සීතල නිවාඩුවකට බෙලිහුල්ඔය යමු

feture

බෙලිහුල්ඔය කියන්නේ මතක් වෙනකොටත් පුදුම තරම් සුන්දරත්වයක් දැනෙන පළාතක්. ඉතා සෞම්‍ය දේශගුණය නිසා බෙලිහුල්ඔය කවුරුත් නිවාඩුව ගත කරන්න තෝර ගන්නවා. එහෙම බෙලිහුල් ඔය ගියාම ගෙදර ඉන්නවා වගේ නිදහසේ නවතින්න පුලුවන් තැනක් ගැන තමයි මේ කියන්නේ.

කොළඹ ඉඳලා යනවා නම් බෙලිහුල්ඔය නගරයට කලින් මුණගැහෙන බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එක ළග පාලම පහුකළාම මුණගැහෙන වම් පැත්තට කන්ද උඩට තියෙන ඉහළ ගලගම පාරෙන් තමයි මෙතනට යන්නේ. ඒ පාරේ මීටර් 500 ක් විතර ගියාම මේ සුන්දර නවාතැන් පළ මුණගැහෙනවා.

Belpeak (3) Belpeak Belpeak (4)

මොනවාද තියෙන පහසුකම් ?

මේක ඇත්තටම පුංචි නවාතැනක්. ඉන්න පුළුවන් 7 දෙනෙකුට වගේ පිරිසකට විතරයි. මෙතන තියෙන්නේ කාමර දෙකයි. එකක් ෆැමිලි රූම් එක. ඒකේ King Size සහ Queen Size ඇඳන් දෙකක් තියෙනවා.ඒ ඇඳන් දෙකේ 5 දෙනෙකුට ඉන්න පුළුවන්. තව ඕනෙ නම් පුංචි ළමයෙක් දෙන්නෙක් තියාගන්න පුළුවන්. අනිත් කාමරේ Dobule Room එක. ඒකෙත් තියෙනවා Queen Size ඇඳක්. ඒකේ දෙන්නෙකුට පහසුවෙන් ඉන්න පුළුවන්. එතනත් තව පුංචි ළමයෙක් වගේ තියාගන්න පුළුවන්. මේ හැම කාමරයකටම Hot Water තියෙන Attached Bathrooms තියෙනවා. ඒ වගේම මේ මුළු නවාතැන් පළ පුරාම Free wifi පහසුකම් තියෙනවා. බාබකියු එකක් හෙම දාගන්නවා නම් මේ සීතල කඳු මුදුනේ ඉඳලා ඒකට අවශ්‍ය ග්‍රිල් එක මෙතන තියෙනවා. හැබැයි අවශ්‍ය අනිත් දේවල් අරං යන්න වෙනවා.

Belpeak (2) Belpeak (6) Belpeak (7) Belpeak (8)

අයකිරීම් කොහොමද ?

මේ මුලු නවාතැන් පළ වෙන් කරවා ගන්නවා නම් දෙසැම්බර්, අප්‍රේල්, අගෝස්තු වගේ නිවාඩු කාල වලදී දවසකට රුපියල් 15000 ක් වෙනවා. එහෙම නැතුව අනික් කාල වලදී නම් රුපියල් 12000 ක් වගේ වෙන්නේ. තව වෙන වෙනම කාමර විදිහට ගන්නවා නම් දෙසැම්බර්, අප්‍රේල් සහ අගෝස්තු වගේ කාලවල දී ෆැමිලි රූම් එක රුපියල් 8500 ක් විතර වෙන්නේ . Dobule Room එක රුපියල් 7500 ක් විතර වෙනවා. කාර්ය බහුල නැති අනික් කාලවල ෆැමිලි රූම් එක රුපියල් 6500 ක් විතර වෙන්නේ . Dobule Room එක රුපියල් 5500 ක් විතර වෙනවා.

කෑම බීම ගැන කථා කරද්දි මෙතනින් කෑම ගන්න පූලුවන් සාමාන්‍යෙයන් රුපියල් 300/= වගේ ඉඳලා ඉහළට.තව කැමති නම් අපිට වියළි ආහාර ගෙනියලා මෙතන ඉන්න කෝකියාට කියලා හදවා ගන්න පුළුවන්. එතකොට දවසකට අමතර රුපියල් 1500/- වගේ ගානක් කෝකියාගේ ගාස්තුව සහ ගෑස් වගේ ඒවට යන වියදම විදිහට ගෙවන්න වෙනවා. එහෙම නැත්තං තවත් විදිහක් තියෙනවා ඒ තමයි යන අමුත්තන් විසින්ම උයා ගන්න එක. එතකොට අර පාවිච්චි කරන ගෑස් වලට සහ වතුර වලට දවසට රුපියල් 500/= ක් වගේ ගාස්තුවක් තමයි අය කරන්නේ.

Pahanrhudawa new Hagala new pahanthudawa (3) pahanthudawa (1) hagala 2 Bambarakanda

වටපිටාවේ බලන්න තියෙන්නේ මොනවාද?
මෙතන ඉඳලා මීටර් 450 ක් විතර පාර පැත්තට ආවම ඉතාම ආරක්ෂිතව බෙලිහුල්ඔයෙන් සීතල වතුර ටිකක් නිදහසේ නාගන්න පුළුවන්. තව මෙතන ඉඳලා කිලෝමීටර් 1.5 ක් විතර ගියාම තියෙන පහන්තුඩාව ඇල්ලත් පුදුමාකාර ආකර්ශණීය තැනක්. සීතල මැදින් කඳු නැඟගෙන මෙතනට යන ගමනත් අමතක නොවෙන අත් දැකීමක්. තව මෙතන ඉඳලා කිලෝමීටර්යක් විතර දුරින් තියෙන හිරිකටු ඔය තවත් අතිශය සුන්දර තැනක්. පැය 4-5 ක් විතර වැය කරලා අති සුන්දර හාගල කන්ද නැගල වටපිටාවේ සිරි නරඹන එකත් මෙතනට එන සංචාරකයින්ට අමුතුම අත්දැකීමක්. මනස්කාන්ත බඹරකන්ද දිය ඇල්ලට වුනත් මෙතන ඉඳලා යන්න පුළුවන් ලේසියෙන්.

පරිසර සුන්දරත්වය අතින් බැලුවම පුදුමාකාර ලස්සනක් අත් විඳන්න නියම ගමනක් මේක. අනිත් එක මෙතන අය කිරීමත් පසුම්බියට ඒතරම් ගැටළුවක් නොවෙන නිසා කිසි ප්‍රශ්නයක් නෑ. අඩු වියදමකට උපරිම විදිහේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක් මෙතන. ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කර ගන්නවා නම් කල් දාන්නේ නැතුව දැන්ම වෙන් කරගන්න කථාකරන්න ඇවිදිමු අපිට 0773596161 න්. අපි ලෑස්තියි ඔබ වෙනුවෙන් මේ සුන්දර නවාතැන් පළ වෙන් කරලා දෙන්න.

#awidimu team

kdktec kdktec

No comments yet.

Leave a Reply