කොළඹට කිට්ටුවෙන් Camping කරමු

fe 1

කදු නගින එකයි, කුඩාරමක රැයක් ගත කරන එකයි දැන් හැමෝම අතර ජනප්‍රිය දෙයක් වෙලා. එත් ඉතින් ගොඩක් අයට මේක කරන්න අමාරුයි මොකද ලග පාත මෙහෙම අත්දැකීමක් ලබාගන්න තියෙන තැන් අඩු හින්දා. Hiking සහ Camping අත්දැකීම හොඳට විඳින්න පුළුවන් කොළඹට කිට්ටු තැනක් ගැන තමයි මේ කියන්නේ.

මේ තැන තියෙන්නේ අල්ගම. ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි, කෑගල්ල දිස්ත්‍රික්කයයි වෙනකෙරෙන මායිමේ . නිට්ටඹුව අත්තනගල්ල හරහා අල්ගමට එන්න පුළුවන්. කොළඹ ඉදලා කිලෝමීටර් 50ක් විතර දුරයි.හැබැයි සාමන්‍යෙයන් පැය දෙකකට වඩා අඩු කාලයකින් මෙතනට යන්න පුළුවන්.

algama14 algama04 algama07

අල්ගම Camping කියන්නේ වෙනස් අමුතුම අත්දැකීමක්.මේකට 10 දෙනෙක් විතර Team එකක් ඉන්න ඕන. කඳු නගින්න පුළුවන්, කැලේ යන්න පුළුවන් කට්ටිය තමයි මේ කණ්ඩායමේ ඉන්න ඕන. මෙතනදි වෙන්නේ මුලින්ම එන අය දේශිය විදිහේ Welcome Drink එකක් දීලා පිලිගන්න එක. මේක වෙන්නේ කන්ද පාමුල දී. එතන ආරක්ෂිතව වාහන නවත්වලා, එතන තියෙන Base එකේ ඉඳලා තමයි ගමන පටං ගන්න වෙන්නේ. එතනින් Camping ගමන පටං ගන්නවා. කිලෝමීටර් 4 ක විතර Hike එකක් එතන ඉදලා ගල උඩට තියෙනවා. ටිකක් අමුතුම අත්දැකීමක් ගස් වැල් වල එල්ලිලා නිල්වලා ගල උඩට නගින්න තියෙන්නේ. ගල උඩට නගින ගමන් ඒ අතර මැද ස්වාභාවික දිය පාරකින් නාන්නත් පුළුවන්.

ගල උඩ තමයි Camp එක හදන්නේ. Camp එකට අවශ්‍ය දේවල් ඔක්කොම සපයනවා මෙතනින්. Camp එක හදලත් දෙනවා. ඊට පස්සේ මෙතන BBQ එක දානවා. උඩදි කට්ටියටම පොල් රොටී ලැබෙනවා. ඊට පස්සේ දවසේ උදේම ඉර උදාව බලන්නත් මෙතන නියම තැන. ඒ වගේම හොදට ඉර තියෙන වෙලාවක සිරිපාදේ බලන්නත් මෙතනදි පුළුවන්. ඇත්තටම මේක සුන්දර අත්දැකීමක්. අමුතුම අත්දැකීමක්. පස්සේ Breakfast එක විදිහට ගල උඩදි මඤ්ඤෙක්කා හරි කිරිබත් හරි කාලා ගලෙන් බහින එක තියෙන්නේ. ඒ එන ගමන් පුංචි සුන්දර දියඇල්ලකින් නාලා , ගල් ගුහාවක් බලලා ස්වාභාවික පරිසරය අත් විඳින්න තියෙන්නේ. එහෙම එනකොට අර ගමන පටං ගත්ත Base එකේ අනර්ඝ ගමේ කෑම වේලක් ලෑස්ති කරලා තියෙන්නේ.

algama06 algama02 algama0524296732_1533080343395756_97096636462033830_n

ඔබගේ ගමන් වියදමයි, කාලයයි දෙකම ඉතුරු කරගෙන නාගරික පරිසරයෙන් පොඩ්ඩක් මිදිලා ගහකොල ඇල දොල එක්ක සමීපව කාලය ගත කරලා යන්න මේක සුදුසුම තැනක්. තනිකරම පරිසර හිතකාමී වීදිහට නිර්මාණය කරලා තියෙන මේ තැනයි මෙහි කරන්න පුලුවන් ක්‍රියාකාරකම් ටිකයි ඔබේ මනසටයි, ගතටයි හොද සැහැල්ලුවක් එක්ක ලස්සන මතකයක් එකතු කරන එක නම් නොඅනුමානයි.

එක් අයෙකුට රුපියල් 1500/=, 1850/=, 2850/= ඉදලා පටන් ගන්න ක්‍රියාකාරකම් මෙහි තියෙනවා හැබැයි අඩුම 10 දෙනෙක් වත් ඉන්න වෙනවා කන්ඩායමකට. 1500/-, 1850 /- පැකේජ් වලට ඉන්න පුළුවන් උදේ ඉඳලා හවස් වෙනකල් විතරයි. ඒ කියන්නේ ඒවා Day out packages. උදේ ඇවිල්ලා පොඩි Trekking පාරක් දාලා , දිය ඇල්ලකින් නාලා, එතනම ඉඳලා ගමේ තාලෙට දවල් කෑමක් කාලා යන්න පුළුවන් මේ කියන Day out පැකේජ් වලදී . 2850/= package එක තමයි Camping night එකක් ඉන්න පුළුවන් පැකේජ් එක. සාමාන්‍යෙයන් කැම්පස් වල Batch trip එකකට නියම තැනක් මෙතන. 80 දෙනෙකුට විතර එකපාර Camping කරන්න පුලුවන්.

algama01 algama03 algama08 algama10 algama12

කැලේ ටිකක් ඇවිදලා, කන්දක් නැගලා, ලස්සන ගල් තලාවක් උඩ කූඩාරම් රාත්‍රියක් ගත කරන ගමන් BBQ එකක් දාලා රෑට පොල් රොටී ටිකක් කට්ට සම්බෝල එක්ක කාලා. උදේට මයියොක්කා හරි කිරි බත් ටිකක් හරි උනු උනු වෙම කාලා හොද වතුර ටිකක් ඇල්ලකින් හිතේ හැටියට නාලා සිංහල ගමේ ආරෙට කෑම ටිකක් කෙසෙල් කොලේක දාගෙන කාලා යන්න දවසක් වෙන් කරගන්න කතා කරන්න 0773596161 න් awidimu.com අපිට

kdktec kdktec

No comments yet.

Leave a Reply