නිදහසේ ඉන්න බෙන්තොට නියම තැනක්

Bentota 8

අවුරුද්ද අන්තිම නිසා ගොඩක් කට්ටිය සෙට් වෙලා Day out එකකට ගිහිල්ලා දවසක් ගත කරන්න හරි නැත්තං නිවාඩුවක් ගත කරන්න වගේ දේකට හරි උනන්දුයි. අවුරුද්දෙම වෙහෙස මහන්සිය නිවාගන්න විනෝදයෙන් දවසක් ගත කරන එක හරි වැදගත්. ඒකට ඉතිං නිදහස් තැනක් හොයගන්න ඕන. අනවශ්‍ය නීති රීති නැති නිදහස උපරිමයෙන් ගත කරන්න තැනක් තමයි හොයාගන්න ඕන. එහෙම තැන් හොයන අයට team awidimu අපි උදව් කරනවා.

මෙතනදි ගොඩාක්ම වැදගත් වෙන්නේ කොළඹට කිට්ටු වෙන එක. මොකද ලොකූ නිවාඩුවක් ගන්න බැරි නිසා. එහෙම අයට නියම තව තැනක් ගැන තමයි මේ කියන්නේ. මේක තියෙන්නේ බෙන්තොට. බෙන්තොට කිව්වට මුහුදු අද්දර නෙවෙයි. මේක ඇත්තටම තියෙන්නේ ගොඩබිම දිහාවට වෙන්න නිස්කලංක තැනක. කොළඹ ඉඳලා බැලුවම පැයකට අඩු කාලයකින් මෙතනට යන්න පුළුවන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ යනවා නම් කොට්ටාවේ ඉඳලා විනාඩි 45 ක් වගේ වෙලාවක් යන්නේ.මේකට යන්න high way එකේ ගිහිල්ලා වැලිපැන්න exit එකෙන් එළියට දාලා බෙන්තොට පැත්තට ගියාම. හරියටම වැලිපැන්න exit එකේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර තියෙන්නේ මේ බංගලාවට.

Bentota 5 Bentota 11 Bentota 10 Bentota 9

මේක කාමර 4ක බංගලාවක්. සියලුම කාමර A/C, Hot water පහසුකම් වලින් යුක්තයි. මේ කාමර 4 King Size එකේ ඇඳක් ගානේ තියෙනවා. ඒ කියන්නේ පහසුවෙන් 12 දෙනෙක් 15 දෙනෙක් වගේ පිරිසකට මේ බංගලාවේ ඉන්න පුළුවන්. මේ බංගලාවේ තියෙනවා Swimming pool එකක්. ඒකේ ගැඹුරු නැති පැත්ත පුංචි අයටත් පාවිච්චි කරන්න පුළුවන් නිසා පවුලේ කට්ටිය එක්ක මෙතනට ගියත් අවුලක් නෑ. එක පැත්තක් වෙල් යායකට මුහුණ ලා හදලා තියෙන මේ බංගලාව පිහිටලා තියෙන්නේ කුරුළු සද්ද ඇහෙන හොඳට හුළං හමන ගහකොළ වලින් පිරිච්ච නිස්කලංක පරිසරයක.

Bentota 1 Bentota 4 Bentota 6

මේ බංගලාව වෙන් කරගන්නවා නම් එක දවසකට රාත්‍රියක් ඇතුළුව රුපියල් 20000/= ක් වෙනවා. කෑම වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ටික අරං ආවම මෙතන ඉන්න කෝකියෙකුට කියලා හදවා ගන්න පුළුවන්. ඒකට රුපියල් 2000/= ක වගේ cooking charge එකක් ගන්නවා තුන් වේලම උයලා දෙන්න. අක්කර එකහාමරක් විතර විශාල ඉඩමක මේ බංගලාව පිහිටලා තියෙන නිසා කට්ටිය එක්ක විනෝද වෙන්න අවශ්‍ය තරම් ඉඩකඩ ඕන තරම් තියෙනවා.

Bentota 7 Bentota 2 Bentota 3

අනික් පැත්තෙන් බැලුවම මේක Day Outඑකකටත් මරු. උදේ ඇවිල්ලා දවසක් ගත කරලා යන Day out Package එකක් මෙතන ක්‍රියාත්මකයි. ඒකට 10 දෙනෙකුට වැඩි Team එකක් ඉන්න ඕන. එක්කෙනෙකුට රුපියල් 2500/-යි. මේ Day out Package එකට Welcome Drink, Lunch, Evening snacks සහ Swimming pool එක වගේම Changing room එකකුත් ඇතුළත් වෙනවා. Drinks වලට Liquor අරං එන්න පුළුවන් ඒකට අමතර ගාස්තුවක් නෑ. Bites අවශ්‍ය දේවල් අරං ආවොත් 2000/= ක Cooking charge එකක් ගෙවලා හදාගන්න පුළුවන්. දවසකටම දාන්නේ කලින් Book කරන Team එක විතරක් නිසා එන කාගෙවත් නිදහසට බාධාවක් වෙන්නේ නෑ.

අවුරුද්දේ අන්තිමේ කට්ටියම එකතු වෙලා පුංචි ‍Fun එකක් ගන්න මෙතන නියම තැන. මේක වෙන් කරගන්නවා නම් කථා කරන්න 0773596161 න් awidimu.com අපිට. අපි ලෑස්තියි මෙතන ඔයාලා වෙනුවෙන් වෙන් කරලා දෙන්න.

@teamawidmu

 

 

 

#BENTOTA #Bentota #Bungalow

kdktec kdktec

No comments yet.

Leave a Reply