ශ්‍රී දළදා මාළිගාව ලොව ප්‍රථම හරිත පුදබිම බවට පත්වෙයි

ශ්‍රී දළදා මාළිගාව ලොව ප්‍රථම හරිත පුදබිම ලෙස නම් කරයි. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය සඳහන් කළේ මේ අනුව මින් ඉදිරියට දළදා මාළිගා පරිශ්‍රය පොලිතින් සහ ප්ලාස්ටික් රහිත කලාපයක් වන බවයි.
ශ්‍රී දළදා මාළිගය ලොව ප්‍රථම හරිත පුදබිම බවට පත්කිරීමට සමගාමීව ජාතික වැඩසටහනක් ද ක්‍රියාත්මක අතර ඒ යටතේ ප්රතිචක්රීයකරණය කළ හැකි බඳුන් දළදා මාලිගා පරිශ්‍රය තුළට මල් රැගන ඒම සඳහා යොදාගැනීම, දළදා මාළිග පරිශ්‍රය තුල අපද්‍රව්‍ය දැමීම සඳහා පරිසර හිතකාමී බඳුන් තැබීම, සහ මල් සහ ආහාර අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම ආදී වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
ශ්‍රී දළදා මාළිගාව කරා එන බැතිමතුන් වෙත ක්‍රමවත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සහ පාරිසරික පවිත්‍රතාව විධිමත් කිරීමට මේ යටතේ අපේක්ෂා කරන බව අමාත්‍යංහය පෙන්වා දෙයි.