බැද්දගාන Waterland Park යමු

baddagana FE

රට වටේ ඇවිදින්න යන්න පුළුවන් තැන් ගොඩාක් ගැන අපි කියනවා. ඒත් ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි ඇවිදින්න යන්න වෙලාවක් නැති කම. ගොඩාක් ලස්සන තැන් තියෙන්නේ කොලඹ ඉඳලා ටිකක් ඈත වීම නිසා මේ ගැටලුව ගොඩාක් බලපානවා. මේ නිසා අපි නිතර නිතර කොළඹ අවට තියෙන ලස්සන තැන් ගැනත් විස්තර කියනවා. ඒ වගේ කොළඹ නගරය කිට්ටුවම ඊයේ පෙරේදා විවෘත වුන ලස්සන තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ.

baddagana 15baddagana 18

“බැද්දගාන වෝටර්ලන්ඩ් පාක් “ මේක තියෙන්නේ කෝට්ටේ බැද්දගානේ. මේක අතිශය සුන්දර විදිහට නිර්මාණය කරලා තියෙන්නේ පරිසරයට ගහට කොළට ආදරේ කරන අය වෙනුවෙන්. දියවන්නාව ආශ්‍රිත වගුරු බිමක ගමන් කරන්න පුලුවන් විදිහේ මාවත් හදලා ඉදිකරලා තියෙන මේ පාක් එක ඇත්තටම අලුත් අත්දැකීමක්. විශේෂයෙන්ම ලංකාවට ආවේණික කුරුළු වර්ග බර ගාණක් වගේම සංචාරක පක්ෂීන් සමනලුන් සහ තාරාවුන් වගේ සත්තු ගොඩාක් නිදහසේ සැරිසරන හැටි මෙතනදි දකින්න පුලුවන්. කුරුල්ලන්ට ,සමනලුන්ට, සංචාරක පක්ෂින්ට , තාරාවුන්ට වෙන් වෙන් විදිහට කලාප වෙන් කරලා තියෙන නිසා හඳුනාගන්න එක අසීරු වෙන්නේ නෑ.

baddagana 2 baddagana 3 baddagana 4 baddagana 5

ඒ විතරක් නෙවෙයි විවිධ දුර්ලභ ගණයේ ගහ කොළ මේ පාක් එකේ එක පැත්තක හිටවලා තියෙනවා. ඒ පැල නම් තාම පුංචියි. හැබැයි මූලික අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. තව අවුරුදු කීපයක් ගියාම ඇත්තටම ඒ පැත්ත සුන්දර වන උයනක් වගේ වෙයි. ඒ වගේම මේ උද්‍යානය හාත්පස නරඹන්න වෙනමම නැරඹුම් මැදිරියක් තියෙනවා. ඒක උඩට නැග්ගම මුළු පාක් එකම බලාගන්න පුළුවන්.

baddagana 6 baddagana 9 baddagana 11

මේක එක පැත්තකින් මායිම් වෙන්නේ දියවන්නාවට. ඒ අන්තය හරිම සුන්දරයි. සුන්දර තුරු වදුළු මැදින්..නිදහසේ ඇවිද යන්න තියෙන හොඳම තැනක් තමයි මේ. රුපියල් 50 ක් දීලා ඇතුළු වුනාම නිදහසේ ඇවිදින්න පුළුවන්.පරිසරය විඳින්න පුළුවන්.

baddagana 16 baddagana 12 baddagana 10 baddagana 14 baddagana 7 baddagana 8baddagana 1

kdktec kdktec

No comments yet.

Leave a Reply