අමතක නොවෙන නිවාඩුවකට බාදුරා බංගලාව

badura 6

නිවාඩුව විවේකය ගත කරද්දි හැමෝම කැමති ගහ කොළ වලින් පිරිච්ච සුන්දර තැනක නිවාඩුවක් විවේකයක් ගත කරන්න. අනික් දවස් ගත කරන විදිහට වැඩිය වෙනසක් දැනෙන්නේ එතකොට. ඒ වෙනස අත්විඳින්න නියම තැනක් තමයි බාදුරා බංගලාව කියන්නේ. මේක තියෙන්නේ මතුගම කලවාන පාරේ.

badura 2 badura 1 Bandura5 (4)

මේ බාදුරා බංගලාව පරිසරයට ගැලපෙන සුන්දර ගෘහ නිර්මාණ ආකෘතියකට අනුව තමයි හදලා තියෙන්නේ. ගහකොළ වලට ඇති තරම් ඉඩ දීලා, ඒ සුන්දරත්වය විදින්න පුළුවන් විදිහට තමයි මේ බංගලාව හදලා තියෙන්නේ. ඒ නිසා ඇති තරම් පරිසරයේ සුන්දරත්වය විදින්න මෙතෙනට යන කෙනෙකුට අවස්ථාව හිමිවෙනවා. සිංහරාජයේ ජල මූලාශ්‍ර වලින් ගලාගෙන එන ස්වාභාවික දිය සීරාවක් යොදාගෙන හදපු පිහිනුම් තටාකය නිසා මේ බංගලාව සුවිශේෂී එකක් වෙනවා. ගහට කොළට නිරාවරණය වුන මේ පිහිනුම් තටාකයේ ඉඳලා ස්වාභාවික දිය සීරාවක සීතල වතුරින් නාන්න තියෙන එක අමුතුම අත්දැකීමක් වෙනවා.

මෙතන බංගලාවකුයි Cottage එකකුයි දෙකක් තියෙනවා. මේ දෙකේම 15 දෙනෙකුට ඉන්න පුළුවන්. බංගලාව කාමර 3යි. ඒකේ Family room එකේ 6 දෙනෙකුට ඉන්න පුළුවන්, Triple room එකේ තුන්දෙනෙකුට ඉන්න පුළුවන්, Double room එකේ දෙන්නෙකුට ඉන්න පුළුවන්. එහෙම 11 දෙනෙකුට ඉන්න මේ බංගලාව විතරක් ගන්නවා නම් රුපියල් 30000/ක් වෙනවා. අනික් කොටේජ් එකේ හතරදෙනෙකුට ඉන්න පුළුවන්. ඒ කොටේජ් එක රුපියල් 17000/- ක් වෙනවා. කෑම වේල් තුනත් එක්කම. Cottage විතරක් වෙනම ගන්නවා නම් විතරයි කෑම වේල් තුන ලැබෙන්නේ. නැත්තම් මෙතනට එන අය අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය අරං යන්න ඕන. මෙතන ඉන්නවා Cook කෙනෙක් . එයාට කියලා දේශිය විදේශිය, මේ ඕනම කෑමක් හදවා ගන්න පුළුවන් දවසකට රුපියල් 3000/- ක් වගේ ගාණක් තමයි cooking charge එක විදිහට අය කරන්නේ.

Bandura5 (3) Bandura5 (7) IMG_5067

මීට අමරව Honey moon එකටත් මෙතන නියම තැනක්. පිංතූර ගන්න ලස්සන තැනක්. Honey moon යන අයට වෙනමම පැකේජස් තියෙනවා. ඒ ගැන පහත තියෙන දුරකථන අංක වලට කථාකරලා විස්තර දැනගන්න පුළුවන්. තව ඊට අමතරව Day outing වලටත් මෙතන ගන්න පුළුවන්. එහෙම ගත්තොත් Wel come drink, Lunch (Setmenu), Evening tea මේ ඔක්කොම එක්ක Swimming pool එක සහ නොමිලේ කාමරයක් එක්ක එක්කෙනෙකුට රුපියල් 2000/- ක් වෙනවා. හැබැයි 10 දෙනෙකුට වැඩි කණ්ඩායමක් ඉන්න ඕන. එක දවසකට එක Team එකක් විතරයි මෙතනට ඩේ අවුටින් වලට ගන්නේ ඒ නිසා ඒ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න පුළුවන්.

lobby IMG_5080

මෙතන ඉඳලා සිංහරාජයට තියෙන්නේ කිලෝමීටර් 35 ක වගේ දුරක්. ඒ වගේම සුන්දර ප්‍රකට දිය ඇල්ලක් වන මාකෙලි ඇල්ලට තියෙන්නේ පැය භාගයක විතර ගමනක්. මේ ඇල්ලේ වුනත් දිය නාන්න පුළුවන් ප්‍රෙව්ශම් සහිත තැන් තියෙනවා. මේ හැම දෙයකටම වඩා මේ බංගලාව හදලා තියෙන පරිසරය සුන්දරයි. ඇත්තටම වෙනස් අත්දැකීමක් විදින්න මේක නියම තැනක්.

මේ බංගලාව වෙන් කරගන්නවා නම් කථා කරන්න 0774882515 හරි 0714842515 හරි කියන දුරකථන අංක වලට.

@teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply