මෙන්න තවත් පුංචි ලෝකාන්තයක්

Salagama09

ලෝකාන්තයක් කියපු ගමන් අපේ මතකයට එන්නේ නුවරඑළියේ හෝටන්තැන්නේ පිහිටලා තියෙන ලෝකාන්තය. මොකද අපි මුලින්ම ඔය ලෝකාන්තය කියන වචනේ ඇහුවේ හෝටන්තැන්නේ ලෝකාන්තයෙන් නිසා.ඉතින් පස්සේ නම් ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පුංචි ලෝකාන්ත ගැනනම් අහන්න ලැබුනා .අන්න ඒ වගේ පුංචි ලෝකාන්තයක් ගැන කියන්න තමයි මේ කියන්නේ.ඇත්තටම මේ ලෝකාන්තය පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයත් මාතලේ දිස්ත්‍රික්කයත් වෙන්වෙන මායිමක. ඇල්කඩුව වැවිලි සමාගමට අයත් සැලගම වතුයායේ ඉහල කොටසේ තමයි මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නේ.

Salagama07 Salagama06 Salagama08

මුහුදු මට්ටමේ සිට ම්ටර් 1100 ක් පමන උසකින් යුතු මේ ස්ථානයට වයඹ පලාත වගේම මධ්‍යම පලාතත් එකවර දැක ගන්න පුළුවන් වීමත් විශේෂයි. එ වගේම නකල්ස් කදු පන්තියත් සුන්දරව දැක ගන්නනම් පුළුවන්. ඒ වගේම වයඹ පලාතේ තියෙන උසම කදු මුදුන වන මොරතිහ ගම්මානයේ ඉහල පිහිටා තියෙන මිටර් 836 ක් උස බිසෝගල කදු මුදුනත් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇටිපොල කන්ද ,දොලු කන්ද,බතලගොඩ වැව,කිබුල්වානා ඹය ඡලාශය,රීදී විහාරය, රම්බඩගල්ල සෙල්පිලිමය වගේම කහට ගහ පතලත් දැක ගන්න පුළුවන්.

Salagama04 Salagama10 Salagama03 Salagama05

මෙතනට යන්නේ මෙහෙමයි කුරුණෑගල ඉදලා යනවානම් මාතලේ පාරේ යටවත්තට ඇවිත් එතනින් මහවෙල පාරේ කි.මි.01ක් විතර යනවිට සැලගම මංසන්දිය හමුවෙනවා එතනින් වමට තියෙන සැලගම මාර්ගයේ තවත් කි.මි. 02ක් විතර ගියහම සැලගම වතුයායට යන මාර්ගය හමුවෙනවා . එම වතු මාර්ගය දිගේ තවත් කි.මි1.5 වගේ ගමන් කරන විට සැලගම වතුයායේ ප්‍රධාන කාර්යාලය ඹබට දැක ගන්න පුළුවන්. එතනින් රු.250/= මුදලක් ගෙවීමෙන් පසු තවත් කි.මි.03ක් කන්ද මුදුනට ගමන් කිරිමේන් පසු පුංචි ලෝකාන්තයේ සුන්දරත්වය විඳ ගන්න පුළුවන්.දඹුල්ල,මාතලේ හා මහනුවර පැත්තෙන් ඔබ පැමිනි‍යොත් යටවත්ත නගරයට පැමිණ මහවෙල මාර්ගයේ ගමන් කර සැලගම හන්දියෙන් හැරි සැලගම මාර්ගයේ ගමන් කල යන්න ඕන.

Salagama02 Salagama01

එහෙම ගියාම මේ සුන්දර ස්ථානයට යන්න පුළුවන්. හැබැයි යනවා නම් මතක තියාගන්න එක දෙයක්. අවට පරිසරය විනාශ කරලා කුරුරු විදිහට සතුටු වෙන්න නම් යන්න එපා. පරිසරයට ගහ කොලට ආදරේ කරන අය විතරක් මෙතන්ට යන්න.

සටහන/ඡායාරූප – අනුර පල්ල මුල්ල

 

#Kurunagala  #Mathale #mini worlds end

kdktec kdktec

No comments yet.

Leave a Reply