මහ රැජිණට ලංකාවෙන් දුන්න විශාලතම උපන් දින තෑග්ග

feture 1

Light House එකක් කියන්නේ නැව් වලට මඟ පෙන්වන තැනක් කියලා අපි හැමෝම වගේ අහලා තියෙනවා. ඒත් අග්නිදිග ආසියාවේ උසම සහ ලස්සනම ප්‍රදීපාගාරය ගැන දන්නවාද?. ඒක තියෙන්නේ අපේ රටේ.

මේ ප්‍රදීපාගාරය කාලයක් වහලා තිබිලා ආයේ පහුගිය දවස්වල ඉඳලා මහජානතාව වෙනුවෙන් විවෘත කෙරුණා. දැන් ඔබ දන්නවා මේ ප්‍රදීපාගාරය මොකක්ද කියලා. ඒ තමයි දෙවුන්දර Light House එක. මේකට යන්න තිබුන ප්‍රවේශ මාර්ගවල ප්‍රශ්නයක් නිසා පහුගිය කාලේ මේක මහජනයා සඳහා විවෘත වුනේ නෑ. හැබැයි දැන් ඒ සියල්ල සමතයකට පත්කරගෙන ඔන්න ආපහු මේ සුන්දර ප්‍රදීපාගාරය බලන්න යන්න පුළුවන්. හැබැයි ඒත් දැන්ම මේකේ උඩටම නගින්න වරාය අධිකාරිය විසින් කාටවත් අවසර දෙන්නේ නෑ. මොකද තවමත් ප්‍රදීපාගාරයේ ඉහළ කොටසේ ආරක්ෂක වැට විධිමත්ව සකස් කරලා නැති නිසා.

කෙහෙම වුනත් යම් මට්ටමකට හරි දෙවුන්දර ප්‍රදීපාගාරය බලන්න පුළුවන් නිසා ඒ ගැන විස්තර දැන ගන්න එක හොඳයි.

devinuwara 6

ශ්‍රී ලංකාවේ අවසාන කෙලවර වෙන්නේ දෙවිනුවර තුඩුව. එය එක් අතකින් ලංකාවේ පමණක් නොව ආසියාවේම දකුණු කෙලවර විදිහට හදුන්වන්න පුළුවන් මොකද දක්ෂිණ ධ්‍රැවයට යනකල් ආපහු ගොඩබිමක් හමුවෙන්නේ නැති නිසා.
ලෝක සිතියමේ මෙම වැදගත් පිහිටීම නිසා වෙන්න පුළුවන් බ්‍රිතාන්‍ය පාලකයෝ මෙතන මේ ප්‍රදීපාගරය හදන්න ඇත්තේ. දෙවිනුවර ප්‍රදීපාගාරයක් තැනීමේ අදහස ක්‍රියාවට නංවා ඇත්තේ එවකට (1883 – 1890) ලංකාආණ්ඩුකාර ධුරය දැරූ සර් ආතර් හැමිල්ටන් ගෝඩන් මහතා විසින්. සර් හැමිල්ටන් ගෝඩන් සිය රාජ්‍ය නායිකාව ( වික්ටෝරියා රැජිණ) ගේ රාජ්‍ය පාලනයේ දියමන්ති ජුබිලිය යෙදුණ ක්‍රි.ව. 1887 දී දෙවිනුවර තුඩුවෙහි මෙම යෝධ ස්මාරකය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එහි සැලසුම සදහා ඔහු තොරා ගෙන ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ වාස්තු විද්‍යාඥයෙකු ලෙස නමක් දිනගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ය. ඒ ජේම්ස් නිකොළස් ඩග්ලස් ය. ඔහුගේ සැලසුමට අනුව මෙය ඉදිකර ඇත්තේ විලියම් ඩග්ලස් නමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයාගේ මහපෙන්වීම හා උපදෙස් මතය.

devinuwara 1 devinuwara 2

දෙවිනුවර ප්‍රදීපාගාරයේ උස මීටර් 49 (අඩි 161) ක් වෙනවා. තට්ටු හත (07) කින් සමන් විත මේ ප්‍රදීපාගාරය පියන් දෙකේ ජනෙල් 14 කින් හා පඩි 196 කින් යුක්තය. ඉදිකිරීම් කටයුතු සඳහා (එකල වටිනාකමට අනුව) පවුම් 30 000 ක වියදමක් දරා ඇති මෙම ප්‍රදීපාගාරයට ගඩොල් යකඩ ඇතුලුව සියලු ඉදිකිරීම් ද්‍රව්‍ය ගෙනල්ලා තියෙන්නේ එංගලන්තයේ , ස්කොට්ලන්තයෙන් හා ක්‍රවුන් හෝල් යන ප්‍රදේශයන් වලින්. ඔප මට්ටම් කරන ලද (විශේෂිත) ගලින් ඉදි කර ඇති මෙහි මුල් වටය අඩි 170 කි. අටපට්ටම් හැඩයට ගොඩනගා ඇති අතර ඉහළට යන විට අනුක්‍රමයෙන් කුඩාවන පරිදි මේ ප්‍රදීපාගාරය නිර්මාණය කරලා තියෙනවා.

devinuwara 4 devinuwara 3

ඉදි කිරීම් ආරම්භ වූ (1887) සිට වසර දෙකකින් කටයුතු නිමකර වික්ටෝරියා මහ රැජිණියගෙ 1887 දී යෙදුන ජන්ම දිනය දා මෙම මහා පහන් කුළුණෙන් ප්‍රථම ආලෝක ධාරාව නිකුත් කර විවෘත කරලා තියෙන්නේ මහ රැජිණට උපන් දින තෑග්ගක් විදිහට.

කුලුනු මුදුනේ ස්ථානගත කර ඇති ආලෝක ධාරා මගින් මහා සාගරයේ ගමන් ගන්නා නෞකාවන්ට මෙන්ම ධීවර කර්මානතයේ නියැලෙන ධීරවරයින්ට (රාත්‍රී කාලයෙහි) ගොඩබිම ඉලක්ක ගත කර ගැනීම සඳහා ඉමහත් සේවාවක් සිදු කරන අතර මින් නිකුත් වන ආලෝක ධාරා මුහුදු සැතපුම් 28 ක දුරට විහිදෙනවා.

devinuwara 5

ආසියාවේ උසම සහ ලස්සනම ප්‍රදීපාගාරය තවම බලන්න ගියේ නැත්තං යන්න. හැබැයි දැන්ම උඩට නගින්න අවසර ඉල්ලන්න එපා.

#awidimuteam

kdktec kdktec

No comments yet.

Leave a Reply