දඹදෙණියේ සීගිරියට ගිහිං තියෙනවාද?

feture

දඹදෙණිය කියන්නේ රාජකීය උරුමයක් තියෙන තැනක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ.අනුරාධපුර පොලොන්නරුව වගේ නටඹුන් අපිට දඹදෙණිය රාජධානියෙනුත් මුණගැහෙනවා.හැබැයි දැනට හොයාගෙන තියෙන්නේ එහෙම නටඹුන් ස්ථාන කිහිපයක් විතරයි.මේ අතරින් දඹදෙනි විහාරය ගැන කවුරුත් දන්නවා.ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ දඹදෙණි විහාරය ආසන්නයේ තියෙනවා වඩුවාකෙටුගල සහ මාලිගාගල කියලා උස පර්වත දෙකක්. මේ පර්වත දෙක ගැනම විශේෂ විස්තර තියෙනවා.

jjjjjjjjjj kkkkkkk maliga 1

මේ කියන වඩුවාකෙටු ගල ඉස්සර රජසමයේ සිරකරුවන් රඳවා තැබූ තැනක් කියලා කියනවා. එහෙම රඳවා තැබු එක ගල්වඩුවෙක් මහ රෑ මේ පර්වතයේ පඩිපේළියක් කපලා පැනලා යනවා. ඒ ගල් පඩි තවමත් වඩුවාකෙටුගලේ දකින්න පුළුවන්.
දඹදෙණියේ ඉතිහාසය අපි ටිකක් කියවලා බැලුවොත් දඹදෙණිය රාජධානිය දශක 5 කට ආසන්න කාලයක් පැවතිලා තියෙනවා. මුල්ම වරට දඹදෙණිය අගනගරය බවට පත්කරගන්නේ තුන්වන විජයබාහු රජතුමා. ඊට පස්සේ දෙවන පරාක්‍රමබාහු , සිව්වන විජයබාහු හා පළමුවන බුවනෙකබාහු කියන රජවරු මේ දඹදෙණියේ රජකම් කරනවා. මේ රජවරු නිතරම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුනා. ඒක හොඳින්ම තහවුරු වෙනවා මේ වඩුවාකෙටුගලට අනික් පැත්තෙන් තියෙන මාළිගා ගල දැක්කම. මේක හරියට පුංචි සීගිරිය වගෙයි.පර්වතය මුදුනේ මාළිගාව ඉදකරලා තිබිලා තියෙන්නේ. සීගිරිය තරම්ම උස නැති වුනත් මේක ආරක්ෂාව පැත්තෙන් හරි වැදගත් තැනක්.

pic 2 maliga 3 maliga 2

දඹදෙණිය විහාරය අසලින් පහලට ඇති පාර දිගේ මාලිගා ගලට යන්න පුළුවන්. අතරමඟ හැරෙන්න පාරවල් ටිකක් තියෙන නිසා ගමේ කාගෙන් හරි අහගෙන යන එක වැදගත්.මාළිගාගලට පහලින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් සහ ගිමන් නිවන ස්ථානයක් තියෙනවා.එතනින් එහාට දේ මාළිගාගල නගින්න ඕන. මේ පර්වතය තරණය කරන එක ඒ තරම් අමාරු නෑ මොකද දිගටම තියෙනවා ගල් වලින් කරපු පඩිපේලි මේ නිසා මේක අමාරු ගමනක් නෙවෙයි.රවුමට බැඳපු ගල් බිත්ති, ගල් පඩිපෙළවල් නටඹුන් මැදින් මේ මාළිගා ගල තරණය කරන්න ඕන.

51340879 pic 15 pic 20

මෙහෙම නැගලා ගියාම පර්වත මුදුනට යන්න පුළුවන්. සියලු සැප පහසුකම් සහිත මාළිගයක් අතීතයේ මෙතන තිබිලා තියෙන බව දකින්න පුළුවන්. පොකුණු, ප්‍රාකාර, ගල් වැටි වලින් අතීතයේ මෙතන කොහොම තියෙන්නට ඇතිද කියලා හිතාගන්න පුළුවන්. මාළිගය ඉදිරිපස ගල් තලාවේ ඉදිකිරීමක සලකුනු තියෙනවා. ඒක සමහරවිට මාළිගයට ආරක්ෂාවට තිබු ආරක්ෂක කුටියක් කියලා කියන්න පුළුවන්. ගල් මත වු විවර ලී කණු සිටුවීමට භාවිතා කරන්න පුළුවන්.රජ මාළිගයට මදක් දුරින් ජල පොකුණක්ද දැකින්න පුළුවන්. සෑහෙන තරමක විශාල මෙය රජ සමයේ ස්නානය සදහා භාවිතා කරන්න ඇති. මේ වගේ තැනින් තැන ගල් තලා මත කුහර හදලා තියෙනවා.හිතන්න පුළුවන් අතීතයේ ඒවා ලී කණු හිටවන්න යොදාගන්න ඇති කියලා.ඇත්තටම සීගිරිය තරමටම බලන්න , දකින්න දේවල් ගොඩාක් මෙතන තියෙනවා.ඒ නිසා විවේක තියෙන වෙලාවක යන්න නියම තැනක් මේ මාළිගා ගල කියන්නේ.

pic 8 pic 5 pic 6

තමන්ගේම වාහනයකින් මේ ගමන යන එක තමයි ලේසිම ක්‍රමය.කොළඹ ඉදලා එන කෙනෙක්ට නුවර කොළඹ පාරේ (A1) ඇවිත් පස්යාල හංදියෙන් ගිරිඋල්ල පාරට (AB29) එන්න ඕන. එතනින් ගිරිඋල්ලට ඇවිත් කුරුණෑගල පාරේ දඹදෙණිය දක්වා යන්න ඕන.

 

තොරතුරු මුලාශ්‍රය yanaenaten.blogspot.com

ඡායාරූප- චමල් විමුක්ති මධුශංක

දඹදෙණිය රාජධානිය, දඹදෙණිය,Maligagala, Damabdeniya

kdktec kdktec

No comments yet.

Leave a Reply