ෂර්ලොක් හෝම්ස් වෙන්න කැමති ද?

Sherlock

අපි බොහෝ දෙනෙක් ෂර්ලොක් හෝම්ස් ට කැමතියි. හෝම්ස් අභිරහස් විසඳන කථා අපි කියවලා ඒ කථාවල මනසින් ජීවත් වෙනවා. ඒ වගේ වෙලවට හිතෙනවා අපිටත් ෂර්ලොක් හෝම්ස් වගේ වෙන්න තිබුණා නම් කියලා. ඔව් දැන් ඇත්තටම ඔබට පැය එක හමාරකට ෂර්ලොක් හෝම්ස් කෙනෙක් වෙන්න පුළුවන් .

ශ්‍රී ලංකාවට මුල්වරට මේ අපූරු අත්දැකීම හඳුන්වලා දෙන්නේ Beyond Boundaries Global පෞද්ගලික සමාගම. මේ වැඩේට කණ්ඩායමක් විදිහට තමයි සම්බන්ධ වෙන්න තියෙන්නේ එකපාර 8 ත් – 20 ත් අතර පිරිසකට මේ රහස් පරීක්ෂකයෝ විදිහට මේ අභිරහස් විසඳීමට එකතු වෙන්න පුළුවන්. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් තමයි මේ අත්දැකීම නිර්මාණය කරලා තියෙන්නේ.

sherlock 2

මෙහිදී කණ්ඩායමටම ලැබෙනවා අභිරහසක් විසඳන්න. කණ්ඩායම් වැඩක් විදිහට කට්ටියම එකතු වෙලා නිශ්චිත කාලයක් තුළදී ඒ අභිරහස විසඳන්න ඕන. මේ වැඩේ ඇත්තටමTeam building වලට  Stress release කරගන්න සහ පොඩි Change එකකටත් නියම වැඩක්. ඒ වගේම සිතීමේ හැකියාව, නිර්මාණශීලී භාවය වගේ කුසලතා සංවර්ධනය කරගන්නත් මේ අත්දැකීමේදී අවස්ථාව ලැබෙනවා.

sherlock 1

රාත්‍රී කෑම වේලක් භුක්ති විඳිනවාට වඩා, සිනමා පටයක් නරඹනවාට වඩා විනෝදය පිරුණු අත්දැකීමක් මේ හරහා ලැබෙනවා. ඊට හේතුව තමයි අබිරහසක් විසඳෙනවා බලා සිටිනවාට වඩා එය විසඳන්න සහභාගී වීම ගොඩක් වින්දනාත්මක වීම. ක්‍රීඩකයින් එකිනෙකා සමඟ කොයිතරම් සහයෝගයෙන් කටයුතු කරමින්, කාලය හා තරග කරමින් මේ ක්‍රියාකාරකමේ නිරතවීමේදී මිතුරන් වගේම මිතුරන් නොවන අය සමඟත් සහයෝගීව කටයුතු කිරීම වැදගත් තැනක් ගන්නවා.

මේ ගැන වැඩි විස්තර 0702 228 222 හෝ 071 066 2227 දුරකථන අංකවලින් හරි www.mystery.lk වෙබ් අඩවියෙන් හරි ලබාගන්න පුළුවන්.

kdktec kdktec

No comments yet.

Leave a Reply