සිංහරාජ මායිමේ නෙළුවේ නිවාඩුවක්

Neluwa (6)

සිංහරාජ මායිමේ පිහිටා තියෙන ගාල්ල නෙළුව කියන්නේ නිවාඩුව විවේකය ගත කරන්න කියාපු දේශගුණයක් සහිත ප්‍රදේශයක්. සිංහරාජ මායිමේ පිහිටලා තියෙන නිසා මේ පැත්තේ පුදුමාකාර තරම් සිහිල් දේශගුණයක් තියන්නේ. ඒ සිසිලස විඳින්න කැමති නම් නිවාඩුව ගත කරන්න නියම තැනක් තියෙනවා ගාල්ල නෙළුව ප්‍රදේශයේ.

මේක පවුලේ අයගේ විවේකයට නියම තැනක්. මෙතන 6 දෙනෙකුට නිදහසේ ඉන්න කාමර දෙකක් තියෙන සුන්දර බංගලාවක්. මේ බංගලාව හදලා තියෙන්නේ නෙළුවේ ඉඳලා කඩහිංගල දෙල්ලව පාරේ කිලෝමීටර් 10ක දුරින් තේවත්තක් මැද.අක්කර 10ක් විතර විශාල මේ තේවත්තේ සුන්දරම තැනක හදලා තියෙන මේ බංගලාවේ ඉඳලා හාත්පස බැලුවම දර්ශණීය වටපිටාවක් දකින්න පුළුවන්. උදේ පාන්දරම නැගිටලා බැලුවම වටේට තියෙන වීදුරු බිත්ති වලින් මීදුම පේන දර්ශනය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.

Neluwa (5) Neluwa (2) Neluwa (4)

මේ කාමර දෙකේ ඉන්න පුළුවන් ගාණ 6 දෙනෙක්. 6 දෙනෙක් ඉන්නවා නම් මෙතන ගාණ රුපියල් 19500/- ක් වෙනවා. 6 දෙනාට වැඩිය ඉන්නවා නම් එක්කෙනෙකුට 1500/= ක් අය කරනවා. ඒ වැඩිවෙන අයට සෝෆා බෙඩ් එකක් සහ මෙට්ටයක් වගේ තමයි දෙන්නේ. උණුවතුර පහසුකම් , රූපවාහිනී මේ ආදී සියලු පහසුකම් වලින් සමන්විත මේ බංගලාව නිස්කලංක නිවාඩුවකට නියම තැනක්.

මෙතන ආහාර හදාගන්නවා නම් ක්‍රම කීපයක් තියෙනවා.පළවෙනි එක තමයි එන අයට පුළුවන් උයාගන්න. ඒකට අවශ්‍ය උපකරණ හැම එකක්ම වගේ තියෙනවා. උයන්න අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය අරං අවොත් මෙතනදි උයා ගන්න පුළුවන්. ඒකට කිසිදු අමතර අයකිරීමක් නෑ. අනිත් ක්‍රමය තමයි මෙතන ඉන්න Care taker ට කියලා උයා ගන්න එක.අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ටික අරං ආවොත් මෙතන ඉන්න Care taker අවශ්‍ය විදිහට උයලා දෙනවා. හැබැයි එහෙම උයන්න එක වේලකට රුපියල් 500 ක් වගේ ගාස්තුවක් ගෙවන්න වෙනවා.

Neluwa (7) Neluwa (8) Neluwa (3)

මේ බංගලාව අවට බලන්න යන්න විශේෂ තැන් ගොඩාක් තියෙනවා. සිංහරාජය ඒ අතරින් ප්‍රධානයි. මෙතන ඉඳලා කිලෝමීටර් 11 ක දුරින් පිහිටි ලංකාගම පිවිසුමෙන් ගිහිං දිය ඇළි 5කට වැඩිය බලාගන්න මෙතන ඉඳලා ලේසියි. අනික තමයි ඒ පාරෙන් සිංහරාජෙට කාර් එකකින් වුනත් යන්න පුළුවන් වීම. ඒ වගේම කන්නෙලිය වනෝද්‍යානය බලන්න යන්න, නෙළුවේ දූලි ඇල්ල බලන්න යන්න මෙතන ඉඳලා හරි ලේසියි.

Neluwa (10) Neluwa (1)

නවීන පන්නයට හදලා තියෙන මේ බංගලාව පවුලේ නිවාඩුවකට නම් නියම තැනක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඊළග නිවාඩුවට මෙතන වෙන් කර ගන්නවා නම් කථා කරන්න 0759596161 න් awidimu.com එකට. අපි ලෑස්තියි මෙතන වෙන් කරලා දෙන්න.

Team awidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply