Family Day out එකකට මෙන්න තැනක්

Lesure 5

දරුවෝ එක්ක නිවාඩු කාලේ විනෝද වෙන්න යන්න තැනක් හොය හොය හිටපු අයට මෙන්න නියම තැනක්. මේක තියෙන්නේ වැඩි දුරක නෙවෙයි. ගාල්ලේ උණවටුනේ වංචාවල තියෙන මේ Swimming Pool එක Water Adventures වලටම හදපු එකක්. තේ වත්තක් මැද වෙලක් අද්දර හදලා තියෙන මේ Swimming Pool එක පුංචි ළමයින්ට වැඩිහිටියන්ට මේ ඕන කෙනෙකුට විනෝද වෙන්න පුළුවන් තැනක්.

කන්ද උඩ ඉඳලා ලිස්සගෙන ඇවිල්ලා Swimming Pool එකට පනින්න. සකස් කරපු දිය ඇල්ලකින් නාන්න, කවදාවත් ගිහිල්ලා නැති අතුරේ යන්න. ටයර් එකක එල්ලිලා පදින්න, උණ බම්බු පාරුවක නැගලා Pool එකේ පදින්න, Tree House එකක Experience එකක් ගන්න , වෙල් එළියේ සරුංගල් අරින්න , කුරුල්ලෝ බලන්න යන්න මේ විදිහට විනෝද ක්‍රීඩා ගොඩාක් මෙතන තියෙනවා. ඇත්තටම පුංචි අයට මේක අමුතුම අත්දැකීමක් වෙයි. උදේ ගිහිල්ලා හවස එන්න පුළුවන් නිසා කිසි ප්‍රශ්නයක් නෑ. දවසක නිවාඩුවකට යන්න පුළුවන්.

Lesure 2 Lesure 1

මෙතන්ට එනවා නම් අඩුම ගානේ 5 දෙනෙක් වත් ඉන්න ඕන. එක දවසකට දාන්නේ සීමිත පිරිසයි. අයකිරීම් ගැන කිව්වොත් Welcome Drink+ Lunch(Set menu) + Evening Tea එක්ක එක්කෙනකුට රුපියල් 2000/- ක් වෙනවා. අවුරුදු 3 ට අඩු අයට ගාස්තු අය කරන්නේ නෑ. අවුරුදු 3 – 10 අතර අයට රුපියල් 1500/- ක් අය කරනවා. අවුරුදු 10 ට වැඩි නම් වැඩිහිටි විදිහට තමයි සලකන්නේ. එහෙම එන අයට Pool එකේ Water Adventures කරනවාට අමතරව වෙනම Room එකක් ඕන නම් ඒක වෙනම ගෙවලා ගන්න පුළුවන්.

මේ Pool එක පාවිච්චි කරන අය Cotton ඇඳුම් අඳින්න බෑ. Nylon ඇඳුම් තමයි අඳින්න වෙන්නේ. Swimming Pool එකේ ගැඹුර ගැන කිව්වොත් ගැඹුර අඩුම තැන අඩි දෙක හමාරක් විතර වෙනවා. ඊට පස්සේ ගැඹුර වැඩිවෙන විදිහට මේක හදලා තියෙන්නේ. මෙතන full time life guard කෙනෙකුත් ඉන්න නිසා කිසි ප්‍රශ්නයක් නෑ. බයවෙන්න දෙයක් නෑ.

Lesure 3 Lesure 4

දරුවන්ගේ නිවාඩු කාලේ අමතක නොවන නිවාඩුවක් කරන්න මේක නියම අවස්ථාවක්. කටුක නැති සිහිලැල් දේශගුණයක් තියෙන තැනක පිහිටලා තියෙන නිසා මෙතන Water Adventures කරන එක ටිකක් වෙනස් අළුත් අත්දැකීමක් වෙනවා. මෙතනට යන්න කලින් වෙන් කරන්න ඕන වෙනවා මොකද මෙතනට ගන්නේ දවසකට සීමිත පිරිසක් නිසා

දරු දැරියන් එක්ක Dayout එකකට මෙතනට යන්න හිතනවා නම් කථා කරන්න awidimu.com hotline – 0759596161

kdktec kdktec

No comments yet.

Leave a Reply