අළුත්ම KIA හැඩකාරයා මහපාරට

KIA sportage (3)

සුප‍්‍රකට කොරියානු මෝටර් රථ නිෂ්පාදක  නිර්මාණය කරන ජනප‍්‍රිය Sportage රථයේ සිව්වන පරම්පරාව නියෝජනය කරන නවතම මාදිලිය කොළඹදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමකදී එළිදක්වන ලදී.

පෙර එළිදක්වන ලද Sportage රථවලට වඩා කැපී පෙනෙන වෙනසකට බඳුන් වෙමින් නිර්මාණය කර තිබෙන 2016 KIA Sportage රථයේ බාහිර ස්වරූපය සිත් ඇඳ බැඳ ගන්නා රමණීය නිමැවුමක් වන අතර රථයේ අභ්‍යන්තරයද වැඩි සුව පහසු බවකින් යුක්ත වන ලෙස නිමවා තිබේ. මෙම රථයේ ආරක්ෂාව, සුව පහසුව සහ කාර්යඵලය ඉහළ යන ලෙස තාක්ෂණික වර්ධනය කිරීම්ද කර ඇත.

පුළුල් පරිනාමයකට හිමිකම් කියන මෙම SUV රථය iF නිර්මාණ සැලසුම් සම්මානය මේ වනවිටත් දිනාගැනීමට සමත්ව තිබෙන්නේ එහි සමස්ත නිර්මාණයේ ගුණාත්මක තත්ත්වය, නවෝත්පාදනය, පාරිසරික බලපෑම සහ ආරක්ෂාව හේතුවෙන් යැයි, KIA සන්නාමයේ මෙරට බෙදාහරින්නා ලෙසින් කටයුතු කරන KIA මෝටර්ස් (ලංකා) සමාගම සඳහන් කරයි.
KIA sportage (7) KIA sportage (4)
මෙම නවතම එළිදැක්වීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන් තම්බයියා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘සැලසුම කර තිබෙන සිත්ගන්නා සුළු වර්ධනය කිරීම් මෙන්ම ක‍්‍රියාකාරීත්වය සමග සිව්වන පරම්පරාවේ KIA Sportage රථය මගින් සමාගමේ වෙළඳ පොළ කොටස වැඩිවේයැයි බලාපොරොත්තු වෙනවා. මේ තුළින් නාගරික SUV කාණ්ඩය තුළ ප‍්‍රමුඛත්වය ගැනීමේ සමාගම සතු ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වනබව කිව හැකියි.’’

LX, EX සහ SX යන ස්වරූප තුනෙන් මිලදීගත හැකි 2016 KIA Sportage රථය නිර්මාණය කර තිබෙන්නේ 2.0 ගැසලින් එන්ජිමකිනි. මීට අමතරව, මෙම රථය 2.0 ඞීසල් ටර්බෝ එන්ජිමකින්ද මිලදීගත හැක. මෙම එන්ජින් දෙකම වේ. හයකින් යුතු ස්වයංක‍්‍රීය ගියර් පද්ධතියකින් යුක්තවේ. පෙර රෝද ධාවනය සම්මත තත්ත්ව ලෙස පවතින (Front-wheel drive) මෙම රථය කැමැත්ත පරිදි සියළු රෝද ධාවනයෙන් (all-wheel drive) යුක්තවද ලබාගත හැකිය.

KIA sportage (8) KIA sportage (9) KIA sportage (14)
LX සහ EX රථ අඟල් 18 කින් යුතු ඇලෝයි වීල් වලින් නිර්මාණය කර තිබෙන අතර එහි විශේෂාංග අතර පුද්ගලිකත්වය ආරක්ෂාවන පිටුපස වීදුරුව, උස වෙනස් කළ හැකි රියදුරු ආසනය, නැවිය හැකි පිටුපස ආසන, ටිල්ට් සහ ටෙලෙස්කෝප් පහසුකම් සහිත සුක්කානම, වේග පාලකය, බ්ලූටූත්, ජංගම දුරකතන සහ ඕඩියෝ සම්බන්ධතා පහසුකම්, සහායක ඕඩියෝ ඉන්පුට් ජැක් එකකින් සහ ඹීඊ පොර්ට් එකකින් යුක්ත ගුවන් විදුලිය සහ CD ප්ලේයරය සමග ස්පීකර් හයකින් යුක්ත ශබ්ද පද්ධතිය වේ. මීට අමතරව, ක්‍රෝම් එක්ස්ටීරියර් ටි‍්‍රම්, කීලස් එන්ටි‍්‍ර ඇන්ඞ් ඉග්නීෂන්, ඩුවල්-සෝන් ඔටෝමැටික් ක්ලයිමට් කන්ට්‍රෝල්, තුනටියට සහනයක් ලැබෙන ලෙස වෙනස් කළ හැකි හය විදියකින් බලගැන්වූ රියදුරු අසුනක් සහ ලෙදර් වලින් ආවරණය කළ සුක්කානමක් මෙම රථවල පහසුකම් ලෙස ඇතුළත් කර ඇත. EX රථය ලෙදර් නිමැවුමෙන් ලබාගැනීමේ විකල්ප අවස්ථාවද පාරිභෝගිකයින්ට හිමිවේ.

ක‍්‍රීඩාශීලීත්වයෙන් යුතු SX මාදිලිය අඟල් 19 ක ඇලෝයි වීල් වලින් යුක්ත වන අතර එහි ඉදිරිපස නිමවා තිබෙන්නේ අද්විතීය ග‍්‍රිල් නිර්මාණයකිනි. LED ඬේටයිම් රනින්ග් ලයිට්ස් සහ ටේල්ලයිට්ස්, ඩුවල් එක්සෝස්ට්, මෙන්ම මීට පෙර කිසිදාක නිරීක්ෂණය කළාට වැඩි සුන්දරත්වයකින් අහස නිරීක්ෂණය කිරීමට වඩාත් පුළුල් කළ හැකි දර්ශනීය සන්රූෆ් පහසුකමකින් සහ ඇලූමිනීයම් ස්කෆ් ප්ලේට් වලින් මෙම රථය සමන්විත වේ.

2016 KIA Sportage රථවල ආරක්ෂක පහසුකම් වලට ඇන්ටිලොක් ඩිස්ක් බ්‍රේක්ල ට‍්‍රැක්ෂන් කන්ට්‍රෝල්ල ස්ටැබිලිටි කන්ට්‍රෝල්ල ෆ්රන්ට් – සීට් සයිඞ් එයාර්බෑග්ල ෆුල් ලෙන්ත් සයිඞ් කර්ට්න් එයාර්බෑග් සහ ඇක්ටිව් ෆ්රන්ට් හෙඞ් රිස්ටේ‍්‍රන්ට්ස් ඇතුළත් වේ. සියළු රෝද ධාවනයෙන් යුතු (AWD) 2016 Sportage රථය KIA සමාගමේ නවතම DYNAMAX තාක්ෂණයෙන් උපරිම ධාවන ස්ථාවරත්වයක් පවතින ලෙස නිර්මාණය කර තිබේ. ස්වයංක‍්‍රීය ලෙස ක‍්‍රියාකරන AWD පද්ධතිය මඟින් මාර්ග තත්ත්වයන්, රෝද වේගය සහ වේගය වැඩිකිරීමේ සීඝ‍්‍රතාවය නිරීක්ෂණය කර නිවැරදි පියවර ගැනීම සිදුකරන්නේ ඉදිරිපස සහ පිටුපස රෝද වලට උපරිම මට්ටමින් මාර්ගය බදාගැනීමට ශක්තිය ලබාදෙමිනි.
KIA sportage (10) KIA sportage (11) KIA sportage (12)        KIA sportage (3)
පිටුපස තිබෙන ඉතාමත් හුරුබුහුටි ස්පොයිලරය සහ වැඩි දියුණු කර තිබෙන වායුගතිකය (aerodynamics) මගින් ඉන්ධන කාර්යක්ෂමතාවය වර්ධනය වන පරිදි බාධා කිරීමේ ගුණය අඩුකර තිබෙන අතර අති නවීන රෝද වායු තිර විසින් ඉදිරිපස රෝද කෙරෙහි බාධා කරන වායු ධාරාවන් පාලනය කිරීමට සමත්ව තිබෙන්නේ ඉතාමත් සුව පහසුවෙන් මෙම රථය පැද යාමට අවස්ථාව සලසමිනි.

නව මාදිලිය සතු ආකර්ශණීය උපාංග අතර ස්මාර්ට් වෙල්කම් පද්ධතියට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එහි ක‍්‍රියාකාරීත්වය මඟින්  විශේෂංග යතුර සහිතව රථය සමීපයට රියදුරු පැමිණෙන විට රථය සජීවී තත්ත්වයට පත්ව පිළිගැනීමේ ලාම්පු දැල්වෙන අතර පැති කන්නාඩි ක‍්‍රමානුකූලව දිග ඇරේ.
KIA sportage (6) KIA sportage (5) KIA sportage (13)
KIA Sportage රථයට අමතරව, KIA මෝටර්ස් (ලංකා) සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ Kia Sorento SUV, Kia Optima, Kia Cerato sedan, Kia Rio sedan, Kia Picanto සහ Kia Grand Carnival (MPV) රථ අලෙවි කරයි.

KIA sportage (1) KIA sportage (1)

kdktec kdktec

No comments yet.

Leave a Reply