කඳු මුදුනේ නිදහස් නවාතැනක්

pic Daynish (7)

සීතල පළාතක නිවාඩුව ගත කරන්න තමයි ගොඩාක් දෙනෙක් කැමති. පළාත සීතල වුනාට විතරක් මදි. කඳුකර පැත්තක නම් නිවාඩුව ගත කරන තැන හොඳ View එකක් තියෙන්න ඕන. මේ තමයි සාමාන්‍යෙයන් විවේකය නිවාඩුව කඳුකර පැත්තක ගත කරන්න යන අයගේ අවශ්‍යතා.මේ සියලු අවශ්‍යතා වලට නියමෙට ගැලපෙන තැනක් ගැන තමයි මේ තියන්නේ. මේක ඇත්තටම කඳු මුදුනේ හදපු බංගලාවක්.මේක තියෙන්නේ හැටන් රුවන්පුර ප්‍රදේශයේ. හැටන් කිව්වට මෙතතන ශීතල නුවරඑළියේ දේශගුණයට සමාන දේශගුණයක් තියෙන්නේ. ඒ සීතල එහෙමමයි. ශ්‍රී පාදස්ථානය දිහා බලාගෙන නිවාඩුවක් ගතකරන්න කියාපු තැන මෙතන. ඒ වගේම මෙතනට සප්ත කන්‍යා කඳුවැටිය ලස්සනට පේනවා. ඒත් එක්කම මේ බංගලාවේ ඉන්න කොට හවසට ඉර බහින පැත්තේ අමුතු චමත්කාරයක්.

pic Daynish (9) pic Daynish (10)

මේ බංගලාවට ඕනම වාහනයකින් පහසුවෙන් යන්න පුළුවන් වීම තවත් විශේෂත්වයක්. ඒ වගේම වාහන විශාල ප්‍රමාණයක් නවත්වන්න පහසුකම් මෙතන තියෙනවා. මේ සුන්දර බංගලාවේ තුන්වේලටම කෑම බීම ඔක්කොම එක්ක එක්කෙනෙකුට රුපියල් 5000/- ක් වෙනවා. මෙතන බංගලා දෙකකුයි කබානා දෙකකුයි තියෙන නිසා තමන්ගේ කණ්ඩායමට ගැලපෙන විදිහට නවාතැන් පහසුකම් සකසා ගන්න පුළුවන්.

මෙතන ගොඩාක් කාමර වල ඉඳලා බැලුවම ශ්‍රී පාදස්ථානය හොඳින් දැකබලා ගන්න පුළුවන් වීම විශේෂත්වයක්. ඒ වගේම ආබාධිත කෙනෙකුට හරි වයසක කෙනෙකුට හරි රෝද පුටුවකින් හැම කාමරයකටම යන්න පුළුවන් විදිහට මේ නවාතැන්පල නිර්මාණය කරලා තිබීමත් තව විශේෂත්වයක් වෙනවා. අනික මේ කාමර හැම එකකම Dialog TV, Hot water වගේ සියලුම පහසුකම් තියෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ.

කණ්ඩායමක් විදිහට යනවා නම් බංගලා දෙක සහ කබානා දෙක වෙන වෙනම ගන්නත් පුළුවන්

pic Daynish (4) pic Daynish (3)

කාමර 4ක් තියෙන බංගලාවේ එක පාර 12ත් 15ත් අතර පිරිසකට ඉන්න පුළුවන්. ඒක අර මුලින් කිව්ව එක්කෙනෙකුට 5000/= පැකේජ් එක නැතුව ඒ මුළු බංගලාවම වෙන් කරගන්නවා නම් රුපියල් 35000/- වෙනවා. මේ ගාණට උයලා දෙන්න කෝකියෙක්, රියදුරු නවාතැන් සහ BBQ එකක් ඇතුළත්. එහෙම ගන්නවා නම් උයන්න අවශ්‍ය දේවල් එන අයට අරං එන්න වෙනවා. මේ බංගලාවේ හතරදෙනා ගානේ ඉන්න පුළුවන් කාමර දෙකක්, තුන්දෙනා ඉන්න පුළුවන් එක කාමරයක්, සහ දෙන්නෙක් ඉන්න පුළුවන් කාමරයක් ඇතුළත් වෙනවා. මේ බංගලාවේ බාබකියු එකක් දාගන්න වෙනම තැනක් තියෙනවා. එතනට අවශ්‍ය Music වගේ දෙයක් Play කරගන්න අවශ්‍ය විදුලි පහසුකම් මෙතන තියෙනවා.

අනික් විශාල බංගලාවේ 30 දෙනෙකුට නවතින්න පුළුවන්.ඒකේ ගාණ 65000/- ක් වෙනවා අර විදිහට යන අය අවශ්‍ය දේවල් අරං ගිහින් කෑම හදවාගෙන ඉන්නවා නම්. ඒ බංගලාවේ තට්ටු තුනක් තියෙනවා.

අනික් කබානා දෙක ගත්තොත් එක කබානා එකක් එක කාමරයක් තියෙනවා ඒකේ 3 දෙනෙකුට ඉන්න පුළුවන්. ඒක දෙන්නෙකුට ගන්නවා නම් රුපියල් 6000ක් වෙනවා.3 දෙනෙක් ඉන්නවා නම් රුපියල් 8000 ක් වෙනවා. අනික් කබානා එක ඩබල් කබානා එකක් කාමර දෙකයි 6 දෙනෙකුට ඉන්න පුළුවන්. එක කාමරයක් රුපියල් 8000ක් වෙනවා කෑම නැතුව ගන්නවා නම්. මේකේ ඉන්න අයට පවුල් දෙකක් වගේ ආවම එක පොදු බැල්කනි එකක් තියෙනවා.

pic Daynish (13) pic Daynish (11)

ඊළඟට තියෙන්න Roof top එක. ඒකේ කාමර දෙකක් තියෙනවා එතන ඉන්න පුළුවන් 6 දෙනෙකුට. වාහනයත් එතනටම ගන්න පුළුවන්. ඒ න්සා Privacy එක ගැන වැඩිපුර හිතන අයට එතන නියමයි.

මෙතන කෑම ගන්න වෙනමම Restaurant එකකුත් තියෙනවා. ඒ නිසා කෑම ගැන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

මේ නවාතැන්පොළ අවට වගාවක් තියෙනවා. ගොඩාක් වෙලාවට ආහාර සකස් කරන්නේ ඒ වත්තේ එළවළු වලින් . මේ නිසා නැවුම් එළවළු සහ පළතුරු භුක්ති විඳීමේ අවස්ථාවත් මෙතනදී ලැබෙනවා. කැරම් බෝඩ්, දාම් බෝඩ් සහ බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමේ පහසුකම් තියෙන නිසා ක්‍රියාකාරකම් වලින් අඩුවක් නෑ.

මෙතන ඉඳලා ශ්‍රී පාදස්ථානයට, නුවර එළියට සහ කිතුල්ගලට කිලෝමීටර් 37 ක් වගේ තියෙන්නේ. මේ නිසා ඒ ඕනම තැනක සංචාරය කරනවා නම් විශ්වසනීයත්වය සමඟ නවතින්න පුළුවන් නියම තැනක් තමයි මේ බංගලාව. ඊළග නිවාඩුවට මේ බංගලාව වෙන් කරගන්නවා නම් කථා කරන්න 0773596161 අංකයෙන් awidimu.com එකට. අපි ලෑස්තියි මේ හැටන් රාවණාපුර බංගලාව ඔයාලාට වෙන් කරලා දෙන්න.

kdktec kdktec

No comments yet.

Leave a Reply