සුන්දර ගල් ඔය කිට්ටුව නතර වෙන්න නියම තැනක්

feture

ගල්ඔය කියන්නේ වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් නොවුන සුන්දර ප්‍රදේශයක්. ගල් ඔය ජාතික වනෝද්‍යානය සහ සේනානායක සමුද්‍රය කියන්නේ ඇත්තටම සංචාරයට හිතකර පැත්තක්. අවුරුද්දේ වැඩි කාලයක් යහපත් කාලගුණ තත්වයක් තියෙන නිසා ඕනම කාලෙකදි මේ පළාතේ සංචාරය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගල් ඔය ජාතික වනෝද්‍යානය කියන්නේ අලි බලන්න නියම තැනක්. මේ පැත්තට එන සංචාරකයින්ගේ තවත් ජනප්‍රිය ක්‍රියාකාරකමක් තමයි ඉඟිනියාගල වැවේ බෝට්ටු සවාරියක් යන එක.

Elephant at galoya

galoya 2

මේ පලාතේ සංචාරය කරද්දි නතර වෙන්න තැනක් අවශ්‍ය වෙනවා. එහෙම බැලුවම අම්පාර නගරයේ ඉඳලා කිලෝමීටර් 6ක වගේ දුරකින් තියෙන ගෙදර වගේ නිදහසේ ඉන්න පුළුවන් සුන්දර නවාතැන්පලක් ගැන තමයි මේ කියන්නේ. මේරියන්ස් විලේජ් කියලා හඳුන්වන මේ සුන්දර නවාතැනේ එක පාර 20 දෙනෙකුට විතර නතර වෙන්න පුළුවන්. කාමර 7 කින් සමන්විත මේ හෝටලය ඇත්තටම ගෙදර වගේ ගිහිල්ලා ඉන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ කැමති නම් අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය අරං ගිහිල්ලා උයාගෙන කන්න පුළුවන්. එතන වෙනමම කෝකියෙක් ඉන්නවා එයා උයලා දෙනවා. එහෙම නැත්තං මේ හෝටලේට යාබදව තියෙන මේ හෝටලයට අයිති රෙස්ටුරන්ට් එකෙන් ඕන ජාතියක කෑමක් ගන්න පූලුවන්. යුරෝපීය කෑම වර්ග නම් එහෙම, දේශීය කෑම නම් එහෙම මේ ඕනම කෑම වර්ගයක් එතනින් ගන්න පුළුවන්.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

මෙතන කාමර 7 ම යාබද නාන කාමර සහිතව , රූපවාහිනී, වයි- ෆයි ආදී සියලු පහසුකම් එක්ක ඉදිකරපු ඒවා. ඒ කාමර වල ඇතුලේ අමුතු ගෘහ නිර්මාණ ශිල්පයක්, වර්ණ රටාවක් දකින්න පුළුවන්. එහෙම බැලුවම ඔබට චමත්කාරජනක නිවාඩුවක් ගත කරන්න මේක කියාපු තැනක්. තව පැත්තකින් බැලුවම මෙතන අයකිරීම් හරිම සාධාරණයි. සාමාන්‍යයෙන් රුපියල් 1500 වගේ ඉඳලා වගේ තමයි පටං ගන්නේ.

ඒත් එක්කම ගල් ඔය කැලේ අලි බලන්න සෆාරියක් යනවා නම්, නැත්තං ඉගිනියාගල සේනානායක සමුද්‍රෙය් Boat tour එකක් යනවා නම් මේ හෝටලේ කළමණාකාරීත්වය ඒ සියල්ල ඔබ වෙනුවෙන් සුදානම් කරලා දෙන්න ලෑස්තියි.

????????????????????????????????????

????????????????????????????????????

unnamed (7)

නතර වෙන්න හෝටලේ වෙන් කර ගන්න, සෆාරියක් ලෑස්ති කර ගන්න මේ සියලු දේවල් වලට කථා කරන්න 063 2051412 නැත්තං 0718549527 කියන දුරකථන අංක වලට.

kdktec kdktec

No comments yet.

Leave a Reply