මැණික් ගගේ ලස්සන පරෙයියන් ඇල්ල

pariyyan ella 7

නමුණුකුල කදුවැටියෙන් අරුබෙන මැනික් ගගේ නිර්මානයක් තමයි මේ පරෙයියන් ඇල්ල . මැනික් ගග කතරගමදි අපි හැමෝම දකිනවා නමුත් මේ වගේ ලස්සන දිය ඇල්ලක් තියෙනවා කියලා දන්නේ සුළු පිරිසක් පමණයි . එ බව තහවුරු වෙනවා ඇල්ල අවට පරිසරය තවමත් පොලිතින් වගේ දේවලින් අපවිත්‍ර නෙවි තිබිමෙන්ම. ඒ නිසා මේ post එකෙන් ඇල්ල ගැන දැනගත්තා කියලා ගිහින් ඒ පරිසරය විනාශකරන්නේ නැතිව ඒහි සුන්දරත්වය විතරක් විදගෙන එන්න කියලා ඉල්ලිමක් කරනවා ඔබෙන්.

මිටර් 22 ක් වගේ උසකින් යුත් මෙම ඇල්ල පිහිටා තියෙන්නේ බඩල්කුබුර බුත්තල මාර්ගයේ කිලෝමිටර් 5ක් වගේ දුරක් පැමිනෙන විට පුන්සිසිගම හන්දිය කිටිටුවෙන් දකුණු පසට දිවෙන 139 අතල ග්‍රාම නිළධාරි කාර්යාලයට යන මාර්ගයේ. ඒ පාරේ කිලෝමිටර් 2ක් වගේ ගමන් කලවිට මාර්ගය කෙලවරේ ඇති නිවස ලග වාහනය නතර කර මිටර් 500 ක් වගේ දුරක් පාගමනින් පඩිපෙල දිගේ පහලට බැසිමෙන් ඇල්ල නැරබිමට පුළුවන්.

pariyyan ella 4

pariyyan ella 1

pariyyan ella 2

ඇල්ල අවට ගගේ විශාල කුහර ඇතිවි තිබිම විශේෂ ලක්ෂනයක් වෙනවා. මේ නිසාම රඡ කාලයට මෙම ස්ථානයේ සමිබන්දයක් තියෙනවා කියලා ජනතාව අතර මතයක් තියෙනවා. මානාභරණ කුමරු ඇල්ල ඉහල දිය කෙළියේ යේදුනු බවට සාක්ෂි ලෙස පිය ගැට පෙලක් ඇල්ල ඉහල ගල්තලාවේ තිබෙන බව ගම්මු කියනවා. මෙතන තියෙන ගල්කුහරයකින් ඇරබෙන උමගක් කිලෝමිටර් 5ක් වගේ දුරකින් මතුවෙනවා කියලා ගමේ අය කියනවා.

pariyyan ella 6 pariyyan ella 5 pariyyan ella 3

මෙම ඇල්ල ගැන මට මුලින්ම තොරතුරු කිව්වේ fb එකෙන් හදුනා ගත්තු යසස් සචින්තක මල්ලි ඒ නිසා ඹහු විශේෂයෙන් මතක් කරන්න ඕන ඒ වගේම බඩල්කුබුර ප්‍රදේශිය ලේකමි කාර්යාලයේ අංක 139 අතල ග්‍රාම නිළධාරි වසමේ ග්‍රාම නිළධාරි තුමිය වන w .m සන්ධ්‍යා සහෝදරිය අපට කල උදවි වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතිකල යුතුයි.

සටහන/ඡායාරූප- අනුර පල්ලමුල්ල

kdktec kdktec

No comments yet.

Leave a Reply