Home
About us
Contact us
Hotels Bookings
Cart
My Account
Checkout
Toggle navigation
WHAT TO SEE ?
WHERE TO STAY ?
WHAT TO EAT ?
WHAT TO DO ?
GETTING THERE
HAPPENINGS
ABOUT US
CONTACT US
ගඟ අද්දර විවේකයට නියම තැනක්
සාමාන්‍යයෙන් විවේකය ගත කිරීමට තැනක් තෝරා ගැනීමේ දී ගහ කොළට සහ පරිසරයට විශේෂත්වයක් ලබාදීම සමාන්‍ය දෙයක්. එහෙම නිවාඩුවක් ගතකරනවා නම් ඒකට ගැලපෙන සුන්දර තැනක් ගැන තමයි මේ කියන්නේ. මේක තියෙන්නේ කුරුවිට. කුරු ගඟ අයිනේ තියෙන මේ සුන්දර හෝටලය ගහකොළට මුල් තැනක් දීල හදලා තියෙන්නේ.
තරු පන්තියේ හෝටලයක දී ලබා ගත හැකි ආකාරයේ උසස් සේවාවක් අත්විඳින්න පුළුවන් මේ හෝටලයේ කාමර 5ක් තියෙනවා. රාත්‍රී නවාතැන් ගන්නවානම් 20 දෙනෙකුට නවාතැන් ගන්න පුළුවන්. එක කාමරයක 4 දෙනා ගානේ පහසුවෙන් ඉන්න පුළුවන්. එක පැත්තකින් ගඟට මායිම් වෙලා තියෙන නිසා සුන්දර කුරු ගඟේ සිහිලස විඳින්න ආරක්ෂාකාරීව නාන්න, පාරු පදින්න මෙතනදි අවස්ථාව තියෙනවා.
මීට අමතරව මෙතන ගොඩාක් ජනප්‍රියයි Office හා Family Day out වලට. ඒකට වෙනමම පැකේජ් එකක් තියෙනවා. හැබැයි ඒ පැකේජ් එක ගන්න අඩුම ගානේ 10 දෙනෙක් ඉන්න ඕන. එහෙම ඉන්නවා නම් උදේ ඇවිල්ලා හවස යන්න පුළුවන් Day out පැකේජ් එක ගන්න පුළුවන්. ඒ පැකේජ් එකට Welcome Drink,Lunch,Evening snaks ඇතුළත් වෙනවා. තව Swimming pool එක පාවිච්චි කරන්න ගගේ නාන්න, පාරු පදින්න වගේ ක්‍රියාකාරකම් සියල්ලම ඒ පැකේජ් එකට දෙනවා. තව මීට අමතරව එන පිරිස අනුව කාමරයක් හෝ දෙකක් ලබාදෙනවා. මේ සියලුම දේවල් එක්ක Day out පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 2750/- ක් වෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි එහෙම Day out එකකට ඔයා මෙතන වෙන් කරගන්නවා නම් එදා දවසම ඒ කණ්ඩායම විතරයි මෙතන ඉන්නේ. ඒ නිසා නිදහස උපරිමව තියෙන එක.
රාත්‍රී නවාතැන් ගන්නවා නම් Night out පැකේජ් එකට යන්න වෙනවා. එකේ තියෙනවා Team packege එකක්. ඒකට 6 දෙනෙකුට වැඩිය වැඩි පිරිසක් ඉන්න ඕන. එහෙම ඉන්නවා නම් ඒ ඉන්න පිරිස අනුව එක කාමරයක 4 දෙනා ගානේ ඉන්න කාමර සහ කෑම බීම ද සියල්ලම එක්ක Full board පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 7900/- යි. එහෙම නැතුව දෙන්නෙක් හෝ 4 දෙනෙක් නම් ඉන්නේ දෙන්නෙකුට නතර වෙන්න කෑම බීම එක්ක (Full board) රුපියල් 22500/- ක් වෙනවා. 4 දෙනෙක් ගේ Team එකක් නම් 28500/-, යි (Full board)
ප්‍රණීත ආහාර පාන සහ උණු ජලය, පිහිණුම් තටාක, අන්තර්ජාල පහසුකම්, වගේ සියලුම පහසුකම් එක්ක තියෙන සුපිරි කාමරවලින් මේ හෝටලේ සමන්විතයි. අවට වටපිටාව ගැන කිව්වොත් මෙතන ඉදලා බෝපත් ඇල්ලට කිලෝමීටර් දෙකයි.බටදොඹලෙන බලන්න යනවා නම් කිලෝමීටර් 6යි. තව අවට සුන්දරත්වය බලන්න. ටිකක් ඇවිදින්න නියම තැනක් මේක.
මේ සුන්දර හෝටලය වෙන් කර ගන්නවා නම් ඇවිදිමු අපිට කථා කරන්න 0759596161 න්.
Follow
Tags:
Kuruwita
No comments yet.
Leave a Reply
Click here to cancel reply.
Name (Required)
Mail (will not be published) (Required)
Website