ජීවිතය විඳින්න ගාල්ලේ නඳුන් උයන

 

fe

ගාල්ල කියලා කියන්නේ ගොඩාක් දෙනෙක් දැන් නිවාඩුව ගතකරන්න තෝරාගන්න හොඳම තැනක්. මේකට ප්‍රධාන හේතුවක් තමයි Highway එකේ ඉක්මනින්ම එන්න පුළුවන් වීම. අනික තමයි ගාල්ලේ බලන්න තියෙන තැන්වල විවිධත්වය. ඒ තියන්නේ මුහුද, වෙරළ වගේම සීතල සෞම්‍ය ආදී ඕනම විදිහට විවේකය විදින්න ගාල්ල නියමයි. එහෙම විවේකය විඳින්න ගාල්ලේ යනවා නම් පවුලේ කට්ටියත් එක්ක ගිහිං ඉන්න සුපිරි බංගලාවක් ගැන තමයි මේ විස්තරය

281

7

නදුන් උයන කියලා හඳුන්වන මේ බංගලාව වතු බංගලාවක්. මේක තියෙන්නේ ගාල්ලේ මැදකීඹීය කියන පැත්තේ . ඒ කියන්නේ ගාල්ල නඟරයේ ඉඳලා පැය භාගයක විතර දුර. තේ වත්තක් මැද තියෙන මේ සුන්දර බංගලාව කාමර 3 කින් සමන්විතයි. මේ කාමර 3ම attached bathrooms එක්ක සියලු පහසුකම් තියෙන කාමර. මෙතන 12 දෙනෙකුට ලේසියෙන් නතර වෙන්න පුළුවන්. Swimming pool එකකුත් තියෙන නිසා නිදහසේ නිවාඩුව ගෙවන්න මෙතන මරු තැනක්.

මේ බංගලාව 19 වන ශත වරෂයේ ඉදිකරපු එකක් වුනාට ඒ පෞරාණික ගතියට හානියක් නොවෙන විදිහට නවීන පහසුකම් එක්ක නවීකරණය කරපු එකක්. හතරවටේම පේන විදිහට උස් බිමක හදලා තියෙන මේ බංගලාව වටේම අවට සිරිය විඳින්න පුළුවන් විදිහට හදපු ඉස්තෝප්පු වලින් සමන්විත වෙනවා. වැසි වනාන්තර ලක්ෂණ සහිත අක්කර දෙකක විතර විශාල බිමක පිහිටලා තියෙන මේ සුන්දර නවාතැන්පොළ අවටදී විවිධ වර්ගවල කුරුල්ලන්, මොනරුන්, ආදී සත්ව විශේෂ රැසක් දැකගන්න පුළුවන්.

9 5 4 3

BBQ, Wifi, Dialog TV, Hot water ආදී සියලු පහසුකම් වලින් මේ බංගලාව සමන්විතයි. හාත්පස වටපිටාවේ ලස්සන විඳින්න පුළුවන් විදිහට හදලා තියෙන මේ බංගලාව පවුලේ අයත් එක්ක තමන්ට කැමති විදිහේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න හොඳම තැනක්. 9 දෙනෙක් වගේ ඉන්නවා නම් මෙතන රුපියල් 22500/= කට  වෙන් කරගන්න පුළුවන් . 12 දෙනෙක් වගේ නම් මෙක 27500/- ක් වෙනවා.  කෑම ගැන කිව්වොත් අවශ්‍ය නම් මෙතනින් කෑම ගන්නත් පුළුවන්. එහෙම නැතුව අවශ්‍ය දේවල් අරං ආවම මෙතන ඉන්න කෝකියාට කියලා උයවා ගන්නත් පුළුවන්. එහෙම උයවා ගන්නවා නම් රුපියල් 4000/- ක ගාස්තුවක් අය කරනවා ආහාර වේල් 3ක් සහ BBQඑකක් දාලා දෙන්න.

6

මෙතන ගොඩාක් වැදගත් වෙන්නේ මෙතන ඉඳලා ගාල්ලේ බලන්න තියෙන ගොඩාක් තැන් වලට ඉතාම කිට්ටු නිසා. මෙතන ඉඳලා සිංහරාජයට යන්න පුළුවන්, ගාල්ල කොටුවට පැය භාගයක දුර, හියාරේ කැලේ බලන්න යන්න විනාඩි 45ක් විතර යන්නේ. උණවටුනට , කොක්ගලට වුනත් හරි ලේසියෙන් යන්න පුළුවන්.

ඊළඟ නිවාඩුවට නඳුන් උයන වෙන් කරගන්නවා නම් කථා කරන්න 0776430157 ට.

kdktec kdktec

No comments yet.

Leave a Reply