නිල්වලා ගඟ අයිනේ “බැද්ද “ මෙන්න

Bedda 1

ගඟක් අයිනේ නිදහසේ නිස්කලංක නිවාඩුවක් ගතකරන්න කවුද අකමැති? හැමෝම හොයන්නේ දැන් එහෙම තැන්. සුපිරි තරු හෝටල්වල තරු පේන ගණන් දීලා A/C කරපු කාමරයක් ඇතුලේ නිවාඩුව ගෙවනවාට වඩා ගහට කොළට ලංවෙලා නිවාඩුවක් ගත කරන්න තමයි දැන් ගොඩාක් අය කැමති. එහෙම අයට ගැලපෙන නියම තැනක් තමයි “බැද්ද Eco Cottage“ කියන්නේ. මේක තියෙන්නේ මාතර පිටබැද්දර.සුන්දර නිල්වලා ගඟ අයිනේ තියෙන මේ අපූරු නවාතැන සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී එකක්. ගඟට මායිම් වුන අක්කර 12ක විතර වනගත ඉඩමක හදලා තියෙන මේ සුන්දර නවාතැන ඇත්තටම නිදහස ගත කරන්න කියාපු තැනක්.

Bedda 5 Bedda 4 Bedda 6

කොළඹ ඉඳලා යනවා නම් Highway එකේ ගිහිං ඉමදූව Exit එකෙන් දාලා අකුරැස්ස දෙණියාය පාරේ ගියාම පැය එකහමාරකින් විතර මෙතන්ට යන්න පුළුවන්. පිටබැද්දරට යනකල් පාර හොඳ නිසා ඉක්මනින් යන්න පුළුවන්.

මේ නවාතැන්පලේ Cottages 2ක් තියෙනවා. ඉන්න පුළුවන් උපරිම ගාණ 10 දෙනයි. එහෙම 10 දෙනෙක්ගේ කණ්ඩායමක් එනවා නම් කෑම බීම නවාතැන් ඔක්කොම එක්ක Full board Package එක රාත්‍රියකට එක්කෙනෙකුට රුපියල් 4500.00 ක් වෙනවා. Couple එකක් වගේ එනවා නම් උදේ කෑම සහ නවාතැන් එක්ක සම්පූර්ණ Cottage එකක් ගන්න පුළුවන් රුපියල් 9600/- කට. විදුලිය, උණු වතුර පහසුකම්, අවශ්‍ය නම් A/C පහසුකම් මේ කාමර වල තියෙනවා. (‍මේ පැත්තට A/C නම් අවශ්‍ය නෑ ) සම්පූර්ණයෙන් පරිසර හිතකාමී විදිහට ලී වලින් හදලා තියෙන මේ නවාතැන් පළ නිල්වලා ගඟේ පහසත් එක්ක නිදහසේ නිවාඩුව ගත කරන්න කියාපු තැනක්. ඒ විතරක් නෙවෙයි අවශ්‍ය නම් ගඟ මැද පාරුවක පා වේවී කෑම ගන්න අවස්ථාව හදා ගන්නත් බැද්ද Eco Cottage එකේදි පුළුවන්.

Bedda 7 Bedda 8 Bedda 2

ගඟ අයිනේ BBQ එකක් හෙම දාලා, ටිකක් සෙට් වෙලා සුන්දර නිවාඩුවක් මෙතන නියම තැන. ඒ වගේම මෙතන දේශීය විදේශිය කෑම වර්ග හදන්න පුළුවන් කෝකියෝ ඉන්නවා ඒ නිසා ඕන ජාතියක කෑම වර්ගයක රස බලන ගමන් නිවාඩුව ගත කරන්න මෙතන මරු.

සුන්දර ඕලු දොළ

සුන්දර ඕලු දොළ

ගඟේ බැහැලා ඉන්න, නාන්න ස්වාභාවික නාන තටාකයක් මේ කිට්ටුවම තියෙනවා. ඊට අමතරව ඇතා මළ ඇල්ල කියන ලස්සන දිය ඇල්ල තියෙන්නෙත් ඇවිදින දුරින්. තව මේ දවස් වල කවුරුත් කථා වෙන සුපිරිසිදු වතුර තියෙන ඕලු දොළ තියෙන්නෙත් මේ ළඟම තමයි. මෙතන ඉඳලා සිංහරාජ කැලයේ ඇවිදින්න යනවා නම් විනාඩි 45 ක් වගේ කාලයක් යන්නේ. තව මේ පළාතේ වට පිටාවේ ඇවිදින්න, තේ කර්මාන්තය, කුරුඳු කර්මාන්තය වගේ දේවල් බලන්න යන්න හොඳ අවස්ථාවක් මෙතනදි උදා කර ගන්න පුළුවන්.

Bedda 3 (1) Bedda 3 (2) Bedda 10

ඇත්තටම බැද්ද Eco Cottage කියන්නේ කලබලකාරී කාර්ය බහුල කැලැන්ඩරයක් මැද්දේ හිරවෙලා ඉන්න අයට ඇත්තටම නිස්කලංක තැනක්. මේ ගැන වැඩි විස්තර දැනගන්න සහ වෙන් කර ගැනීම සඳහා කථා කරන්න 0710658585 කියන දුරකථන අංකයට.

@Teamawidimu

 

#oludola  #pitabaddara   #deniyaya  #sinharaja

PITABADDARA, MATHARA, DENIYAYA, SINHARAJA

kdktec kdktec

No comments yet.

Leave a Reply