වැව් සිහිලස එක්ක නිදහස විඳිමු

fe

වැවක තියෙන සිහිලස විඳපු කෙනෙක් ඇත්තටම ජීවිතේ විඳලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම සුන්දර නිවාඩුවක් ගත කරන්න කැමති පරිසරයට ආදරේ ඇති අයට නියම තැනක් ගැන තමයි මේ විස්තරය. මේරියන්ස් විලේජ් කියන මේ සුන්දර නවාතැන්පල තියෙන්නේ අම්පාරේ. අම්පාර කිව්වම අපි දන්න අර කටුක බවින් අත් මිදිලා මනරම් නිවාඩුවක් ගත කරන්න මේක නියම නිදහස් තැනක්. අම්පාර හිමිදුරාව කියන වැව අයිනේ පිහිටලා තියෙන මේ සුන්දර නවාතැන්පළ ඊළඟ නිවාඩුව ගත කරන්න නියම තැනක් කියලා බය නැතිව කියන්න පුළුවන්.

edit 2 edit 9 edit 1

සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී විදිහට හදලා තියෙන මේ සුන්දර නවාතැන් පොල හිමිදුරාව වැවට මායිම් වෙලා තියෙන්නේ. නාන කාමර ආදී සියලු පහසුකම් වලින් සමන්විත මේරියන්ස් විලේජ් එක කර්කශ කොන්ක්‍රීට් සහ වායු සමීකරණ යන්ත්‍ර මැද ගතකරන නිවාඩුවකට වඩා වෙනස් නිවාඩුවක් ගත කරන්න නියම තැනක්. මේ නවාතැන්පොළ මැටි වලින් හදලා පොල් අතු හෙවිලි කරලා තමයි හදලා තියෙන්නේ.වැවේ සුළං පාර හොඳට දැනෙන විදිහට සිසිලස පිරිච්ච නිවාඩුවක් මෙතන ගත කරන්න පුලුවන්.

සාමාන්‍යයෙන් 12 දෙනෙකුට විතර මෙතන නවාතැන් ගන්න පුළුවන්. රුපියල් 1500 ඉඳලා එක එක ගණන් වලට Full board Packages තියෙනවා. ඒ වගේම එන අයගේ කැමැත්ත අනුව වැව අයිනෙන්ම කැමති නම් Tent එකක් ගහලා Campfire (ගිණිමැලයක්) ගහලා සම්පූර්ණ කඳවුරු අත්දැකීමක් සලසලා දෙන්නත් මෙතන අය ලෑස්තියි. ඒ වගේම මෙතන තියෙනවා අවට පරිසරය විඳින්න පුළුවන් Tree house එකක්. මේ නිසා පවුලේ හැම දෙනාටම නිදහසේ නිවාඩුව ගතකරන්න මේරියන්ස් විලේජ් එක මරු.

edit 6 edit 4 edit 3

මේ කිට්ටුව තව බලන්න යන්න පුලුවන් තැන් සහ කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ගල් ඔය ජාතික වනෝද්‍යානයේ සෆාරියක් යන්න අවශ්‍ය සියලුම දේවල් ලෑස්ති කරලා දෙන්න මෙයාලා ලෑස්තියි. ගල් ඔය කැලේ ඇතුළේ තියෙන සුන්දරතම තැනක් වන කොස්සපොල බලන්න යන්න අවශ්‍ය ජීප් රථ පහසුකම් ආදිය මෙයාලා ලෑස්ති කරලා දෙනවා. මීට අමතරව වන අලි වතුරේ බැහැලා පීනන දර්ශන දකින්න පුළුවන් සේනානයක සමුද්‍රයේ බෝට්ටු සවාරියක් යන්නත්, මේරියන්ස් විලේජ් එක වටේ තියෙන හිමිදුරාව වැවේ බෝට්ටු සවාරියක් යන්නත් අවශ්‍ය පහසුකම් සලසා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඖෂධීය ගුණයෙන් පිරිච්ච නිල්ගල වනෝද්‍යානයේ ඇවිදින්න යන්න. අරුමු පුදුම ජල විස්කමක්වෙන මකරේ බලන්න යන්න. අම්පාර රජගල විහාරස්ථානය බලන්න යන්න රතුගල වැදි ජනයා බලන්න යන්න මේ ආදී විදිහට ක්‍රියාකාරකම් රැසක් අත්විඳින්න තියෙන නියම තැනක් තමයි මෙතන.

edit 10 edit 8

මේරියන්ස් විලේජ් එක කට්ටියකට සෙට් වෙලා පාටියක් දාන්නත් මරු තැන. DJ,Karoke , Musical band වාගේ මේ ඕනම පහසුකමක් අත්විඳින්න නියම තැන තමයි මේ.

මේ සුන්දර අත්දැකීම විඳින්න කැමති අය නවාතැන්පොළ වෙන්කර ගැනීමට කථා කරන්න 0718749527 කියන දුරකථන අංකයට.

kdktec kdktec

No comments yet.

Leave a Reply