන්න.

කථා කරගත්තු විදිහට  1948 පෙබරවාරි 04 දින උදේ මිනිස්සු අලගල්ල නැඟලා හවස් වනතුරුම කොළඹ දිහා  බලා හිටියත් මුකුත් දැකලා නෑ.  පස්සේ රෑ බෝ වෙනකොට මෙයාලා කන්ද බැහැලා එනවා දකින අනිත් ගම්වැසියන් අහලා තියෙනවා  “හැබෑට උඹලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද?” කියලා.ඊට පස්සේ කඳු නැග්ග කට්ටිය “බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා. එහෙම නිදහසක් නම් අපේ උපන්තේකට දැක්කෙ නෑ” කියලා කිව්වලු. ඊට පස්සේ අවුරුද්දේ ඉඳලා අනිත් කට්ටිය නිදහස බලන්න අලගල්ලට නැගලා.ඒත් වෙලා තියෙන්නේ අර වැඩේම තමයි. දැන් මේක කාලයක් මිනිස්සු නිකං විනෝදෙට වගේ කරන වැඩක් වෙලා.  හැම අවුරුද්දකම සැලකිය යුතු පිරිසක් අලගල්ල නගිනවා නිදහස් දවසේ. හැබැයි දන් නගින අය දන්නවා නිදහස පේන්නේ නෑ කියලා. ඒත් මේ ගමනේ තියෙන සුන්දරත්වය නිසා ගොඩාක් අය නිදහස් දවසේ අලගල්ලේ නගිනවා.

alagalla (11) alagalla (10)

ඇත්තටම අලගල්ල හරිම සුන්දර තැනක්. උඩරට දුම්රිය මාර්ගයේ අසීරු කඳු කෝච්චිය තරණය කරන හැටි බලන්න ඒ වගේම හතර වටේට පේන දර්ශනය  ගැන කියන්න වචන නෑ.උතුවන්කන්ද  බතලේගල වගේ කඳු හරි ලස්සනට පේනවා. ඒ වගේම මධ්‍යම සහ සබරගමුව පළාත් මායිම තියෙන්නෙත් මේ අලගල්ල කඳු මුදුනේ තමයි.ඒ මායිමේ හිටගන්න පුළූවන් එක කකුළක් සබරගමු පළාතේ මහ අනිත් කකුළ මධ්‍යම පළාතේ තියගෙන.

අලගල්ලට යනවා නම් කෝච්චියෙ යන එක ගොඩාක් ලේසියි. රඹුක්කන ආසන්නයේ තියෙන ඉහල කෝට්ටේ දුම්රිය පොලෙන් බැහැලා   මුලින්ම අලගල්ල තේ කර්මාන්ත ශාලාව ලඟට යන්න ඕන.(පාර හොයාගන්න අමාරුයි වගේ නම් ස්ටේශන් එකේ ඉන්න කෙනෙක් ගෙන් හරි ගමේ කාගෙන් හරි ඇහුවොත් හරියටම පෙන්නයි…) තේ කර්මාන්ත ශාලාවට දුම්රිය පොලේ ඉදන් කිලෝමීටර් 3ක් විතර තියනවා. තේ කර්මාන්ත ශාලාව ගාවින් පටන් අරගෙන තේ වත්ත හරහා යන පාරේ දිගටම යනකොට එක තැනකදී  කැලෙට ඇතුළුවෙන්න තියන පොඩි අඩි පාරකින්  තමයි හරියටම කන්ද නගින්න පටන් ගන්නේ. දන්න කෙනෙක්ගේ සහය ලබාගන්න පුළුවන් ලේසියෙන්ම.

alagalla (5) alagalla (1) alagalla (4) alagalla (3) alagalla (7) alagalla (9) alagalla (12) සිංහ කට

සිංහ කට

alagalla (15)

ටිකක් විතර යන ගමන අමාරුයි. හැබැයි මහන්සි වෙලා කන්ද මුදුනට නැග්ගම වෙහෙස මහන්සිය දැනෙන්නේ නෑ.කන්ද මුදුනේ තියෙනවා සිංහ කට කියලා අපුරු තැනක්. එතනින් උඩට ගියාම තමයි හාත්පස ලස්සන හරියටම දකින්න පුළුවන්.

විවේක තියෙන දවසක ගිහින් නැගලා බලන්න. නිදහස් දවස එනකල්ම ඉන්න ඕන නෑ.

@awidimu team

ස්තුතිය – sancharacamerawa.blogspot.com / Yamuda Rata Wate fb group

Alagalla , Kagalle

kdktec kdktec

No comments yet.

Leave a Reply