කන්ද උඩරට සුන්දර නවාතැනක්

Edit 9

කන්ද උඩරට තරම් සෞම්‍ය දේශගුණයක් තවත් නැති තරම්.වැඩිය සීතලත් නැති උණුසුමත් නැති අමුතුම දේශගුණයක් තමයි මහනුවර තියෙන්නේ. මේ නිසා ගොඩාක් දෙනෙක් නුවර නිවාඩුවකට යන්න කැමතියි.එහෙම නිවාඩුවකට යනවා නම් නතරවෙන්න පුළුවන් තවත් සුන්දර තැනක් ගැන තමයි මේ කියන්නේ. මේ සුන්දර බංගලාව තියෙන්නේ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ. මහනුවර නගරයේ ඉඳලා කිලෝමීටර් 3ක් වගේ දුරකින්.

ඒ නිසා මහනුවර යනවා නම් නතරවෙන්න නියම තැනක් මේ. ශ්‍රී දළදා මාලිගාවට, පේරාදෙණිය මල්වත්තට කිට්ටුවෙන් තමයි මේ බංගලාව පිහිටලා තියෙන්නේ. ආකර්ශණිය විදිහට වටපිටාවේ ලස්සන විඳින්න පුළුවන් විදිහට හදලා තියෙන මේ සුන්දර බංගලාවේ A/C කරපු කාමර 4ක් තියෙනවා, Swimming pool එකක් තියෙනවා. මේකේ කාමර තියෙන විදිහ කිව්වොත් Family Room එකයි, Double Rooms දෙකයි, Triple room එකයි විදිහට. එහෙම බැලුවම මෙතන 12 දෙනෙකුට නිදාගන්න පුළුවන් පහසුකම් තියෙනවා. Family Room එකේ 5 දෙනෙක්, Double Rooms දෙකේ තව 4 දෙනෙක් සහ Triple room එකේ තුන් දෙනක් විදිහට ගත්තම 12 දෙනෙකුට ඉන්න පූළුවන් අවහිරතාවක් නැතුව. කොහොම හරි උපරිම 15ක් විතර මෙතන ඉන්න පුළුවන්. අනිත් අයට මෙට්‍රසස් වගේ දෙයක් ලෑස්ති කරලා දෙන්න පුළුවන් නිදාගන්න.

Edit 8 Edit 7 Fe 1

හාත්පස පේන විදිහට හදපු Swimming pool එක ,BBQ පහසුකම් විතරක් නෙවෙයි මෙතන Sheesha (Arabic smoke) පහසුකම් පවා තියෙනවා. මෙතන කළමණාකරු සහ caretaker මෙතනම පැය 24 පුරාම ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ නතරවෙන අයට අවශ්‍ය දේවල් ගැන කථා කරගන්න පුලුවන්. කෑම ගැන කිවුවොත් කැමති නම් එන අයට පුළුවන් වියළි ආහාර ද්‍රව්‍ය අරං ඇවිල්ලා මෙතන ඉන්න Care takerට කියලා හදවා ගන්න. එහෙමත් නැත්තං මෙතනින් කෑම ගන්නත් පුළුවන්.එහෙම ගන්නවා නම් එක්නෙකුට රුපියල් 300/- ක් 400/- ක් වගේ වෙන්නේ කෑම වේලක්.

edit 4 Edit 5 Edit 6

edit 1

අයකිරීම් මෙහෙමයි
15 ක වගේ කණ්ඩායමක් එනවා නම් සම්පූර්ණ බංගලාවම රු.25000/=යි. ඒ එන අයට පුළුවන් අවශ්‍ය ආහාර ටික අරං ඇවිල්ලා මෙතන ඉන්න Cook දීලා උයාගන්න.ඒකට 2000/= Cooking Charge එකක් අය කරනවා. එහෙම නැතුව උදේ කෑම එක්ක 15 දෙනෙකුට රුපියල් 30000/- ක් වෙනවා මේ බංගලාව.

එනවා නම් මේ මේ බංගලාව කලින් වෙන් කරගන්න ඕන. මේ බංගලාව වෙන් කරගන්න කථාකරන්න awidimu.com අපිට 0759596161 ට.

 

kdktec kdktec

No comments yet.

Leave a Reply