ආරුගම්බේ ගිහින් ගෙදර වගේ ඉන්න තැනක්

saneepa fe

ආරුගම්බේ කියන්නේ ලංකාවේ සුන්දරතම වෙරළ තීරයක් කියලා අළුතින් කියන්න දෙයක් නෑ. ගොඩාක් දෙනෙක් හොඳින් හිරු එළිය වැටෙන සුන්දර මුහුදු වෙරළක නිවාඩුව ගත්කරන්න කැමති ඕනම වෙළාවක පළවෙනි තෝරාගැනීම වෙන්නේ ආරුගම්බේ. “සර්ෆින් “ ක්‍රීඩාව පැත්තෙන් ගත්තම ආසියාවේ තුන්වෙනියට “සර්ෆින්“ වලට සුදුසු ම වෙරල තමයි ආරුගම්බේ තියෙන්නේ. මුහුදු වෙරළ විතරක් නෙවෙයි මේ සියලු පහසුකම් එක්ක ආරුගම්බේ කියන්නේ විවේකයට යන්න හොඳම තැනක්. මුහුදු මහා විහාරය,මඟුල් මහා විහාරය වගේ පැරණි වෙහෙර විහාර විතරක් නෙවෙයි කුමන ජාතික වනෝද්‍යානය වගේ තැන් බලන්න යන්නත් ආරුගම්බේ ගියාම ලේසියි.

saneepa 8 saneepa 9

නිවාඩු දවස්වල විශාල වශයෙන් සංචාරකයින් එන ආරුගම්බේ ගිහිල්ලා නතරවෙන්න හොඳ තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ආරුගම්බේ වෙරල පේන දුරින් තියෙන මේ සුන්දර නවාතැන්පල හඳුන්වන්නේ සනීපා හොලිඩේ බංගලාව කියලා. මෙතන නිකං ගෙදර වගේ නිදහසේ නතර වෙන්න හොඳම තැනක්. 12 දෙනෙකුට නිදහසේ නතර වෙන්න මෙතන ඉඩකඩ තියෙනවා. කාමර 3කින් සමන්විත මේ බංගලාවේ විශාල කාමරයේ 6 දෙනෙකුත්,අනික් කාමර දෙකේ තුන්දෙනා බැගින් විදිහට නවතින්න පුළුවන්.

saneepa 7 saneepa 1 saneepa 5 saneepa 4

මේ කාමර හැම එකකටම A/Cතියෙනවා Hot water පහසුකම් තියෙනවා. එහෙම 12 දෙනෙකුගේ කණ්ඩායමකට එක රැයක් සඳහා අය කිරීම රුපියල් 16,000 යි. කණ්ඩායම 12ට වැඩිය වැඩි වුනත් කමක් නෑ. මෙට්ට දාලා නවාතැන් පහසුකම් සකසලා දෙන්න පුළුවන් මෙතන. එහෙම වැඩි වුනොත් අමතර රුපියල් 3000 ක් ගෙවන්න වෙනවා. කෑම බීම වලට අවශ්‍ය දේවල් අරං ගිහිං මෙතන ඉන්න කෝකියාට කියලා උයවා ගන්න පුළුවන්. ඒකට වැයවෙන ගෑස් වලට පුංචි ගාණක් ගෙවන්න වෙනවා එච්චරයි.

saneepa 2 saneepa 6saneepa 3

පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න ළමා උයනක්, වාහන නවත්වන්න ප්‍රමාණවත් පහසුකම් මේ සියල්ලක්ම මෙතන තියෙනවා. කොහොම වුනත් ගෙදර වගේ ගිහින් ඉන්න පුළුවන් තැනක් තමයි මේ.සාමාන්‍ය නිවාඩු නිකේතනයකට වැඩිය, වෙන හෝටලයකට වැඩිය මෙතන නිදහස් වෙන්නේ ඒ නිසා. පවුලේ අයත් එක්ක, යාළුවෝ කට්ටිය එකතු වෙලා ආරුගම්බේ ගිහින් නතරවෙන්න හොඳම තැනක් විදිහට මෙතන හඳුන්වන්න පුළුවන්. Google Street View  එකෙන් මේ බංගලාව සහ හතර වටේ බලාගන්න මෙතන Click කරන්න.

මේ බංගලාව වෙන් කරවාගන්නවා නම් “ඇවිදිමු “ අපිට කථා කරන්න. 0773596161 දුරකථන අංකයට.

@Teamawidmu

 

Argambay ,

kdktec kdktec

No comments yet.

Leave a Reply