ගහක් උඩ රැයක් – අමුතු අත්දැකීමක්

Ginigthahena 2

කුරුල්ලෙක් වගේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න කවුරුත් කැමතියි. ඇත්තටම කුරුල්ලෝ මහ විශාල ගස් උඩ ඉන්න ගමන් වට පිටාවේ ලස්සන විඳිමින් විවේකයෙන් ඉන්නවා. එහෙම පොළව මට්ටමේ ඉඳලා අඩි 30ක් 40ක් විතර විතර උසින් පයින් ගහක් උඩ රැයක් ගත කරන්න කැමති අයට නියම තැනක් ගැන තමයි මේ කියන්නේ.

මේක ටිකක් අමුතු නවාතැනක්. අමුතුම Concept එකකට හදපු මේ සුන්දර නවාතැන ඇත්තටම වෙනස් අත්දැකීමක්. මේ සුන්දර නවාතැන තියෙන්නේ ගිණිගත්හේනේ. ගිණිගත්හේනෙ කිව්වට මේක තියෙන්නේ කිතුල්ගලට පොඩ්ඩක් එහා කොළඹ හැටන් පාර අයිනෙම තමයි. ඒ කියන්නේ කොළඹ ඉඳලා බැලුවත් පැය දෙකක් දෙක හමාරක් වගේ වෙලාවකින් මෙතන්ට යන්න පුළුවන්.

Ginigthahena 5 Ginigthahena 1

මෙතන තියෙන්නේ අමුතු හැඩයට හදපු Tree houses 3ක්. ඒවා හදලා තියෙන්නේ කඳු බෑවුමේ තියෙන ගස්වල අඩි 30 ත් 40 ක් විතර උසින්. කඳු මුදුනට සමාන්තරව හදලා තියෙන මේ Tree houses වලට යන්න ලී වලින් හදපු පාලමක් වගේ එකක් තියෙනවා. මේ Tree houses හදලා තියෙන්නේ විශාල පයින් ගස් වල විවිධ උස මට්ටම් වලින් . ගහක් මැදි කරලා වටේට කාමරයක් එන විදිහට හදලා තියෙන මේ අපූරු නවාතැන් පොළේ හැම Tree house එකකටම Balcony එකක් තියෙනවා කඳු බෑවුම පැත්තට වෙන්න. මේකෙන් හාත්පස වටපිටාව හොඳින් පේනවා. මේ එක Tree house එකක් සාමාන්‍යෙයන් දෙන්නෙකුට ඉන්න ඇති. එහෙම දෙන්නෙක් ඉන්නවා නම් පැකේජ් එක රු පියල් 12500 ක් වෙනවා උදේ ආහාරයත් එක්ක. (Sri lankan or English breakfast) එහෙම නැතුව තුන් දෙනෙක් මේ එක Treehouse එකක් ඉන්නවා නම් ඒක 17500 ක් වෙනවා තුන් දෙනාටම උදේ ආහාරයත් එක්ක (Sri lankan or English breakfast)

Ginigthahena 3 Ginigthahena 6

ලී වලින් කරපු මේ Treehouse ඇතුලේ සියලු පහසුකම් තියෙනවා. Wash rooms ඇතුළු සියලු පහසුකම් එක්ක තමයි මේවා හදලා තියෙන්නේ. ඒ පැත්ත සීතල නිසා A/C නම් අවශ්‍ය නෑ. කෙහොම වුනත් කාමරයේ ඉඳලාම හාත්පස සුන්දරත්වය දකින්න, හා විදින්න නියම තැනක් තමයි මෙතන. Couple එකකට නිවාඩුව ගත කරන්න, Couples තුනක් සෙට් වෙලා යන්න මේක කියාපු තැනක්. සීතල වතුර පාරකින් නාන් කැමති නම් පල්ලෙහායින් ගලන කෙහෙල්ගමු ඔයෙන් නාගන්න පුළුවන්. ඒකට යන්න පුළුවන් Jungle trekking  එකක් මෙතනින් තියෙනවා.

Ginigthahena 4 Ginigthahena 7

ඒ වගේම වටපිට සුන්දරත්වය විඳින්න ඕන නම් මෙතන ඉඳලා වටපිටාවේ ඇවිදින්න පුලුවන් . ඒ වගේම ඇබර්ඩීන් දිය ඇල්ලට යන්න තියෙන්නේ මෙතන හන්දියෙන්. ඒත් එක්කම ලක්ෂපාන දිය ඇල්ල තියෙන්නෙත් මේ කිට්ටුවම තමයි. කිතුල්ගල වෝටර් රාෆ්ටින් පාරක් දාලා, නිදහසේ ඉන්න කියාපු තැනක් තමයි මේ. අපි යන වාහන නවත්වන්න අවශ්‍ය පාකිං පහසුකම් තියෙන නිසා ඒ පැත්තෙන් ප්‍රශ්නයකුත් නෑ. කොහොම වුනත් ගහකොළට ලංවෙලා තරමක් වෙනස් විදිහේ නිවාඩුවක් ගත කරන්න මෙතන නියමයි.

ලංකාවේ මේ ජාතියේ ඒවා තියෙන්නේ මේක විතරයි. ඒ නිසා ඊළඟ නිවාඩුවට මෙතන තෝරාගන්න ඇවිදිමු අපට කථා කරන්න 0773596161 දුරකථන අංකයෙන්.

@teamawidimu

 

GINIGATHHENA  , Ginigathhena

kdktec kdktec

No comments yet.

Leave a Reply