ලස්සන විතරක් බලන්න පුළුවන් ඇතා මළ ඇල්ල

Athamala ella  (5)

මාතර දිස්ත්‍රීක්කය කියන්නේ හැම අතින්ම සුන්දරත්වයෙන් අනූන ප්‍රදේශයකට. ටිකක් ඈවිදලා බෑලුවොත් පරිසරයේ සුන්දර බව චමත්කාරය අපූරුවට අදුන ගන්න පුළුවන් මේ කියන්න හදන්නේ ඒ තරම්ම ප්‍රසිද්ධ නොවෙච්ච තාමත් හුග දෙනෙක්ගේ නෙත් නොගෑටිච්ච මනස්කාන්ත දිය ඈල්ලක් ගැන තමයි. ඒ හින්දම වගේ තවමත් මේ ස්ථානයේ ස්වභාවික පරිසරයට මිනිසාගෙනුත් ලොකු බලපෑමක් සිදු වෙලා නෑ. ඈතා මළ ඇල්ල කියන නමින් තමයි මේ සුන්දර දිය ඇල්ල හදුන්වන්නේ.

Athamala ella  (4)

යන්නේ මෙහෙමයි

අකුරැස්ස දෙනියාය පාරේ දෙනියාය පැත්තට ගමන් කරලා පිටබැද්දර නගරය පහු කරලා ටිකක් 4 km දුරක් යන විට හමුවෙන නිල් ඈල්ල වතු යාය ගාවින් දකුණට හැරිලා පටු අතුරු පාර දිගේ 3 km විතර ගියාම මේ ස්ථානයට යන්න පුලුවන්. ඒ හරියේ ගමට කියන්නේ පහුරුතොට කියලා මේ දිය ඇල්ල බලන්න තව පාරක් තමයි පිටබැද්දර හරහා සියඹලාගොඩට ආවහම සියඹලාගොඩ කඩපලට අසලින් වමට හැරිලා ටික දුරක් යන්න ඕනේ නිල් ඇල්ල වතු යාය අසලින් ගියොත් ආසන්නයටම වාහනයකින් ගමන් කිරීමේ හැකියාවත් තියෙනවා.

Athamala ella  (2) Athamala ella  (1) Athamala ella  (3)

ඉස්සර මේ දිය ඈල්ල ආශ්‍රිතව කුඩා විදුලි බලාගාරයකුත් දකින්න පුලුවන් උනා. ඒ අවට ප්‍රදේශයට විදුලිය සැපයුනෙත් මේ මගින්මයි. කොහොම උනත් 2003 අවුරුද්දේ ඇති වෙච්ච මහා ගං වතුරෙන් පසුව නම් මේ බලාගාරය තිබුන තැනවත් හොයාගන්න ලෑබුනේ නෑ.

මේ ඇල්ලේ තියෙන්නේ පුදුම සුන්දරත්වයක්. හැබැයි ඒ සුන්දරත්වය පිටිපස්සේ තියෙන භයානක කමකුත් තියෙනවා. මොකද මෙතන දිය නෑම සුදුසු නෑ. දිය නෑම ඉතාම අනතුරුදායකයි කියලයි කියන්නේ. මේ නිසා සුන්දරත්වය විඳින්න ගියාට කමක් නෑ. නාන්න බලාගෙන නම් මෙතන්ට යන්න එපා.

Athamala ella  (6) Athamala ella  (7)

මේ ඇල්ලට නම හැදුනු විදිය මෙහෙමයි ජනප්‍රවාදයේ සඳහන් විදියට ඉස්සර මේ ඇල්ලට ඉහලින් පිහිටලා තියෙන්නේ විශාල වනාන්තරයක්ලු. මෙකේ හිටපු හස්ති රාජයෙක් මේ ඇල්ලේ ඉහල කොටසෙන් ලිස්සලා පහලට වැටිලා එතනම මිය ගිහින් තියෙනවා .අන්න ඒ නිසා තමයි ඇතා මළ ඇල්ල කියන නම වැටිලා තියෙන්නේ. සිංහරාජ අඩවියේ පහස ලබමින් ප්‍රදේශයට මහගු සම්පතක් වන නිල් වලා ගං කුමරියගෙන් තමයි මේ ඇතා මල ඇල්ල පෝෂණය වෙන්නේ.

මේ ඇල්ල ගැන  වීඩියෝවකුත් තියෙනවා බලන්න.

kdktec kdktec

No comments yet.

Leave a Reply