අලිත් එක්ක කැලේ රැයක්

new fe pic

කැලේ අලි බලන්න යන එක ගොඩාක් දෙනෙක්ගේ විනෝදාංශයක්.එහෙම අලි බලන්න යන තැන් වලින් ප්‍රධානම තැනක් තමයි හබරණ කියන්නේ. හබරණ ගිහිං කැ‍ලේ ගතිය නියමෙටම අරං හොඳ නිවාඩුවක් ගත කරන් පූළුවන් තැනක් ගැන තමයි මේ කියන්නේ.

405159_364065013685903_202344921_n jungle cottage (2) jungle cottage (8) jungle cottage (16)

මේ අමුතුම නවාතැන තියෙන්නේ හබරණ කරඳගස්වැව ප්‍රදේශයේ. ඈතින් වන අලි එන වෙල් යායක් මැද ගල් තලාවක තමයි මේක හදලා තියෙන්නේ. සම්පුර්ණයෙන් පරිසර හිතකාමී විදහට හොඳට හුළං වදින විදිහට ලී, සහ ළී දඬු වගේම ගල් පාවිච්චි කරලා හදලා තියෙන මේ නවාතැනේ වහලයට වහලා තියෙන්නේ පොල්අතු. ඒ එක්ඒකම පරිසර හිතකාමී විදිහට මේ නවාතැන එළිය කරන්නේ සූර්ය බලයෙන්. ඒ කියන්නේ විදුලි බලය සපයා ගන්නේ සූර්ය කෝෂ වලින්. වගේම මේ  පරිශ්‍රය ආසන්නයේ පුංචි දිය කඩිත්තක් තියෙනවා.මේ අසල අලි රංචු පිටිං ගැවසෙනවා. බය වෙන්න දෙයක් නෑ විදුලි වැට තියෙන නිසා මේ කිට්ටුවට අලි එන්නේ නෑ.

283330_369041033188301_1429331903_n 46539_364356266990111_1081886296_n 318996_369040119855059_221455851_n jungle cottage (3)

එකපාර 10 දෙනෙකුට මෙතන නවාතැන් ගන්න පුළුවන්. කාමර දෙකයි තියෙන්නේ මේක ටිකක් Eco type තැනක් නිසා ඒ කාමර දෙකේ 10 දෙනෙකුට නවතින්න ඕන තරම් පහසුකම් තියෙනවා. කැම බීම හදවා ගන්න එතන කෝකියෙක් ඉන්නවා. ඒවාට අවශ්‍ය දේවල් යන අය අරං යන්න ඕන. අවශ්‍ය නම් BBQ එකක් වුනත් ලෑස්ති කරගන්න පුළුවන්. මෙතන අයකිරීම එක දවසකට (රාත්‍රියක් ඇතුළුව) රුපියල් 12500/= ක් වෙනවා. මේක අළුත්ම අළුත් අත්දැකීමක් නිසා ඉල්ලුම ගොඩාක් වැඩියි. ඒ නිසා යනවා නම් ටිකක් කල් ඇතුව වෙන් කර ගන්න වෙනවා. 0773596161 කියන දුරකථන අංකයෙන් awidimu.com අපිට කථා කලොත් මෙතන වෙන් කරගන්න පුළුවන්.

යාළුවෝ කට්ටියට, පවුගේ අයට ගිහින් අපූරු නිවාඩුවක් ගෙවන්න කියාපු තැන. හැබැයි ගොඩාක් පුංචි අත දරුවෝ වගේ අය අරගෙන යන්න තරම් වැඩි පහසුකම් මෙතන නෑ. ඒ නිසා ඒ ගැනත් හිතන්න. විවේකය නිවාඩුව ගත කරන එක වෙනස්ම පරිසරයක ගෙවන්න කැමති අයට ‍මෙතන ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑ.

 

 

Habarana, HABARANA, හබරණ

kdktec kdktec

No comments yet.

Leave a Reply