ගොවිපොළක නිවාඩුවක්

Fram (1)

යාල පැත්තේ කතරගම පැත්තේ ට්‍රිප් එකක් යනවා නම් නතරවෙන්න තියෙන තැන් කොහේද? ඒ පැත්තට ගිහිල්ලා බැලුවම ඕන තරම් තැන් තියෙනවා. ඒත් අපේ හිතට ගැලපෙන නිදහස විවේකය තියෙන තැනක් හොයාගන්න බැරි වුනොත් නිවාඩුවත් අපරාදේ. මේ නිසා තමයි awidimu.com අපි ඔයාලා වෙනුවෙන් නියම සුන්දර තැන් හොයලා දෙන්නේ.

මේ කියන්න හදන තැන තියෙන්නේ සෙල්ල කතරගම. හරියටම ගත්තොත් කිරිවෙහෙර පාරේ මීටර් 800ක් විතර ගියාම මේ සුන්දර නවාතැන් පළට යන්න පුලුවන්. ඒ පාරේ තියෙන ගිරිකටුවැව කියන වැව අද්දර අමුතු විදිහට හදලා තියෙන මේ සුන්දර නවාතැන් පළ ඔයා හොයන නිදහස අකුරටම තියෙන තැනක් කියලා කියන්න පුළුවන්.

Fram (5) Farm Fram (4)

Fram (7)

මෙතන තියෙන්නේ සුන්දර වෙල් යායකට මුහුණ දාලා හදපු කොටේජස් කිහිපයක්. මේ එක කොටේජ් එකක තට්ටු දෙකක් තියෙනවා. 3 දෙනෙකුට ඉන්න පුළුවන්. උඩ තට්ටුවේ තමයි නිදන කාමරය තියෙන්නේ. ඒකේ වැඩිහිටි 3 දෙනෙකුට ඉන්න පුලුවන්. මේ වගේ කොටේජස් දෙකක් එකපාර වෙන් කරගන්නවා නම් ඒ කියන්නේ ඔයාගේ Team එකේ අඩුම ගාණේ 6 දෙනෙක් වත් ඉන්නවා නම් කෑම බීම ඔක්කොම එක්ක එක්කෙනකුට රුපියල් 5000/= ක් වගේ වෙන්නේ. ඒ වගේම දෙන්නෙක් විතරක් එනවා නම් මේ තනි කොටේජ් එකක් කෑම බීම එක්ක රුපියල් 15000/ කට ගන්න පුළුවන්. Team එකේ ඉන්නේ තුන් දෙනයි නම් එකෙ කොටේජ් එකක් කෑම බීම එක්ක රුපියල් 18000/- ක් වෙනවා. එහෙම ඉන්න පුළුවන් කොටේජස් 4ක් මෙතන තියෙනවා. මෙතන මීට අමතරව තව කාමර දෙකක බංගලාවකුත් තියෙනවා. එතකොට ඔක්කොම මෙතන 14 දෙනෙකුට විතර ඉන්න පුලුවන්.

Fram (8) Fram (9) Fram (3)Fram (2)Fram (6)

මෙතන ඉදලා කිරිවෙහෙරෙට විනාඩි 5යි . කතරගමට විනාඩි 10 යි. යාල යනවා නම් ඒත් විනාඩි 10න් යන්න පුළුවන්. ඔක්කොටම වැඩිය වටින්නේ මේ කොටේජ් හදලා තියෙන විදිහ.හරි අපූරු ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව පුද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට සියලු පහසුකම් එක්ක තමයි මේ කොටේජස් හදලා තියෙන්නේ. අනික ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය උපරිමව විඳින්න පුළුවන් විදිහට හදපු swimming poolඑකකුත් තියෙන නිසා විවේකය නිදහස උපරිමව විඳින්න පුළුවන්.

මේ සුන්දර නවාතැන් පළ වෙන් කරගන්න නම් කථාකරන්න 0759596161 කියන awidimu.com Hot line එකට

@Teamawidimu

 

#KATTHARAGMA,  #YALA ,

 

 

kdktec kdktec

No comments yet.

Leave a Reply