මිහිදුම් සේලය පොරවාගත්ත Mount Castle

 

MR (11)

හැටන් කියන්නේ නුවරඑළියට කිට්ටු හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන පැත්තක් කියලා ආපහු කියන්න දෙයක් නෑ. නුවරඑළියේ තියෙන අධික ශීතල වෙනුවට හැටන් වල තියෙන්නේ දරාගන්න පුළුවන් ඇඟට දැනෙන දේශගුණයක්. මේ නිසා ගොඩාක් දෙනෙක් හැටන් වල නවාතැන් ගන්න ඉතාම කැමතියි. මොකද එක පැත්තකින් ඉක්මනට නුවරඑළියට යන්න පුළුවන් නිසා සහ ශ්‍රී පාදස්ථානය, මස්කෙළිය වගේ ප්‍රදේශවල සංචාරය කරන්න පුළුවන් නිසා.

MR (7) MR (5)MC (2)

මේ විදිහට නිවාඩුවක් විවේකයක් ගත කරන්න හැටන් යනවා නම් නතර වෙන්න පුළුවන් අළුතින්ම ඉදිකරපු සුන්දර නවාතැනක් ගැන තමයි මේ කියන්නේ.

මේක ඇත්තටම හැටන් නගරයට ආසන්නයේ මනරම් කඳු මුදුනක ඉදිවුන මාළිගයක් කියලා කියන්න පුළුවන්. මේ නවාතැනේ නම Mount Castle. සුපිරි කාමර හතකින් යුත්මේ සුන්දර මන්දිරය අති නවීන ගෘහ උපකරණ සහ පහසුකම් වලින් යුක්තයි. අවට කඳු සහිත මනරම් ප්‍රදේශය දැකගන්න ඉතා හොඳ විවෘත අවකාශයක්, ඈත කඳු මුදුන් වල ඉදලා හමාගෙන ඉන සීතල සුළං පාරක් විඳින ගමන් හැටන් වල වැවෙන නැවුම් තේකොල වලින් හදපු රසවත් තේ එකක් රසවිඳින්න වගේ අමුතුම ආකාරයේ විවේකයක් ගත කරන්න මෙතනදි අවස්ථාව තියෙනවා.

MR (2) MR (3) MR (9)

 

ඉතා සුන්දර නිවාඩුවක් ගත කරන්න, කාර්යාලයීය උත්සවයක් හෝ වෙනත් ප්‍රිය සාදයක් පවත්වන්න වගේ දේවල් වලට මෙතන නියමයි. අවශ්‍ය තරම් ඉඩකඩ ඇතිව හදලා තියෙන මේ සුන්දර මන්දිරයෙදි ඉතා රසවත් ආහාර පාන රසවිඳින්නත් ඔබට අවස්ථාව තියෙනවා. ප්‍රදේශයේ වැවෙන නැවුම් එළවලු සහ පළතුරු වල රසය විඳින ගමන් නැවම් විවේකයක් ගත කරන්න මෙතන නියමයි.

MR (10) MR (1) MR (8)

මේ මන්දිරයේ කාමර 7ම සියලු පහසුකම් වලින් යුක්තයි. සෑම කාමරයක්ම පුළුල් ඉඩකඩකින් යුක්ත වන අතර රෑපවාහිනී සහ අනිකුත් පහසුකම් මෙන්ම නාන කාමර වලින්ද යුක්ත වෙනවා.ආහාර පාන රසවත් ලෙස සකස් කිරීම සඳහා පළපුරුදු කෝකි වරුන් යෙදවා ඇති අතර ඔවුන් උසස්තම සේවාවක් සැපයීමට කටයුතු කරනවා.

සියලු පහසුකම් සහිතව අළුතින්ම ඉදිරකරපු මේ සුන්දර බංගලාව ඔබේ ඊළඟ නිවාඩුවට හරියටම හරියනවා. විස්තර දැනගන්න කථාකරන්න 0777121776 /0777212182 කියන දුරකථන අංක වලට

MR (6)MC (1)

HATTON , Hatton

kdktec kdktec

No comments yet.

Leave a Reply