කළුවිතාරණ ගේ හෝටලේ මෙන්න

fe

උඩවලව කිව්ව ගමන්ම මතක් වෙන්නේ ජාතික වනෝද්‍යානයේ සෆාරියක් යන හැටි. වන අලි, වගේ වන සත්තු දකින හැටි, සෆාරියක් දාලා ඒ ගමනේ උපරිම විනෝදය ගන්න නම් ඒකටම හරියන්න නතර වෙන තැනක් ඕන. එහෙම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. උඩවලව ජලාශයට කිට්ටුව හදලා තියෙන මේ සුන්දර හෝටලය අයිති කවුරුත් දන්න ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන්න කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රොමේෂ් කළුවිතාරණට.

kalu-hideway-21 kalu-hideway-8 kalu-hideway-1 kalu-hideway-2

තැන හරියට කිව්වොත් උඩවලව හංදියෙන් තණමල්විල පාරේ ඒ කියන්නේ උඩවලව ජාතික වනෝද්‍යානය පැත්තට යනකොට හමුවෙන උඩවලව ජලාශයේ වේල්ල ටික දුරක් පහුකරද්දි දකුණු පැත්තට හැරෙන්න තියෙනවා පාරක් ඒ පාරෙන් කිලෝමීටරයක් විතර ගියාම සුන්දර වැවක් අද්දර හදලා තියෙන මේ හෝටලයට යන්න පුළුවන්.

kalu-hideway-19 kalu-hideway-17 kalu-hideway-12 kalu-hideway-7 kalu-hideway-6

සියලුම පහසුකම් සහිතව හදලා තියෙන මේ හෝටලය පිහිනුම් තටාකයකින් යුක්ත වෙනවා. හැම කාමරයක්ම වායු සමීකරණය කරලා හදලා තියෙන්නේ. ඒ වගේම වයිෆයි, රූපවාහිනී පහසුකම් වගේ සියලුම පහසුකම් මේ හෝටලයේ තියෙනවා. මේ සියලු පහසුකම් එක්ක නිදහස සහ විවේකය උපරිම විදිහට ආරක්ෂා වෙන විදිහට තමයි මේ නවාතැන්පල හදලා තියෙන්නේ. ආකර්ශණිය ගෘහ නිර්මාණ ශිල්පයක් පාවිච්චි කරලා හදලා තියෙන මේ හෝටලේ ඉඳලා උඩවලව ජාතික වනෝද්‍යානයට කිලෝමීටර් කීපයයි. ඒ වගේම කතරගම පැත්තට යනවා නම් මෙතන ඉඳලා පැය එකහමාරකින් විතර කතරගමට යන්න පුළුවන්.

kalu-hideway-5 kalu-hideway-3 kalu-hideway-4 kalu-hide-way

සුපිරි ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ ගේ ක්‍රිකට් සමරු රැසක් මේ හෝටලේදී දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ටේබල් ටෙනිස්, බිලියඩ් වගේ ක්‍රීඩාවල නිරත වෙන්නත්, පිටිපස්සේ තියෙන ඇලේ Boat ride එකක් යන්නත් පුළුවන්.ඒ විතරක් නෙවෙයි උඩවලව ජාතික වනෝද්‍යානයේ සෆාරියක් යන්නත් අවශ්‍ය ජීප් මෙයාලට කියලා ලෑස්ති කරගන්නත් පුළුවන්.

මේ හෝටලේ කෑම බීම එක්ක දෙන්නේකුට Full Board Package එක දවසකට රුපියල් 16500/= ක් වෙනවා. තුන්දෙනෙකුට නම් 18500/= යි. මේ හෝටලේ 45 දෙනෙකුට විතර පහසුවෙන් නවාතැන් ගන්න පුළුවන්. ඔන්න නිවාඩුවක් ලැබුණ ගමන් උඩවලව හරහා කතරගම ගිහින් එන්න ට්‍රිප් එකක් දාගන්නවා නම් අපිට කියන්න 0773596161 කියන “ඇවිදිමු“ අපේ දුරකථන අංකයට. අපි ලෑස්තියි සුපිරි පහසුකම් තියෙන මේ හෝටලේ වෙන් කරලා දෙන්න.

kdktec kdktec

No comments yet.

Leave a Reply