නුවර කඳු මුදුනක සුන්දර නිවාඩුවකට තැනක්

Sri kandyan03

කන්ද උඩරට තරම් සෞම්‍ය දේශගුණයක් තවත් නැති තරම්.වැඩිය සීතලත් නැති උණුසුමත් නැති අමුතුම දේශගුණයක් තමයි මහනුවර තියෙන්නේ. මේ නිසා ගොඩාක් දෙනෙක් නුවර නිවාඩුවකට යන්න කැමතියි.එහෙම නිවාඩුවකට යනවා නම් නතරවෙන්න පුළුවන් තවත් සුන්දර තැනක් ගැන තමයි මේ කියන්නේ. මේ සුන්දර බංගලාව තියෙන්නේ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ. මහනුවර නගරයේ ඉඳලා කිලෝමීටර් 5ක් 6ක් වගේ දුරකින්.

Sri kandyan05 Sri kandyan10 Sri kandyan02

ඒ නිසා මහනුවර යනවා නම් නතරවෙන්න නියම තැනක් මේ. ශ්‍රී දළදා මාලිගාවට, පේරාදෙණිය මල්වත්තට කිට්ටුවෙන් තමයි මේ බංගලාව පිහිටලා තියෙන්නේ. ආකර්ශණිය විදිහට වටපිටාවේ ලස්සන විඳින්න පුළුවන් විදිහට හදලා තියෙන මේ සුන්දර බංගලාවේ කාමර 4ක් තියෙනවා, Swimming pool එකක් තියෙනවා. මේකේ කාමර තියෙන විදිහ කිව්වොත් Family Room එකයි, Double Rooms දෙකයි, Triple room එකයි විදිහට. එහෙම බැලුවම මෙතන 11 දෙනෙකුට නිදාගන්න පුළුවන් පහසුකම් තියෙනවා. Family Room එකේ 4 දෙනෙක්, Double Rooms දෙකේ තව 4 දෙනෙක් සහ Triple room එකේ තුන් දෙනක් විදිහට ගත්තම 11 දෙනෙකුට ඉන්න පූළුවන් අවහිරතාවක් නැතුව කට්ටිය වැඩි වුනොත් ඒක එයාලට Manage කරගෙන ඉන්න පුළුවන් නම් ඒ වැඩිවෙන අයට නිදාගන්න mattress දෙන්න පුළුවන්. එහෙම අරගත්තොත් මෙතන 20 දෙනෙක් විතර ඉන්න පුළුවන්.

Sri kandyan09 Sri kandyan07 Sri kandyan08 Sri kandyan06

හාත්පස පේන විදිහට හදපු Swimming pool එක ,BBQ පහසුකම් විතරක් නෙවෙයි මෙතන Sheesha (Arabic smoke) පහසුකම් පවා තියෙනවා. BBQ එකට අවශ්‍ය දේවල් අරං ඇවිල්ලා එන අයට පුළුවන් ඒක දාගන්න. එහෙම නැත්තං මෙතනින් BBQ එක හදලා දෙනවා නම් එක්කෙනෙක් ගෙන් රුපියල් 1200/- ක් වගේ ගාස්තුවක් අයකරනවා. Sheesha (Arabic smoke) පහසුකම් වලට එක්කෙනෙක් ගෙන් රුපියල් 1500/- ක මුදලක් අය කරනවා. මෙතන කළමණාකරු සහ caretaker මෙතනම පැය 24 පුරාම ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ නතරවෙන අයට අවශ්‍ය දේවල් ගැන කථා කරගන්න පුලුවන්. කෑම ගැන කිවුවොත් කැමති නම් එන අයට පුළුවන් වියළි ආහාර ද්‍රව්‍ය අරං ඇවිල්ලා මෙතන ඉන්න Care takerට කියලා හදවා ගන්න. එහෙම නැත්තං එන අයටම පුළුවන් මෙතන මුළුතැන්ගෙය පාවිච්චි කරලා උයාගන්න. එහෙමත් නැත්තං මෙතනින් කෑම ගන්නත් පුළුවන්.එහෙම ගන්නවා නම් එක්නෙකුට රුපියල් 300/- ක් 400/- ක් වගේ වෙන්නේ කෑම වේලක්.

Sri kandyan01

සම්පූර්ණ බංගලාව සඳහා අයකිරීම්  මෙහෙමයි
6 දෙනෙකුට වැඩිය අඩු පිරිසකට –  රු 15000/= යි
6 ත් – 10 ත් අතර පිරිසකට – රු 18000/= යි
11 ත් 15 ත් අතර පිරිසකට – රු.25000/=යි
16 ත් 20 ත් අතර  පිරිසකට –  රු. 30000/= යි

එනවා නම් මේ මේ බංගලාව කලින් වෙන් කරගන්න ඕන. මේ බංගලාව වෙන් කරගන්න කථාකරන්න awidimu.com අපිට 0773596161 ට.

 

 

@teamawidimu

 

 

#මහනුවර  #KANDY  Kandy visit

kdktec kdktec

No comments yet.

Leave a Reply