කලපුව අයිනේ සිහිලස විඳගන්න එන්න

Bundala Fe

බූන්දල අභය භූමිය කියන්නේ ශ්‍රී ලංකාවේ තවත් සුන්දර අභය භූමියක්. මේ බූන්දල අභය භූමිය සීමා වෙන්නේ එක් පැත්තකට විශාල කලපුවකින්. මේ විශාල කලපුව විශේෂ වෙන්නේ මේ කලපුව අද්දරට නිතරම වන අලි එන නිසා. එහෙම වන අලි බලන ගමන් සුන්දර කලපුවක් අද්දර නිවාඩුවක ගත කරන්න කැමති අයට නියම තැනක් තමයි මේ.

bundala (5) bundala (6) bundala (3)

මේ සුන්දර නවාතැන්පල බුන්දල කලපුව පේන මානයේ ඉදිකරපු දෙමහල් නවාතැනක්. මේක හදලා තියෙන්නේ හුඹස් මැටියෙන්. ඒ නිසා කලපු සිහිලසත් එක්ක මේ නවාතැන්පළේ ඇතුළේ සිහිලස ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේකේ උඩ තට්ටුව සහ යට තට්ටුවේ කාමර දෙකක් තියෙනවා. මේ කාමර දෙකේම 6 දෙනෙකුට ඉන්න පුළුවන්. මේ 6 දෙනාටම උදේ ආහාරවේලක් එක්ක නවාතැන් ගන්න ගාස්තුව 12500/= ක් වෙනවා. අමතර ආහාර වර්ග මෙතන තියෙන රෙස්ටුරන්ට් එකෙන් ගන්න පුළුවන්. තව BBQ එකක් ඕන නම් කලපු මාළු එක්ක BBQ එකක් දාගන්න පුළුවන් එක්කෙනෙකුට රුපියල් 1500/= ක් වගේ අයකිරීමක් තමයි එහෙම ගත්තොත් වෙන්නේ.

bundala (10) bundala (9) bundala (11) bundala (7)

කලපුවට වන අලි එන හැටි සමීපව දකින්න. කලපු සුළඟක සිහිලස විඳින්න, ඈතින් පේන කලපුව සහ මුහුද අතර දර්ශණය දකින්න මේක නියම තැනක්. මෙතන ඉඳලා බුන්දල ජාතික වනෝද්‍යානයට යනවා නම් දුර කිලොමීටර් 2යි. යාලට යනවා නම් කිලෝමීටර් 35යි. කතරගම යන්න කිලොමීටර් 37යි. ඒ සඳහා අවශ්‍ය සෆාරි ජීප් ලෑස්ති කරලා දෙන්නත් මෙයාලා ලෑස්තියි. හම්බන්තොට පහුකරලා කතරගම පැත්තට කිලොමීටර් 10ක් විතර යනකොට හමුවෙන පල්ලේමලල හන්දියෙන් මීටර් 200ක් විතර ඇතුළට වෙන්න තමයි මේ නවාතැන පිහිටලා තියෙන්නේ.

කොහොම වුනත් සුන්දර කපුවක් අද්දර නිවාඩුවක් ගත කරන්න කැමති අයට මේක නියම තැනක්. මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න 0759596161 කියන awidimu.com එකේ hotline එකට.

bundala (4) bundala (1) bundala (2) bundala (11)

BUNDALA , Bundala , #Katharagama , KATHARAGAMA

kdktec kdktec

No comments yet.

Leave a Reply