ස්වාභාවික දිය ඇළි දෙකක් තියෙන සුන්දර බංගලාවක්

Galapitayaya 14

විවේකය නිවාඩුව හොයාගෙන යන ගොඩාක් අය නිතරම ස්වාභාවික පරිසරය හොයනවා. මොකද ගහකොළ එක්ක නිවාඩුව ගත කරන්න තමයි ගොඩාක් දෙනෙක් කැමති. එහෙම කැමති අයට නියම තැනක් ගැන තමයි මේ කියන්නේ. මේ  සුන්දර වතු බංගලාව තියෙන්නේ හපුතලේ, කළුපහන කියන ප්‍රදේශයේ. අක්කර 48 ක සුවිශාල වත්තක් මැද තමයි මේ බංගලාව පිහිටලා තියෙන්නේ.මේ වත්ත තුළ පෞද්ගලික ස්වාභාවික දිය ඇළි දෙකක් තියෙනවා.

Galapitayaya 9 Galapitayaya 10 Galapitayaya 11

මේ සියල්ලෙන් සමන්විත මේ සුන්දර බංගලාවේ සියලුම පහසුකම් තියෙන කාමර දෙකක් තියෙනවා. ඒ කියන්නේ Attcahed Bathrooms / Hot water වගේ හැම පහසුකමක්ම තියෙනවා.මේ කාමර දෙකේ 8 දෙනෙකුට නතර  වෙන්න පුළුවන්. එක රැයකට ගාණ රුපියල් 19500/- යි. කෑම බීම හදාගන්න එතන Care taker කෙනෙක් ඉන්නවා. අවශ්‍ය දේවල් අරං ගිහින් එයාට කියලා හදාගන්න පුළුවන්. තව මීට අමතරව BBQ පහසුකම් තියෙනවා. ඒකට අවශ්‍ය  දේවල් එන අය අරං එන්න ඕන. මේ ඔක්තෝබර් 31 වෙනකල් මේ බංගලාවේ විශේෂ දීමනාවක් ක්‍රියාත්මක වෙනවා ඒ තමයි සතියේ දවස් වල (සඳුදා ඉඳලා සිකුරාදා වෙනකල්) 30% ක විශේෂ වට්ටමක් ලබාගන්න පුළුවන්. හැබැයි පෝය දවස් වගේ  නිවාඩු දවස් වල මේ වට්ටම ක්‍රියාත්මක වෙන්නේ නෑ . මේක ක්‍රියාත්මක වෙන්නේ ඔක්තෝබර් 31 වෙනකල් විතරයි.

Galapitayaya 5 Galapitayaya 4 Galapitayaya 3 Galapitayaya 2 Galapitayaya 1

කොළඹ බදුල්ල පාරේ කලුපහන හන්දියෙන් හැරිලා කිලොමීටර් එකහමාරක් විතර ගියාම මේ බංගලාවට යන්න පුළුවන්. ඒ කියන්නේ මේක පිහිටලා තියෙන්නේ බඹරකන්ද දිය ඇල්ලට යන පාරේ. මෙතන ඉඳලා කිලෝමීටර් 5 ක වගේ දුරකින්  තමයි බඹරකන්ද දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඒවගේම දැන්ට ලංකාවේ තියෙන පැරිණිතම ශෙලමය පිළිමය දකින්නත් මේ බංගලාවේදි පුළුවන්. තව කටුගොඩැල්ල කියලා වැඩිය ප්‍රසිද්ධ නැති පෘතුගීසි කොටුවත් තියෙන්නේ මේ කිට්ටුවම තමයි.

Galapitayaya 8 Galapitayaya 7 Galapitayaya 6Galapitayaya 13

අහල පහල දකින්න විඳින්න දේවල් ගොඩාක් තියෙන මේ බංගලාව පිහිටලා තියෙන පරිසරයත් පුදුමාකාර සුන්දරයි. සාමාන්‍ය වාහනයකින් මේ බංගලාවට යනවා නම් මීටර් 100 ක් වගේ දුරකින් වාහනේ නවත්තලා ඒ දුර ඇවිදගෙන යන්න  වෙනවා.හැබැයි 4wheel වාහනයක් නම් බංගලාවේ මිදුලටම යන්න පුළුවන්. කොහොම වුනත් නිදහසේ පරිසරය විඳින්න පහසු වෙන විදිහට තමයි මේ බංගලාව හදලා තියෙන්නේ.

නිවාඩුවට යන්න මේ බංගලාව වෙන් කරගන්නවා නම් 0773596161 න් awidimu.com අපිට කථා කරන්න.

kdktec kdktec

No comments yet.

Leave a Reply