ලංකාවේ ටජ් මහල මෙන්න

medagoda dewalaya (8)

ටජ් මහල ගැන නොදන්න කෙනෙක් නෑ. අපි ගොඩාක් අය දන්න ටජ් මහල තියෙන්නේ ඉන්දියාවේ. ඒත් මේ කියන්න හදන ටජ් මහල තියෙන්නේ ලංකාවේ. මේක හැදුවේ සීතාවක රාජසිංහ රජු තමන්ගේ අග මෙහෙසිය වුන මල්වතී බිසව වෙනුවෙන්.

මල්වතී කියන්නේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ නැකැත් කාරයෙක් වවුන දොඩම්පේ ගණිතයාගේ දුව. මේ තරුණිය දියනාමින් ඉන්නවා හදිස්සියේ දකින රජතුමා ඇයව රජවාසලට අරං ගිහිං අගමෙහෙසිය තනතුරේ තියාගන්නවා. මේ වෙනකොට රජුට අවුරුදු 60 කටත් වැඩියි වයස.මේ බිසවට වයස් අවුරුදු 18ක් විතර ඇති.කොහොම වුනත් මේ දෙන්නා ඉතා හොඳින් හිටියා කියලයි කියන්නේ. මෙහෙමඉද්දි හදිස්සියේ රෝගාතුර වෙන මල්වතී බිසව මිය යනවා.

මේ ගැන කම්පාවුන රජු මැදගොඩකියන ප්‍රදේශයේ කැළණි ගඟ අයිනේ මල්වති වෙනුවෙන් දෙවොලක් හදලා ඒක පත්තිනි දෙවියන්ට පුජා කරලා තියෙනවා.ඒ දෙවොල තමයි අද මැදගොඩ පත්තිනි දේවාලය කියලා හඳුන්වන්නේ කියලා තමයි කියවෙන්නේ.

medagoda dewalaya (3)

මේ දේවාලය ගැන කියන තවත් කථාවක් තියෙනවා. ඒකේ විදිහට කැළණි ගඟදිගේ සුප්‍රකට පෙතන්ගොඩ උයනට අඟුළකින් උඩුගම් බලා යමින් හිටපු රජතුමා රැගත් අඟුල හිටි හැටියේම ගඟ මැද නැවතිලා තියෙනවා.අගුල පැදවූ මාල මීගොල්ල නැමැත්තා අවට පරීක්ෂා කරද්දි උස් බිමක පහනක් පත්තුවෙනවා දැකලා තියෙනවා. ඒ බව සැලකලාට පස්සේ අඟුලෙන් බැහැලා ආපු රජතුමා නිරුපද්‍රිතව ගමන යන්න දෙනවා නම් දෙවොලක් කරලා දෙන බවට භාර වෙලා තියෙනවා. මේ භාරේ ඔප්පු කරන්න මේ දේවාලේ හැදුවා කියලත් කියනවා.

medagoda dewalaya (6) medagoda dewalaya (5) medagoda dewalaya (7)

ඒ කොහොම වුනත් කිස්තු වර්ෂ 1592දී විතර මේ මැදගොඩ පත්තිනි දේවාලය හදන්න ඇති කියලා තමයි විශ්වාස කෙරෙන්නේ. අදටත් අමුතු විදිහක ගුප්ත බවක් මේ දේවාලයේ තියෙනවා. අතීතයේදී කැටයම් කරපු ගල් කුළුණු මත මේ දේවාලය හදලා තියෙන්න ඇති කියලා විශ්වාස කෙරෙනවා.ඒත් අද වෙනකොට ඒ ගල් කණු කිහිපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.

කොහොමු වුනත් මේක බලන්න වටින තැනක්. කොළඹ ඉඳලා වැඩි දුරකුත් නෑ. අවිස්සාවේල්ලට ඇවිල්ලා, තල්දුවට ඇවිත් අමිතිරිගල පාරේ ටික දුරක් ගියාම මුණ ගැහෙන ගුරුගල්ල පාලමෙන් එගොඩ වෙලා වමට හැරී කැළණි ගඟ ඉවුරට සමාන්තරව පහලට කිලෝ මීටරයක් විතර දුර ගියාම මේ දේවාලෙට යන්න පුළුවන්.මේ තියෙන්නේ Google map එක.

පහලින් තියෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් මේ දේවාලය ගැන කරපු කෙටි වීඩියෝවක්

@ awidimu team

Avissawella , Awissawella, AWISSWELLA ,

 

kdktec kdktec

No comments yet.

Leave a Reply