හවසට විවේකයට යන්න Crow Island

Crow 4

ලංකාවේ වටේටම මහ මුහුද තිබුනත් ගොඩාක් දෙනෙක් මුහුද දකින්න ආසයි. රැල්ල පාගන්න ආසයි. කොහොම වුනත් ඉර බහින වෙලාවක බස්නාහිර මුහුදේ තියෙන්නේ අමුතුම ලස්සනක්. ඒ ලස්සන විඳින්න මෙච්චර කල් අපි ගියේ එක්කෝ ගෝල්ෆේස්, නැත්තං ගල්කිස්ස , දෙහිවල හෝ වැල්ලවත්ත තැන්වලට. එහෙම ගියත් එත්න තියෙන නාගරික තදබදය නිසා නිදහසේ විවේකය විඳින්න පුළුවන්ද කියන ප්‍රශ්නය එනවා.

ඒ හැමදේටම හරියන කොළඹට කිට්ටුවෙන්ම නිදහසේ මුහුදු වෙරළක අසිරිය විඳින්න තියෙන තැනක් තමයි Crow Island Beach Park එක. මේක තියෙන්නේ කොළඹ මෝදර ප්‍රදේශයේ. මුහුදු වෙරල උද්‍යානයක් කිව්වම මුහුදු වෙරළකට වැඩිය එහා ගිය බොහෝ දේවල් මෙතන තියෙනවා. පොඩි ළමයින්ට ක්‍රීඩා කරන්න ආරක්ෂිත Play area එකක් තියෙනවා. මේ වෙරල උද්‍යානය දෙපැත්තේම අඩි ගාණක් ඉහළින් නැරඹුම් කුටි දෙකක් හදලා තියෙනවා. ඒවට නැගලා ඈතමුහුදේ සුන්දරත්වය බලන එක ගොඩාක්දෙනෙක් කරන වැඩක්. මෙතනට හොඳට කොළඹ වරාය පේනවා.වරායට නැව් එන හැටි, නවත්වන හැටි, වරායෙන් නැව් එළියට යන හැටි මේ හැම දෙයක්ම බලාගන්න තියෙන හොඳම තැන තමයි Crow Island Beach Park එක.

Crow 8 Crow 6 Crow 1 Crow 11

මේ එක එක ආහාර වර්ග අලෙවි කරන කුටි හරි පිළිවෙලට ඉදි කරලා තියෙන නිසා ආහාර පාන මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම වෙරල දිහා ඉඳගෙන බලා ඉන්න කැමති අයට අවශ්‍ය ආසන පහසුකම් මෙතන තියෙනවා. මුහුද ළඟටම ගිහිල්ලා බලන්න ඕන නම් ඒකට වෙනම තැනක් හදලා තියෙනවා. මේ සියලු පහසුකම් වගේම වාහන නවත්වන්නත් ඇති තරම් පහසුකම් මේ වෙරල උද්‍යානයේ තියෙනවා.

Crow 10 Crow 3 Crow 2 Crow 7

හෙක්ටයාර 7.8ක භූමියක් පුරා පැතිරිලා තියෙන මේ වෙරළ උද්‍යානය දකුණු ආසියාවේ විශාලතම වෙරළ උද්‍යානය කියලා තමයි හඳුන්වන්නේ. මේක ආණ්ඩුවෙන් කරන්නේ. යාළුවෝ පවුලේ අය එක්ක හවසක ගිහිං විනෝද වෙන්න නියම තැන මෙතන. හැබැයි මෙතන ගිහිල්ලා නාන්න යන්න එපා මොකද දිය නෑම අනතුරුදායකයි කියලා බෝඩ් ගහලා තියෙනවා.  මෙතනින් මේකට යන හරි පාර හොයාගන්න.
Crow 9

kdktec kdktec

No comments yet.

Leave a Reply