මලයාඩි වැව් ඉවුරේ නරි ගුහාවක රැයක්

fe

නිවාඩුවක් ගතකරන්න තැනක් හොයද්දි ගොඩාක් අය තමන්ගේ කැමැත්ත අනුව තමයි තැනක් තෝරා ගන්නේ.සමහරු කැමතියි සීත කඳුකර පළාත් වලට තව සමහරු කැමතියි වියළි කලාපයේ නිවාඩුවක් ගත කරන්න. එහෙම වියළි කලාපයේ නිවාඩුවක් ගතකරන්න කැමති අයට මතක හිටින හොඳ නිවාඩුවක් ගතකරන්න පුළුවන් තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේක ටිකක් අමුතු විදිහේ නිවාඩුවක් ගත කරන්න පුළුවන් තැනක්. මේක තියෙන්නේ අම්පාරේ හිඟුරානේ. හිඟුරානේ ඉඳලා කිලොමීටර් 2ක් විතර දුරින් තියෙන මලයාඩි කියන සුන්දර වැව අද්දර තමයි මේ අපූරු නවාතැන්පොළ තියෙන්නේ.

new pink 3 new pink 7 new pink 2

මේක ඇත්තටම කැළේට ආදරේ කරන අයට තෝතැන්නක්. මලයාඩි වැවට මායිම් වුන අක්කර 3ක සම්පුර්ණ භූමියක් තියෙනවා නිදහස ඕන තරම් අත්විඳින්න.මේ අක්කර තුනක භුමියේ Eco විදිහට හදපු Cottages 3ක්ම තියෙනවා නතරවෙන්න. මේ Cottages වලින් එකක් තනිකරම නරි ගුහාවක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ Cottage එක නම් කරලා තියෙන්නෙම Foxy cave කියලා. අති සුන්දර මලයාඩි වැව අද්දර පිහිටලා තියෙන මේ සුන්දර නවාතැන්පොළේ 30 දෙනෙකුට නවාතැන් ගන්න පුළුවන්.

17504631_1873244899591069_5902505519502154915_o

කැමති නම් Cottages ඇතුළේ වගේම හතර පැත්තෙම විවෘත එළිමහන් වල නිදාගන්න උනත් පහසුකම් සලසලා තියෙනවා. අර ඒසී කරපු බිත්ති 4කට කොටුවෙලා නිවාඩුව ගත කරනවාට වඩා මේක මාර අත්දැකීමක්. මොකද කැලේක එළිමහනේ රැයක් ගෙවනවා කියන එක එසේ මෙසේ අත්දැකීමක් නෙවෙයි. හවසට වැව අද්දර ගිණිමැලයක් හෙම ගහගෙන රෑ එලිවෙනකල් වැවේ හුළං පාර විඳගෙන ඉන්න තියෙන අත්දැකීම හරිම අමුතු එකක්. ඒ විතරක් නොවෙයි කැමති නම් මලයාඩි වැවේ පාවෙවී ඉන්නත් ඔරු දෙකක් යොදාගෙන හදපු පාරුවක් තියෙනවා මෙට්ටයක් දාලා හදලා. ඒ විතරක් නෙවෙයි වැවේ ඔරු පදින්න, වැව අද්දර ඉදලා කෑම කන්න හොඳ අවස්ථාවක් මෙතෙන තියෙනවා. ඇත්තටම මෙතන නිවාඩුව ගත කරන එක Jungle outing එකක්ම තමයි.

new pink 12 new pink 11 new pink 10 new pink 6

අයකිරීම් ගැන කිව්වොත් ඒ තරම් මහ විශාල ගාණක් නෙවෙයි මෙතන අය කරන්නේ. කැමැති විදිහට තෝරාගන්න Packages කීපයක්ම තියෙනවා.මෙතන නතරවෙන්න අවම වශයෙන් 5 දෙනෙක් වත් එන්න ඕන.

RATES
Accomodation only (Per person) LKR 1250
Breakfast+ Accomodation (Per person) LKR 1750
BBQ + 1 meal + Tea (Per person) LKR 3250
3 meals including BBQ +Tea +Accomodation LKR 4500
2 Nights+ 3 meals +BBQ +Tea (Full board) per person LKR 7000

සතියේ වැඩකරන දිනයක් වෙන්කර ගැනීමේ දී 10% ක විශේෂ වට්ටම් අත්විඳින්න

මේ අතරින් තමන්ගේ කැමැත්ත අනුව ඕනම Package එකක් තෝරාගෙන අමතක නොවන නිවාඩුවක් ගත කරන්න මෙතන ඕන තරම් නිදහස තියෙනවා. හැබැයි යන්න කලින් වෙන් කරගන්න වෙනවා. කලින් Book කරගන්න කථාකරන්න “ඇවිදිමු “ අපිට 0759596161 න්.

new pink 1 new pink 4 new pink 9 new pink 8

@awidumu team

AMPARA, අම්පාර, Hingurana ,

kdktec kdktec

No comments yet.

Leave a Reply