බත්තරමුල්ලට දුම්රිය නැවතුම් පළක් – දියත ස්ටේෂන්

Diyatha 8

කොළඹට කිට්ටුව තියෙන විවේකයට කවුරුත් යන තැනක් තමයි බත්තරමුල්ලේ තියෙන දියත උද්‍යානය.ඇවිදින්න, වාඩිවෙලා ඉන්න, කන්න බොන්න වගේම විනෝද වෙන්න අවස්ථා රැසක් දියත උද්‍යානයේ තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ විදිහට කවුරුත් දන්න දියත උද්‍යානය ආශ්‍රිතව අළුතින් ඉදිවුන තැනක් තමයි දියත ස්ටේෂන් කියන්නේ. දියත උයනේ ඉඳලා බැලුවම දියවන්නාවේ එහා ඉවුරේ තමයි මේ දියත ස්ටේෂන් එක තියෙන්නේ.

Diyatha 6 Diyatha 5 Diyatha 2

මේක හරි අමුතු සංකල්පයක්. කෝච්චියක් දුම්රිය නැවතුමක නවත්තලා තියෙන ආකාරයට හදපු අපූරු අවන්හලක් තමයි දියත ස්ටේෂන් කියන්නේ. සාමාන්‍ය දුම්රිය ස්ථානයක විදිහටම හදලා තියෙන මෙතන දුම්රිය මැදිරි සහ දුම්රිය ඇන්ජිමක ආකෘතියක් සකස් කරලා තියෙනවා. මේක හරියට පේන්නේ ස්ටේෂන් එකක කෝච්චියක් නවත්තලා තියෙනවා වගේ. මේ ස්ටේෂන් එකේ අනිත් සාමාන්‍ය ස්ටේෂන් වල විදිහටම සුදු ඇඳගත්ත ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ඉන්නවා. අනිත් දුම්රිය ස්ථානවල වගේම බංකු සකස් කරලා තියෙන දියත ස්ටේෂන් එකේ දුම්රිය පෙට්ටි 3ක අවන්හල් තියෙනවා. එකක් බීම වර්ග, අයිස්ක්‍රීම් වර්ග සඳහා වෙන්වෙනවා. අනික සැන්ඩ්විචස් , බර්ගර් වගේ බේකරි කෑම අලෙවි කරන අතර කොත්තු රොටී, පරාටා, බිත්තර රොටී අලෙවි කරන රොටී අලෙවි කුටියක් වෙනමම තියෙනවා.

Diyatha 9 Diyatha 11 Diyatha 10 Diyatha 4

ඒ අලෙවි කුටි වලින් කෑම ඇණවුම් කරලා දුම්රිය මැදිරි තුළම හදලා තියෙන භෝජනාගාර වලදී කෑම කන්න පුළුවන්. එහෙම නැත්තං ස්ටේෂන් එකේ බංකුවල ඉදලා කෑම කන්න පුළුවන්. කෑම වර්ග වල මිළ ගණන් සාමාන්‍ය කඩේකට වැඩි වැඩි වුනත් ඒක ඉහළ සුපිරි ගාණක් නෙවයි. හැමෝම යන දියත උද්‍යානයේ වෙනමම තැනකට වෙලා නිදහසේ කෑම ටිකක් කන්න. කථා කර කර ඉන්න හිතන අයට මෙතන නියමයි.

මේ දියත ස්ටේෂන් එකට යන්න තියෙන්නේ පාරුවකින්. ඒකත් අළුත් අත්දැකීමක්. ඉතාම ආරක්ෂිත විදිහට හදලා තියෙන මේ පාරුවෙන් යන්න සහ එන්න රුපියල් 50/- ක් ගාස්තුවක් ගන්නවා වැඩිහිටි කෙනෙක් ගෙන්.ඒ දෙන ටිකට් එක යන්නයි එන්නයි වලංගුයි.

Diyatha 1 Diyatha 12 Diyatha 7 Diyatha 3

කොහොම වුනත් හැමදාම යන දියත උද්‍යානයේ අළුත් අත්දැකීමක් විඳින්න නම් මේ දියත ස්ටේෂන් එක මරු තැනක්. මේක පවත්වාගෙන යන්නේ වෝටර්ස් ඒජ් හෝටලයෙන් නිසා කන්න තියෙන කෑම වල රසය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. විවේක තියෙන වෙලාවක ගිහිල්ලා බලන්න මේක වෙනස්ම අත් දැකීමක් වෙයි.

kdktec kdktec

No comments yet.

Leave a Reply