දඹුලු ඔය අද්දර සුන්දර නිවාඩුවකට තැනක්

දඹුල්ල කියන්නේ සංචාරක කේන්ද්‍රස්ථානයක්. මොකද අනුරාධපුර, පොළාන්නරුව, මහනුවර, මාතලේ , යාපනය, ත්‍රිකුණාමලය වගේ බොහෝ සංචාරක ස්ථාන වලට දඹුල්ලේ ඉඳළා යන්න ලේසියි. මේ නිසා දඹුල්ල විශේෂයි.
දඹුල්ල කිව්වම සංචාරක නවාතැන්පොළවල් ඕන තරම් තියෙනවා. හැබැයි දඹුල්ල වගේ පැත්තකට ගිහිල්ලා අපි හොයන නිදහස උපරිමව විඳින්න තියෙන තැන් ඉතා සීමිතයි. Lay By River ඒ අතර සුවිශේෂි එකක්. මොකද මේ නිවාඩු නිවාඩු නිකේතනය තියෙන්නේ සුන්දර දඹුලු ඔය අද්දර. ඒ කියන්නේ Lay By River එකේ එක මායිමක් දඹුලු ඔයට සීමා වෙන්නේ. මෙතන ඇත්තටම නිදහසේ ගතකරන්න නියම තැනක්. මොකද අක්කරයක විතර විශාල ඉඩමක පිහිටලා තියෙන නිසා අර නාගරික තදබදයෙන් මිදිලා නිස්කලංකව නිවාඩුව ගත කරන්න මෙතන මරු තැනක්.

Lay By River එකට යන්න තියෙන්නේ දඹුල්ලේ ඉදලා මහනුවර පාරේ යනකොට දඹුලු ඔය පාලම පසු වනවාත් එක්කම දකුණු පැත්තේ කීරගොල්ල ගොවිපොල පාරේ ගිහිං. කාමර තුනක් ,සාලයක්,එලි මහන් ආලින්දයක් සහ කුස්සියක් සහිත මේ නිවාඩු නිකේතනයේ එක් කාමරයක් AC කරලා තියෙන්නේ. මෙතන සාමාන්‍යෙයන් 08 – 10 කුට විතර නවාතැන් ගන්න පුළුවන්. එහෙම නවාතැන් ගන්නවා නම් ගාණ රු 10,000 ක් වෙනවා. කෑම බීම ගැන කිව්වොත් අවශ්‍ය පරිදි කථා කරගන්න පුළුවන්. අවශ්‍ය දේවල් ගෙනල්ලා දුන්නොත් කියලා හදවා ගන්නත් පුළුවන්.

දඹුලු ඔයේ නිදහසේ නාලා , ජල ක්‍රීඩා කරන්න ඕන තරම් අවස්ථාව මෙතනදි තියෙනවා. මොකද මේ නිවාඩු නිකේතනය තියෙන තැනට බාහිර අය නාන්න එනේනේ නෑ. මේ නිසා හිතේ හැටියට නිදහසේ නාලා නිවාඩුව ගත කරන්න පුළුවන් මෙතනදි.
රන්ගිරි දඹුලු රජ මහා විහාරය, දඹුලු ගල , සීගිරිය , පිදුරංගල , කන්ඩලම වැව , නාලන්දා ගෙඩි ගේ , දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, , හබරණ අලි නරඹන ස්ථානය වගේ තැන් වලට පහසුවෙන් යන්න පුළුවන් නිසා ඊලඟ සංචාරයට මෙතන හොඳ නවාතැන් පළක්.
ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්න ඕන නම් කථා කරන්න 773673785 ට හරි එහෙම නැත්තං 0718 097 635 ට