යාලට කිට්ටුව කතරගම නතරවෙන්න තැනක්

Katharagam3

කතරගම යනවා කියන්නේ කාටත් නුහුරු නුපුරුදු ගමනක් නෙවෙයි. බොහෝ දෙනෙක් අවුරුද්දකට පාරක් කතරගම යන අය.එහෙම යන අයට මෙච්චර කල් නතරවෙන්න ලැබුන තැන් වලට වැඩිය ටිකක් වෙනස් තැනක් ගැන තමයි මේ කියන්නේ. මේ හෝටලය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ නිසා පරිසර හිතකාමී නිවාඩුවක් ගතකරන්න මේක නියම තැනක්. මොකද කතරගම තියෙන අනිත් නවාතැන් වලට වැඩිය මෙතන තියෙන විශේෂත්වය තමයි නිදහස් පරිසරය. කාර්ය බහුල නැති සුන්දර නිදහස් පරිසරයක විවේකය විඳින්න මෙතන නියම තැනක්.

Katharagam5 Katharagam2

මේ හෝටලය තියෙන්නේ කතරගම සිතුල්පව්ව පාරේ. කතරගම ඉඳලා කිලෝමීටර් 4 යි දුර. මෙතන Chalet 3ක් තියෙනවා. තට්ටු දෙකේ Chalet දෙකක් තියෙනවා ඒ එකක 6 දෙනා ගානේ ඉන්න පුළුවන්. ඒ Chaletවල යට තට්ටුව A/C. උඩ තට්ටුව සම්පුර්ණයෙන්ම ස්වාභාවික සුළං වදින විදිහට හදලා තියෙන්නේ. මේ Chalet එකක් රාත්‍රියකට රුපියල් 6000/= ක් වෙනවා. එහෙම Chalets දෙකක් මේ හෝටලයේ තියෙනවා. ඊට අමතරව තව තනි තට්ටුවේ Chalet එකක් තියෙනවා ඒකේ 4 දෙනෙකුට ඉන්න පුළුවන්. එක රාත්‍රියකට රුපියල් 4500/= යි. එහෙම බැලුවම ඔක්කොම 16 දෙනෙක් මෙතන නවාතැන් ගන්න පුළුවන්.

Katharagam1 Katharagam6 Katharagam9 Katharagam8

කෑම ගැන වද වෙන්න දෙයක් නෑ. මෙතනින් ගන්න පුළුවන් දේශිය රසවත් කෑම වේලක් රුපියල් 400/- වගේ ඉඳලා තියෙනවා. මීට අමතරව තව BBQ පහසුකම් ආදී මේ සියල්ලක්ම මෙතන තියෙනවා. කතරගම වන්දනාවේ යන්න විතරක් නෙවෙයි යාල යන එකත් හරිම පහසුයි. මෙතන ඉඳලා යාල කටගමුව පිවිසුම් දොරටුවට තියෙන්නේ කිලෝමීටර් 8ක් විතර දුරක්. එහෙම යාල සෆාරියක් යනවා නම් ඒකට අවශ්‍ය පහසුකම් මෙතනින් ගන්නත් පුළුවන්.

Katharagam4 Katharagam7

සාමාන්‍යයෙන් වරුවකට යාල සෆාරි යන්න ජීප් රථයක් ගන්න පුළුවන් රුපියල් 6000ක් වගේ ගාණකට. මීට අමතරව සිතුල් පව්වේ යන්න, වැඩිහිටි කන්දේ යන්න, මේ සියලු දේවල් වලට මෙතන ඉඳලා හරි පහසුයි.

මේ නිසා ඊළඟ පාර කතරගම යද්දි මෙතන වෙන් කරගන්න. කථා කරන්න 0773596161 න් awididmu.com අපිට.

@Teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply