හපුතලේ ඉඳලා හම්බන්තොට බලන්න

Hputhale 4

හපුතලේ කිව්වම අපිට එකපාර මතක්වෙන්නේ “තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා“ කවිය. හපුතලේ කන්ද නගින එකේ අසීරුව ඒ කවියේ සඳහන් වෙනවා. අද වෙනකොට පාර හදලා නිසා මේ කන්ද නගින එක අපිට ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. මේ නිසා හැමෝම කොළඹ ඉඳලා බදුල්ලට යන අතර මඟ හපුතලේ නවත්තලා වටපිට බලන එක පුරුද්දක්. මොකද හපුතලේ නගරයට කලින් කොළඹ බදුල්ල පාරේ ඉඳලා බැලුවම හම්බන්තොට දක්වා ඈත දිස්වෙනවා.

Hputhale 6 Hputhale 3 Hputhale 2 Hputhale 1 Hputhale 5

 

මේ දර්ශනය හරිම චමත්කාරජනකයි. මෙච්චර කල් ඒ පාරේ යන එන අය කළේ සාමාන්‍යෙයන් තමන්ට හිතෙන තැනක නවත්තලා ලස්සන බලපු එක. දැන් එහෙම ඕනේ නෑ.හාත්පස බලන්න හොඳම තැනක අළුතින් හදලා පහුගියදා විවෘත කළා  සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක්. මේ නැරඹුම් මධ්‍යාස්ථානයේ ඉඳලා හරි ලස්සනට පහල නරඹන්න පුළුවන්. වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව හදලා තියෙන මේ මධ්‍යස්ථානය එක්ක ආපන ශාලාවකුත් පවත්වාගෙන යන්න සැලසුම් කරලා තියෙන්නේ.

මේ නිසා කොළඹ ඉඳලා බදුල්ලේ යනවා නම් මේ සුන්දර ස්ථානය මඟහරින්න එපා.ටිකක් නතර කරලා සුන්දරත්වය අත්විඳලා යන්න.

Team@awidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply