නිවාඩුවට නකල්ස් යමු

profile dumbanagala

නකල්ස් කඳුවැටිය , මීමුරේ පැත්ත කියන්නේ හැමෝම නිවාඩුව ගත කරන්න තෝරාගන්න පැත්තක්. ගොඩාක් වෙලාවට ඒ පැත්තට ගොඩාක් දෙනෙක් යන්නේ තනිවම නෙවෙයි. කට්ටියක් සෙට් වෙලා.එහෙම කට්ටිය සෙට්වෙලා යන අයට ගිහිල්ලා 20 දෙනෙකුට විතර නවතින්න පුළුවන් සුන්දර බංගලාවක් ගැන තමයි මේ කියන්නේ.

මහනුවර මහියංගන පාරේ හුන්නස්ගිරිය හංදියෙන් හැරිලා මීමුරේ පැත්තට කිලෝමීටර් 17 ක් විතර ගියාම මේ සුන්දර නවාතැන මුණගැහෙනවා. මේ බංගලාවේ කාමර 7ක් තියෙනවා ඒ කාමර වල 20 දෙනෙකුට විතර පහුසවෙන් ඉන්න පුළුවන්. මේ කාමර හැම එකක්ම සියලු පහසුකම් වලින් සමන්විත කාමර. ඒ නිසා සුව පහසු නිවාඩුවක් ගත කරන්න මේක නියම තැනක්. නකල්ස් කඳුපන්තියේ ඉහළින්ම තියෙන ලස්සනම තැනක තමයි මේ බංගලාව තියෙන්නේ. ඒ නිසා පරිසරය අතින් ගත්තමත් මෙතන නිවාඩුව ගත කරන්න නියම තැනක්.

26230278_939886839512063_4697078381793469416_n8631

කෑම ගැන කිව්වොත් උයන්න අවශ්‍ය දේවල් අරං ගිහිං මෙතන ඉන්න කෝකියාට කියලා කෑම හදවා ගන්න පුළුවන්. සාමාන්‍යෙයන් කෑම වේල් 3ක්ම එක්කෙනෙකුට උයලා දෙන්න 350/= ක Cooking Charge එකක් ගන්නවා. 20 දෙනෙකුටම මේ බංගලාව වෙන් කරගන්නවා නම් ගාණ රුපියල් 50,000/= යි. එහෙම නැතුව 7 දෙනෙක් වගේ ඉන්නවා නම් මෙතන තියෙනවා වෙනමම chalet එකක් තියෙනවා. ඒක වෙන්නේ කෑම නැතුව රුපියල් 20,000/= යි. මේ දෙකෙන් තමන්ට කැමති එකක් තෝර ගන්න පුළුවන්.

7 2 4 5

මෙතන නිවාඩුවක් ගත කරන එක වෙනමම අත්දැකීමක්. මොකද මේ බංගලාව තියෙන්නේ නකල්ස් කඳු පන්තියේ සුන්දරම තැනක. විශාල එනසල් වත්තක් මැද පිහිටලා තියෙන මේ බංගලාව ඊළඟ නිවාඩුව ගත කරන්න නියම තැනක්. මේ බංගලාවේ Swimming pool එකකුත් තියෙනවා එහෙම නැත්තං මෙතන ඉඳලා කිලෝමීටර් කීපයක් ගියාම නිදහසේ නාගන්න පුළුවන් ස්වාභාවික දිය දහරා ඕන තරම් තියෙනවා. මෙතන ඉදලා මීමුරේට දුර කිලෝමීටර් 14 ක්. එහෙම මීමුරේ යනවා නම් ඒකට අවශ්‍ය පහසුකම් හදලා දෙන්නත් පුළුවන්.

මේ නිසා Office එකේ කට්ටිය set වෙලා ට්‍රිප් එකක් යනවා නම් මෙතන නියම තැනක්. කට්ටියට සෙට් වෙන්න BBQ එකක් දාගන්න ආදී සියලු පහසුකම් තියෙන නිසා නිදහසේ නිවාඩුවක් ගත කරන්න මෙතන නියමයි.

ඊළඟ නිවාඩුවට මෙතන වෙන්කරගන්නවා නම් කථා කරන්න 0759596161 awidimu hotline එකට.

 

kdktec kdktec

No comments yet.

Leave a Reply