දෙනියාය කියන්නේ නිවාඩු පාඩුවේ ඉන්න හොඳම පැත්තක්. සීතල හොයාගෙන නුවරඑළියේ ගිහින් සීතලේ වෙවුල වෙවුල ඉන්නවට වඩා දෙනියාය වගේ සෞම්‍ය දේශගුණයක් තියෙන පැත්තකට ගිහින් බලන්න පුදුම සතුටක් නිදහසක් දැනෙයි. දෙනියායේ ගිහින් නිවාඩු පාඩුවේ ඉන්න තියෙන සුපිරි තැනක් ගැන තමයි මේ විස්තරේ.
කාමර 5 කින් යුතු මේ බංගලාව තියෙන්නේ දෙණියායේ නගරයේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර දුරින්. ඒ කියන්නේ දෙනියායේ ඉඳලා බෙවර්ලි පාරේ කන්දිල්පාන කියන පැත්තේ.ඉතා ලස්සන කඳු මුදුනක හදලා තියෙන මේ බංගලාව වට පිට ලස්සන නියමට පේන විදිහට හදලා තියෙන්නේ. Campden hills කියන මේ බංගලාවේ 15 දෙනෙකුට පහසුවෙන් නවාතැන් තියෙනවා.හැම කාමරයකටම ඩයලොග් රූපවාහිනී පහසුකම්, වයිෆයි පහසුකම්, උණු වතුර සහිත නාන කාමර සහ වායු සමීකරණ පහසුකම් තියෙනවා. එක ප්‍රධාන විශේෂ කාමරයක ජකුසි (jacuzzi) පහසුකම් වගේම තනියම තේ සහ කෝපි හදාගන්න පහසුකම් වගේම තුවා සහ ලිනන් ආදී හැම දෙයක්ම
හෝටලයෙන් සපයනවා.
මේ සුන්දර නවාතැන්පළ කට්ටියක් එක්ක ඇවිල්ලා විනෝද වෙන්න නිවාඩුවක් ගත කරන්න හරියටම ගැලපෙනවා. එහෙම එනවා නම් මුළු බංගලාවම දවසකට රුපියල් 25000/= ක් වගේ වෙන්නේ. උයන්න කෙනෙක් ඉන්නවා. අවශ්‍ය බඩු අරං ගිහිං කැමති දෙයක් හදවාගෙන කන්න පුළුවන්. එහෙම නැත්තං එතනින් ගන්න පුළුවන්. එතකොට රුපියල් 850 ක් වගේ වෙන්නේ එක කෑම වේලකට. ඒ වගේම Special honeymoon package එකක් තියෙනවා ඒක කෑම බීම එක්ක සුපිරි කාමරයක් රුපියල් 12000 කට ගන්න ගන්න පුලුවන්.
අවට වටපිටාවේ තියෙන් සත්මාලේ ඇල්ල, සිංහරාජය වගේ තැන්වල ඇවිදින්න යන්න අවශ්‍ය පහසුකම් මෙතනදි හදාගන්න පුළුවන්. රුපියල් 3000 කට වගේ ත්‍රී වීල් එකක් ගත්තම මුළු දවසක්ම හතර වටේ ලස්සන බලන්න ඇවිදින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙතන ඉඳලා උඩවලවේට මිනිත්තු 45න් යන්න පුළුවන්. කොළඹ ඉඳලා කිලෝමීටර් 200 ක් විතර දුර වුනත් ලංකාවේ ලස්සනම තැනක නිවාඩුව ගත කළා කියන සුන්දර මතකය ජීවිතේට එකතු කරගන්න අමතක කරන්න එපා.
මේ බංගලාව වෙන් කරගන්නවා නම් “ඇවිදිමු“ අපිට කථා කරන්න 0759596161 ට