මස්කෙළියේ සීතල නිවාඩුවක්

fe

මස්කෙළිය කියන්නේ මනස්කාන්ත පරිසරක් තියෙන හිතට දැනෙන දේශගුණයක් තියෙන අති සුන්දර පරිසරයක්. මේ සුන්දර පරිසරයේ හිතේ හැටියට සීතල නිවාඩුවක් ගත කරන්න නියම තැනක් තමයි මේ. මේ සුන්දර බංගලාව පිහිටලා තියෙන්නේ කොළඹ ඉඳලා පැය තුනකින් තුනහමාරකින් විතර යන්න පුළුවන් දුරකින්.

mas 1 mas 3 mas 7 mas 9

මේ බංගලාව පිහිටලා තියෙන්නේ අක්කර 10 ක විතර තේ වත්තක් මැද ලස්සන තැනක. කොලෝනියල් විදිහට හදපු කාමර 8ක බංගලාවකුත් තව කාමර දෙකක විලා එකක් සහ Tree House type එකට අඩි 7-8ක් විතර උසින් හදපු Lodge cabin දෙකකුත් මෙතන තියෙනවා. සම්පූර්ණ විදිහට ගත්තම මෙතන 25 දෙනෙකුට විතර නතර වෙන්න පුළුවන්.

Accommodation ගැන කිව්වොත්  මෙහෙමයි

මේ Log cabins වල 3 දෙනා ගානේ ඉන්න පුලුවන්.ඒවයේ ලොකු  Double Bed එක ගානේ සහ  Single Bed   එක ගානේ තියෙනවා.

අනිත් Villa  එකේ Rooms දෙකයි ඒකේ තියෙන්නේ Triple Room එකයි Double Room එකයි.

Bungalow එකේ  Rooms 8 ක් තියෙනවා. එතන Triple Room එකයි Double Rooms හතයි

මේ හැම කාමරයටම උණු වතුර පහසුකම් ඇතුළු අනික් සියලු පහසුකම් තියෙනවා. මෙතන ආහාර වර්ග කැමති විදිහට තෝරා ගන්න පුළුවන්. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර කැමති අයට ඒවා තෝරා ගන්න පුළුවන් එහෙත නැත්තං යූරෝපීය ආහාර මේ ඕනම එකක් තෝරාගන්න අවස්ථාව තියෙනවා.

mas 5 mas 4 mas 6 mas 10

අවට පේන කඳු පංති,සිහිලැල් දේශගුණය, ඉඩමට යාබදව ගලා බහින ස්වාභාවික දිය සීරාවන් , මේ හැම එකක් එක්කම අමතක නොවන නිවාඩුවකට මෙතන නියම තැනක්.

මිළ ගණන් මෙහෙමයි

Adults full board  – Rs 5000 per person

Half board             – Rs 4500

Bed and breakfast- Rs 4000

 

Children under 12 half price

children under  6  free

ස්වාභාවික උල්පත් වලින් එන වතුර පිරුණු Swimming Pool මෙතන තියෙන විශේෂත්වයක්. මස්කෙළියේ සීතල දිය උල්පත් වලින් එන වතුරින් හිතේ හැටියට නාලා අමතක නොවෙ නිවාඩුවක් ගත කරන්න මෙතන නියමයි.මීට අමතරව අවට වටපිටාවේ ඇවිදින්න, කුරුල්ලෝ බලන්න, තේ වතු වල තේ දළු නෙලන හැටි බලන්න, වගේම මෙතන ඉඳලා Worlds end යන්න ,ඇබර්ඩීන් දිය ඇල්ල බලන්න යන්න සිරීපාදේ යන්න හරිම පහසුයි. සිරිපාදේ යන ගමන් සහ එන ගමන් නවතින්න මේක නියම තැනක්.

මේ සුන්දර නවාතැන ඊළඟ නිවාඩුවට වෙන් කරගන්න ඕන නම් කථා කරන්න awidimu hotline එකට 0759596161 න්.

 

MASKELIYA  #Maskeliya

kdktec kdktec

No comments yet.

Leave a Reply