යකාගේ පඩිපෙළ මෙන්න

Devils stairs (12)

කළුපහන සිට බඹරකන්ද දිය ඇල්ල පසුකරගෙන යකාගෙ පඩිපෙළ ලෙස හඳුන්වන මාර්ගය හරහා ඔහිය දක්වා සංචාරය ඉතාමත්ම සිත්ගන්නා සුළු එකක්. මෙය ඉතා අසීරු ගමනක් වුනත් කිසිදා අමතක නොවන ගමනක් වනු නොඅනුමානයි. ඔබ සොබාදහමට ඇලුම් කරන්නෙකු නම් මෙය ජීවිතයේ එක් වරක් හෝ යායුතු ගමනක්.

මේ ගමනේ ආරම්භය වන්නේ කොළඹ-බදුල්ල මාර්ගයේ කළුපහන ප්‍රදේශයෙන්. එතැන් සිට ඔහිය දක්වා මුළු දුර කි.මී 23ක්. නමුත් ගමන අතරමගදී හමුවන දුෂ්කර කෙටි මාර්ගයක පැමිණීමෙන් මුලු දුර කි.මී 14ක් දකවා අඩුකරගත හැකියි.

Devils stairs (13) Devils stairs (9) Devils stairs (7)
මේ ගමන වාහනයකින් මෙන්ම පයින්ද යා හැකියි. වාහනයකින් යන්නේ නම් අනිවාර්යයෙන්ම 4WD වාහනයක් තිබිය යුතුමයි. නැතහොත් ට්‍රේල් වර්ගයේ මෝටර් බයිසිකල් මෙම ගමනට සුදුසුයි. අති දුශ්කර මාර්ගය විශාල බෑවුම් සහිතයි. ඒ නිසා හොඳ රියදුරෙක්ද සිටීමත් අවශ්‍යයි.මේ මාර්ගයේ ඇති අනතුරුදායක ස්වභාවය නිසාම, මෙය යකාගෙ පඩිපෙල ලෙස හඳුන්වන්නට ඇති බව කිව හැකියි. වාහනයකින් ගමන්කරන්නේ නම් ඇතිවන තවත් ගැටලුවක් තමයි විරුද්ධ දිශාවෙන් වාහනයක් පැමිණියහොත් ඉඩ ලබා දීමට නොහැකි වීම. මේ මාර්ගයේ වාහන දෙකකට මාරුවිය හැකි තැන් ඇත්තේ ස්වල්පයයි. පයින් ඇවිදීමෙන් ගමනෙහි දුෂ්කර රසය සහ මනස්කාන්ක දර්ශන සිත්සේ විඳගත හැකි වුවත්, ගමනේ අවසානය තරමක් වෙහෙසකාරී විය හැකියි. ඒ කිසා මේ ගමනට වඩාත්ම සුදුසු වන්නේ ට්‍රේල් වර්ගයේ මෝටර් සයිකල් වලින් යෑමයි.

Devils stairs (17) Devils stairs (10) Devils stairs (19)

ගමන ආරම්භයේදීම අපට හමුවන, මේ ගමනේ ආකර්ෂණීයම ස්ථානය තමයි ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දිය ඇල්ල. බඹරකන්ද දිය ඇල්ල පසුකිරීමෙන් පසු තිබෙන්නේ කොන්ක්‍රීට් ඇතිරූ පාරක්. නමුත් මාර්ගයේ මේ කොටස ඉතා කෙටියි. ඉන්පසු හමුවන්නේ කළුගල් කැට පමණක් අතුරා ඇති ලිස්සන සුළු මාර්ගයක්. මේ කොටස පසුකිරීමෙන් පසු ඔබ පිවිසෙන්නේ ස්වභාවිකව පිහිටා ඇති වේදිකාවකට. එහි සිට බැලූ විට පෙනෙන දර්ශණය විස්තර කරන්නත් බැරි තරම් ආකර්ශණීයයි. එතැනින් පසු තමයි මාර්ගයේ අසීරු තැන් පටන් ගන්නේ. මෙතැන් සිට ඇති ගුරුපාරේ වාහනයකින් තබා පයින් යෑමත් ලෙහෙසි නෑ.

