රබර් වත්තක් මැද නිවාඩුවක්

DSC00348

හොරණ කියන්නේ කොළඹට කිට්ටුව නිවාඩුව ගතකරන්න හොඳම තැනක් කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ. ඒ පැත්තේ තියෙන පරිසරයේ සුවදායක බව අත්වින්ද කෙනෙක් නම් හරියටම දන්නවා හොරණ කොයි තරම් නිස්කලංක තැන් තියෙනවාද කියලා.

එහෙම ගිහිල්ලා හොඳ නිවාඩුවක් ගත කරන්න පුලුවන් වෙනස්ම විදිහේ තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. රබර් වත්තක් මැද , අනිත් පැත්තෙන් පුංචි කැළෑබද ප්‍රදේශයකට මායිම් වෙලා හදලා තියෙන මෙතන නිවාඩුව ගත කරද්දි උපරිම විදිහට පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගන්න පුළුවන්. සුවිශාල රබර් වත්තක් මැද ගලක් උඩ ඉදිකරපු බංගලාවත්,රබර් වත්ත මැද තැනින් තැන ඉදිකරපු කබානා වලින් මේ හෝටලය සමන්විත වෙනවා.ඒ විතරක් නෙවෙයි උල්පත් ජලය තියෙන පිහිනුම් තටාකයත් මෙතන තියෙන අළුත් අත්දැකීමක්.

DSC00339 DSC00336 DSC00351 DSC00333

මෙතන ඔෆිස් එකක කට්ටියකට Day out එකක් කරන්නත් මරු තැනක්. මොකද , සෙල්ලම් කරන්න නටන්න, ඕන තරම් ඉඩ පහසුකම් තියෙනවා. එහෙම Day outඑකකට එනවා නම් Welcome Drink, Lunch (Rice and Curry / Fride Rice) , Evening Tea තියෙන පැකේජ් එකක් තියෙනවා. ඒ පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 2500/= ක් වෙනවා. මොකද මෙතන කට්ටිය 100 කට වුනත් පහසුවෙන් නිදහසේ ඉන්න ඉඩපහසුකම් තියෙන නිසා වගේම කොළඹට කිට්ටු නිසා ගොඩාක් අය Day out එකකට තෝරාගන්නේ මෙතන.

pahasara-t-1 sada-kan-t-1 DSC00356

එහෙම Day out නැතුව වෙනමම ඇවිල්ලා ඉන්න ඕන නම් ඊට වෙන් වුන Cabanas තියෙනවා. මේ කබානා එකක් දවසකට වෙන් කර ගන්නවා නම් මිළගණන් මෙහෙමයි

Spend the day – 3000/= (Without A/C)
3500/= (With A/C)

Night out – 7000/= (With A/C)
6000/= (Without A/C)

මීට අමතරව සියලු පහසුකම් සහිතව ගල්පොත්තක් උඩ හදපු බංගලාව තියෙනවා. මේක හදලා තියෙන්නේ ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. මේ බංගලාවේ Double room 3ක් තියෙනවා. කට්ටියක්ම ඇවිත් බංගලාවම වෙන් කරගන්නවා නම් එක රාත්‍රියකට රුපියල් 20000 ක් වෙනවා.

මේ සියලු පහසුකම් එක්ක මේ හෝටලේ තවත් පහසුකම් රැසක් තියෙනවා. පුංචි ළමයින්ට ක්‍රීඩා කරන්න ඉඩක්, බාබාක්‍යු එකක් දාන්න.බැඩ්මින්ටන් ගහන්න. මේවටත් අවස්ථාව තියෙනවා.තව මීට අමතරව රබර් වතු පුරා බයිසිකල් පදින්න, කැලේ ඇවිදින්න යන්න,ස්වාභාවික දිය දහරා වල නාන්න,ෆොටෝ ගහන්න විතරක් නෙවෙයි කුරුල්ලෝ බලන්න යන්න ඉඩකඩ ඕන තරම් තියෙනවා.

කොහොම වුනත් නිවාඩුව ගත කරනවා නම් මේක ඉතා හොඳ තැනක්.ඇඟට දැනෙන සීතල සුවදායක පරිසරය, එක්ක නිස්කලංකව ව්වේකය ගත කරන්න තියෙන හොඳ තැනක් මේක. අනිත් පැත්තෙන් කොළඹ ඉඳලා හරි පහසුවෙන් යන්න පුළුවන්. හොරණ රත්මල්ගොඩ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ තමයි මේ අපුරු නවාතැන පිහිටලා තියෙන්නේ.මොකද high way එක තියෙන නිසා ඉක්මනින් හොරණට යන්න පුළුවන්.

එහෙම එකපාරම යන්න කළින් මේ හෝටලේ කලින් වෙන්කරවා ගන්නවා නම් කථා කරන්න 0773596161 ට.

kdktec kdktec

No comments yet.

Leave a Reply