ඇල්ලේ තියෙන ලෝකෙන්ම ලස්සන තැනක්

Ella admspeak (11)

ලෝකයේ තියෙන දැකුම්කළු නැරඹුම් ස්ථාන වලින් එකක් වන ඇල්ල පුංචි ශ්‍රී පාදය කියන්නේ නමුණුකුළ කඳු පංතියේ පිහිටලා තියෙන වැඩිය උස නැති ඒත් හාත්පස හොඳට නරඹන්න පුළුවන් කන්දක්. ඉතාමත් පහසුවෙන් ඔබට මෙම ස්ථානයට පිවිසෙන්න පුළුවන්. ඔබ දුම්රියෙන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැහැලා, ඇල්ල නගරයේ ඉඳන් බල්ලකෙටුව, නමුණුකුල හරහා පස්සර මාර්ගයේ කිලෝමීටර් 2 ක පාගමනකින් පුංචි ශ්‍රී පාදයේ ආරම්භක පිවිසුමට ළඟා වෙන්න පුළුවන්. පුද්ගලික වාහනයකින් හෝ බසයෙන් එනවානම්, ඇල්ල නගරයට ඇවිත් ඉහත සඳහන් කරපු මාර්ගයේම එන්න පුළුවන්.

Ella admspeak (5)

(උපුටා ගැනීම http://exclusively9152.blogspot.com/)

Ella admspeak (3)

(උපුටා ගැනීම http://exclusively9152.blogspot.com/)

Ella admspeak (2)

(උපුටා ගැනීම http://exclusively9152.blogspot.com/)

පිවිසුමේ ඉඳලා වතු මාර්ගය ඔස්සේ මී 650 ක් පමණ ගුරු පාර කින් සහ මී. 350 කින් පමණ පඩි සහිත දළ බැවුමකින් ගිහිල්ලා මේ කඳුවැටිය මුදුනට යන්න පුළුවන්. පාර ඒ තරම් අමාරු නෑ. අතරමඟ නතර වෙවී හාත්පස නරඹමින් යනකොට වෙහෙස දැනෙන්නේ නෑ. කොහාම වුනත් උඩට යන්න පැය එකහමාරක් විතර යනවා. අංශක 360% ක කෝණයකින් හාත්පස කඳු පංති දකින්න පුළුවන් මනරම් දර්ශනය නිසා මේ ස්ථානය සංචාරකයින් අතර හරි ප්‍රසිද්ධයි.

Ella admspeak (8)

(උපුටා ගැනීම http://exclusively9152.blogspot.com/)

Ella admspeak (9)

(උපුටා ගැනීම http://exclusively9152.blogspot.com/)

Ella admspeak (7)

(උපුටා ගැනීම http://exclusively9152.blogspot.com/)

Ella admspeak (6)

(උපුටා ගැනීම http://exclusively9152.blogspot.com/)

ඇල්ල වැල්ලවාය මාර්ගය, රාවණා ඇල්ල, 98acres හෝටලය, මොණරාගල ප්‍රදේශය , බණ්ඩාරවෙල වගේ ප්‍රදේශ ඉතා හොඳින් දකින්න පුළුවන් මෙතනදි. බොහෝ දෙනෙක් මෙතනදි ඡායාරූප අරං එන ගමන් අතර මඟ තියෙන ගල් එක පිට එක තියලා ආපු අය විසින් කරල තියෙන සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන එකත් පුරුද්දක්. මේ කිට්ටුව තියෙන ගහක් වටකරලා තමයි මේ ගල් එකපිට එක තැබීම කරලා තියෙන්නේ. සමහරවෙලාවට මේක ඇදහීමක් හෝ විශ්වාසයක් හෝ විනෝදාංශයක් වෙන්නත් පුළුවන්.

Ella admspeak (1)

ඒ අවට වතුයාය මැදින් මේ ගමන යන්න තියෙන්නේ මේ නිසා ඒ වතු යාය දිගේ යනවිට ඒ පරිසරය ආරක්ෂා කිරීම ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම ඉතා සුළු කාලයක් ඇතුළත දී ඔබට මේ ප්‍රදේශයේ ඇති සුන්දර මෙන්ම, විටෙක ත්‍රාසජනක අත්දැකීම ලබාගන්න පුළුවන්. මේ ප්‍රදේශයේ අධික සුළං මෙන්ම, දැඩි බෑවුම්, ප්‍රපාතයන් සහිත ඇති බැවින් Selfies ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. කාටවත් කරදරයක් නොවන විදියට අවට පරිසරයට හානියක් නොවන පරිදි සුන්දරත්වය අත්විඳින්න. ඔබ ජායාරූප ගන්නවා නම්, උදේ කාලය තුළ දී තරණය කිරීම වඩාත් සුදුසුයි.

නිවාඩුවට ඇල්ලේ යනවා නම් මේ හැම තැනකටම ලේසි නවතින්න තියෙන තැනක් ගැන මෙතනින් කියවන්න.

ඇතැම් ඡායාරූප හා තොරතුරු උපුටා ගැනීම
exclusively9152.blogspot.com වෙතිනි

@Teamawidimu

 

#ELLA #Ellaadamspeak

kdktec kdktec

No comments yet.

Leave a Reply