කොළඹ තියෙන මායාවරුන්ගේ ජල උද්‍යානය

Mayans ja ela 01

මායාවරුන් ගැන අපි අහලා තියෙන්නේ කථාවල, අපි දැකලා තියෙන්නේ චිත්‍රපට වල විතරයි. ඒත් දැන් ඔන්න මායාවරුන්ගේ ජල උද්‍යානයක ක්‍රීඩා කරන්න අවස්ථාව ලංකාවේදී උදාවෙලා. මේ කියන්න හදන්නේ ලංකාවේදී පළමු වරට අත්විදින්න ලැබෙන විචිත්‍රවත් ක්‍රියාකාරකමක් ගැන. ඒ තමයි මායාවරුන්ගේ ජල උද්‍යානයක හිතේ හැටියට ක්‍රීඩා කරන එක. මේ මායාවරුන්ගේ ජල උද්‍යානය තියෙන්නේ කොළඹ ජා ඇල ප්‍රදේශයේ. ජා ඇල සුප්‍රකට විනෝද උද්‍යානයක් වන ගුරුගේ නේචර් පාර්ක් එක ඇතුළේ තමයි මේ අමුතුම අත්දැකීම සකස් කරලා තියෙන්නේ.

Mayans ja ela 02 Mayans ja ela 03 Mayans ja ela 04 Mayans ja ela 05

පැරණි මායා වරුන්ගේ මන්දිර වල තියෙන ස්වරූපයේ ලක්ෂණ රැසක් මේ ජල උද්‍යානයේදී දකින්න පුළුවන්. ඒවා විවිධ වර්ණවල විදුලි බුබුලු වලින් ආලෝකමත් වුනාම හරියට අපිත් මායවරුන්ගේ දේශයට ගියා වගේම තමයි දැනෙන්නේ. ඒ අමුතු හැඟීමත් එක්ක මේ ජල උද්‍යානයේ ඇති තරම් ජල ක්‍රීඩා කරන්න අවස්ථාව උදාකරගන්න පුළුවන් කාටත්. කාටත් කිව්වේ ලොකු අයට සහ පොඩි අයට ගැලපෙන විදිහට මේ ජල ක්‍රීඩා උද්‍යානය නිර්මාණය කරලා තිබීම විශේෂත්වයක්.

Mayans ja ela 08 Mayans ja ela 07 Mayans ja ela 06

මේ ජලක්‍රීඩා උද්‍යානය සතියේ දවස්වල නම් හවස 3 ඉඳලා රෑ 8 වෙනකල් විවෘතයි. ඒ වගේම සති අන්තවල, පෝය සහ අනිකුත් නිවාඩු දවස්වල මේ ජල ක්‍රීඩා උද්‍යානය උදේ 10.30 ඉඳලා රෑ 8.30 වෙනකල් විවෘතව තියෙනවා. අයකිරීම ගත්තොත් වැඩිහිටි කෙනෙකුට රුපියල් 500/=යි කුඩා (වයස අවුරුදු 11 ට අඩු) රු. 400/= ක් වෙනවා. ගෙවන ගානට පාඩු නෑ කියලා ඔබට අනිවාර්යයෙන්ම හිතෙනවා මේ අපූර්ව අත්දැකීම වින්දට පස්සේ.

කට්ටිය එකතු වෙලා, හිතාගන්න බැරි තරම් ලස්සන අත්දැකීමක් ලබන්න මෙතනට යන්න පුළුවන්. මෙතනට යන හැටි බලාගන්න මෙතන ක්ලික් කරන්න. මේ කිව්ව දේට වැඩිය වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ අංකයට කථා කරන්න 077 003 7323

තව පිංතූර පහතින් බලන්න. බලලා ෂෙයාර් කරගන්න මේ ලින්ක් එක ඔයාගේ ෆේස් බුක් එකට

Mayans ja ela 10 Mayans ja ela 12 Mayans ja ela 13 Mayans ja ela 17Mayans ja ela 18 Mayans ja ela 15Mayans ja ela 16 Mayans ja ela 14

 

 

kdktec kdktec

No comments yet.

Leave a Reply