තවත් දුරක් ගමන් කිරීමෙන් පසු ඔබට වතු නිවාස දැකගන්න පුළුවන්. මේවායේ ජීවත්වෙන්නෙ දුගී වතු කම්කරුවන්. වතු නිවාස සහ කෝවිල පසු කර ගිය විට මාර්ගයේ අවසාන අදියරට ලංවෙනවා. මේ ගමනේදී අපට විවිධ අතුරු මාර්ග හමුවෙනවා. නිවැරදි මාර්ගය කුමක්දැයි සඳහන් කර නැති නිසා පාර වැරදෙන්න පුළුවන් හැකියාව වැඩියි. වැඩි පුර වාහන ගොස් ඇති මාර්ගය තෝරා ගැනීමෙන් පාර වැරදෙන්න පුලුවන් හැකියාව අඩුකරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් මගපෙන්වන්නෙකුගේ සහය ලබාගන්න පුළුවන්. මේ වතුයායන්හි ජීවත් වන අය ඉතා අහිංසක සරල මිනිස්සු. ඔවුන් අවශ්‍ය ඕනෑම විටකදි උපකාර කරාවි.

Devils stairs (11) Devils stairs (18) Devils stairs (14) Devils stairs (2)

ඔබ වාහනයකින් ගමන් කරන්නේ නම් අනිවාර්යයෙන්ම උස රෝද සහිත 4WD ජීප් රථයක් හෝ එවැනි පහසුකම් සහිත වාහනයක් පාවිච්චි කරන්න. එසේම ප්‍රමාණවත් තරම් ඉන්ධන රැගෙන යාමත් වැදගත්. පයින් ගමන් කරන්නේ නම් ප්‍රමාණවත් වතුර සහ ආහාර රැගෙන යන්න. එසේම ගමනේදී වැසිකිළි පහසුකම් නැහැ.

මේ ගමනේදී ඉතා සංචාරකයෙකු ලෙස ඉතා වගකීමෙන් කටයුතු කරන්න. ප්ලාස්ටික් හෝ වෙනත් දිරානොයන දේවල් දැමීමෙන් මේ නොකිළිටි බිම කරන්න එපා.

ඡායාරූප සහ සටහන – ජනක බොරලැස්ස

——————————-

The track from Kalupahana to Ohiya/Horton Plains through the Devils Staircase is one of the most picturesque routes in Sri Lanka. This trail is extremely challenging but a you can experience stunning and amazing views and this will be one of the best experiences in your life. Sceneries along the trial are breathtaking.
.
The full trial is around 23kms but you can take a challenging short cut which makes the total distance of the journey 14kms and this is the shortest route from Belihuloya to Ohiya . This trail starts from Kalupahana, goes over old dilapidated estate roads through many estates and trail ends on the Ohiya.

Devils stairs (1)
.
You can travel either by foot or vehicle. If you choose to walk, this will be a great hike as you can enjoy and capture all sceneries including blue mountains in a distance, small water streams and breathtaking views of the Southern plains of Sri Lanka. The road conditions are worse and you will essentially need a 4WD vehicle or a trail bike. The road is very narrow and you will find problems in case a vehicle comes from the opposite direction. Possibly the devil’s staircase may have earned its frightening name due to these craggy twists and turns. Please be extremely careful while driving/ riding as roads are tremendously adventurous.
.Devils stairs (15)
The first and main attraction of this journey is the Bambakanda falls, the highest waterfall in Sri Lanka. After passing the fall, you will enter a road with a granite sett. The upper part of this segment is slippery as the road is surfaced only by granite pieces. Once you pass this segment, you will enter a natural observation platform where you can get a spectacular view of the southern side of central hills. From there onwards, the journey will be very difficult. You will pass several state workers’ settlements and reach the upper part of the route.
.

Devils stairs (3)
There are no markers along the route and it has number of junctions which could easily divert you from the right path. Chances of taking the wrong direction can be avoided by accompanying a trekker, in case you’re attempting the journey for the time. If you choose to travel on foot, make sure you have sufficient water and food. In case you take a vehicle, have sufficient amount of fuel and the condition of the vehicle must be very good and should have ground clearance for off road driving.
This will be one of the best experiences in your life. No more words to describe the beauty. Mind blowing I must say. Villagers in these settlements are estate workers. They are very humble, innocent and helpful. Greet them when passing.
.
Please don’t put any plastic waste or anything which could harm the beauty of it. This is a nice area to explore and you can get plenty of fresh breath. Please travel with care, comply with environmental conventions and do not remove any plants or animal products from nature. Leave only foot prints.
.

By Janaka Boralassa

kdktec kdktec

No comments yet.

Leave a Reply