අමතක නොවෙන නිවාඩුවකට බාදුරා බංගලාව

badura 1

නිවාඩුව විවේකය ගත කරද්දි හැමෝම කැමති ගහ කොළ වලින් පිරිච්ච සුන්දර තැනක නිවාඩුවක් විවේකයක් ගත කරන්න. අනික් දවස් ගත කරන විදිහට වැඩිය වෙනසක් දැනෙන්නේ එතකොට. ඒ වෙනස අත්විඳින්න නියම තැනක් තමයි බාදුරා බංගලාව කියන්නේ. මේක තියෙන්නේ කලවානේ.

මේ බාදුරා බංගලාව පරිසරයට ගැලපෙන සුන්දර ගෘහ නිර්මාණ ආකෘතියකට අනුව තමයි හදලා තියෙන්නේ. ගහකොළ වලට ඇති තරම් ඉඩ දීලා, ඒ සුන්දරත්වය විදින්න පුළුවන් විදිහට තමයි මේ බංගලාව හදලා තියෙන්නේ. ඒ නිසා ඇති තරම් පරිසරයේ සුන්දරත්වය විදින්න මෙතෙනට යන කෙනෙකුට අවස්ථාව හිමිවෙනවා. සිංහරාජයේ ජල මූලාශ්‍ර වලින් ගලාගෙන එන ස්වාභාවික දිය සීරාවක් යොදාගෙන හදපු පිහිනුම් තටාකය නිසා මේ බංගලාව සුවිශේෂී එකක් වෙනවා. ගහට කොළට නිරාවරණය වුන මේ පිහිනුම් තටාකයේ ඉඳලා ස්වාභාවික දිය සීරාවක සීතල වතුරින් නාන්න තියෙන එක අමුතුම අත්දැකීමක් වෙනවා.

badura 6 - Copy badura 2 Bandura5 (5)

මෙතන බංගලාවකුයි කොටේජ් එකකුයි දෙකක් තියෙනවා. මේ දෙකේම 15 දෙනෙකුට ඉන්න පුළුවන්. බංගලාව කාමර 3යි. ඒකේ ෆැමිලි රූම් එකේ 6 දෙනෙකුට ඉන්න පුළුවන්, ට්‍රිපල් රූම් එකේ තුන්දෙනෙකුට ඉන්න පුළුවන්, ඩබල් රූම් එකේ දෙන්නේකුට ඉන්න පුළුවන්. එහෙම 11 දෙනෙකුට ඉන්න මේ බංගලාව විතරක් ගන්නවා නම් රුපියල් 25000/ක් වෙනවා. අනික් කොටේජ් එකේ හතරදෙනෙකුට ඉන්න පුළුවන්. ඒ කොටේජ් එක රුපියල් 15000/- ක් වෙනවා. මේ දෙකම එකම ටීම් එකක් බුක් කරනවා නම් රුපියල් 35000/- කට ගන්න පුළුවන්. කෑම බීම ගැන කිව්වොත් යන අය අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය අරං යන්න ඕන. මෙතන ඉන්නවා Cook කෙනෙක් . එයාට කියලා දේශිය විදේශිය, මේ ඕනම කෑමක් හදවා ගන්න පුළුවන් දවසකට රුපියල් 3000/- ක් වගේ ගානක් තමයි Cooking Charge එක විදිහට කෑම වේල් 3කටම අය කරන්නේ.

Bandura5 (2) badura 3 Bandura5 (1) Bandura5 (6)

මීට අමරව හනිමූන් එකටත් මෙතන නියම තැනක්. පිංතූර ගන්න ලස්සන තැනක්. හනිමූන් යන අයට වෙනමම පැකේජස් තියෙනවාත ඒ ගැන පහත තියෙන දුරකථන අංක වලට කථාකරලා විස්තර දැනගන්න පුළුවන්. තව ඊට අමතරව Day Outing වලටත් මෙතන ගන්න පුළුවන්. එහෙම ගත්තොත් වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්(සෙට් මෙනු ), Evening tea මේ ඔක්කොම එක්ක Swimming pool එක සහ නොමිලේ කාමරයක් එක්ක එක්කෙනෙකුට රුපියල් 2000/- ක් වෙනවා. හැබැයි 10 දෙනෙකුට වැඩි කණ්ඩායමක් ඉන්න ඕන. එක දවසකට එක ටීම් එකක් විතරයි මෙතනට Day outing වලට ගන්නේ ඒ නිසා ඒ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න පුළුවන්.

මෙතන ඉඳලා සිංහරාජයට තියෙන්නේ මිනිත්තු 35 ක වගේ දුරක්. සිංහරාජ ප්‍රධාන පිවිසුම දක්වාම තමන්ගේ වාහනයකින්ම යන්න පුළුවන් නිසාම මෙතන නතරවෙලා සිංහරාජයේ යන එක හරිම ලේසි වැඩක්. ඒ වගේම සුන්දර ප්‍රකට දිය ඇල්ලක් වන මාකෙලි ඇල්ලට තියෙන්නේ පැය භාගයක විතර ගමනක්. මේ ඇල්ලේ වුනත් දිය නාන්න පුළුවන් ප්‍රවේශම් සහිත තැන් තියෙනවා. මේ හැම දෙයක් එක්කම බැලුවම ඇත්තටම වෙනස් අත්දැකීමක් විදින්න මේක නියම තැනක්.

මේ බංගලාව වෙන් කරගන්නවා නම් කථා කරන්න 0774882515 හරි 0722841433 හරි කියන දුරකථන අංක වලට.

@teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply