ජාත්‍යන්තර රසට Sea food මෙන්න

COW fe

Sea food කිව්වම ඉතිං ගොඩාක් දෙනෙකුගේ කටට කෙළ උනන බව අපි දන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය එක එක තැන්වලින් අපි කන්නේ Sea food ම ද කියලා හිතෙනවා නියම Sea food රස දැනුනාම. අද අපි මේ කියන්න හදන්නේ නියම සුපිරි රසක් තියෙන Sea food කන්න පුළුවන් මරු තැනක් ගැන. මෙතන Sea food හැදෙන්නේ ලෝ ප්‍රකට රසවත් මුහුදු ආහාර හදන සාම්ප්‍රදායික ක්‍රමයක් වන Cajun කියන ජන වර්ගය Sea food හදන සාම්ප්‍රදායික රසයට. ඒ නිසා මෙතන ජාත්‍යන්තර රසයේ Sea food තියෙනවා කියලා කිව්වොත් හරි.

Cow 3

මේකේ නම Cajun on Wheels Sri Lanka නැත්තං C.O.W. තියෙන්නේ කොළඹ 7 බුලර්ස් පටුමඟේ. මේකේ තව රෙස්ටුරන්ට් එකක් තියෙනවා සිංගප්පූරුවේ. මීට අමතරව ළඟදි ඉන්දුනීසියාවේ තව එකක් විවෘත වෙනවා. මේ හැම එකකම තියෙන්නේ ජාත්‍යන්තර රසයක්. මේ නිසා තමයි මෙතනදි ජාත්‍යන්තර මට්ටමේ Sea food රස විඳින්න පුළුවන් කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ තියෙන C.O.W එක ටිකක් අමුතු විදිහට හදපු තැනක්. කන්ටේනර් පෙට්ටි පාවිච්චි කරලා හදපු මේ රෙස්ටුරන්ට් එක ආකර්ශණිය විදිහට සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන කෑම. පුදුම රසයක් තියෙන්නේ. ජාත්‍යන්තර රසයෙන් හදන නිසා ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, පොකිරිස්සෝ, මාළු මේ ඕනම මුහුදු ආහාරයක් එක එක විදිහට සකසලා මෙතන තියෙනවා. මුහුදු ආහාර ගොඩක එකතුවක් විදිහට ලොකු බකට් එකක් පිරෙන්න කෑම වර්ග ගන්න පුළුවන් රුපියල් 2000/- ඉඳලා.

Cow 6 Cow 5

උණු උණු රස වෑහෙන මුහුදු ආහාර බාල්දි පිටින් ගෙනල්ලා මේසෙට හලන, එහෙම හලාගෙන කන හරි අපූරු සම්ප්‍රදායක් මෙතන තියෙන්නේ. යන කට්ටියේ හැටියට ගැලපෙන තරම් ප්‍රමාණයක් Sea food ගන්න මෙතන තියෙනවා එක එක ගණන් වලට. මෙතනින් ගිහින් එයාලගේ Menu එක බලන්න.

Cow 4 Cow 1

විවේක වෙලාවක, හවස් වරුවක ගිහින් බලන්න. දවල් 11 ට එතන අරින්නේ.යාළුවෝ එක්ක , ගෙදර අය එක්ක ටිකක් වෙනස් විදිහේ කෑම වේලක් ගන්න මෙතන නියමයි.ගිහිං බලන්න. බලලා Comment එකක් දාන්න.

@Teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply