දූලි ඇල්ල අයිනේ නිදහස විඳිමු

නගරබද ඒකාකාරි ජීවිතයෙන් හෙම්බත් වෙලා ඉන්න අය සිංහරාජ වන පියස ලඟ,ලස්සන දිය පහරකින් වට වුනු බිමක නිදහසේ නිවාඩුවක් ගත කරන්න ඉතාම කැමතියි. එහෙම පරිසරයට ආදරය කරන අයට ගැලපෙන නියම තැනක් ගැන තමයි මේ කියන්නේ. මේ සුන්දර නවාතැන්පොල පිහිටලා තියෙන්නේ නෙළුවේ දූලි ඇල්ල ලඟ. නෙළුවේ කිව්වට බය වෙන්න දෙයක් නෑ හරියට ගත්තොත් කොළඹ ඉඳලා පැය දෙකහමාරක වගේ කාලයකින් යන්න පුළුවන්.

8 10 7

ගාලු දිස්ත්‍රික්කයේ සිංහරාජ මායිම් ගමක් වු නෙළුවෙ ලංකාගම පාරේ කොස්මුල්ල දුවිලි ඇල්ල අසල තියෙන මේ සුන්දර නිවාඩු නිකේතනයේ 14 දෙනෙකුට ඉන්න පුළුවන් පහසුවෙන්ම. සම්පූර්ණයෙන්ම වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා පරිසර හිතකාමී විදිහට ඉදිකරපු මේ කබානා දෙක උණු වතුර (Hot Water),රූපවාහිනි (TV)සහ කුඩා මුළු තැන් ගෙයක් (Mini kitchen)ආදියෙන් සමන්විතයි. කැමති නම් දොළ අයිනේ කූඩාරමක වුනත් රාත්‍රිය ගතකරන්න කටයුතු ලෑස්ති කරන්න පුළුවන් මෙතන.

5 3 6 4

මේ නවාතැන් පොලේ ඉඳලා මීටර් 700 ක දුරින් තමයි දූලි ඇල්ල පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ ඇවිදගෙන යන දුරින්.එතන තියෙනවා ස්වාභාවික නාන තටාකයක්. සිංහරාජයෙන් ගලා එන සීතල ජලයෙන් හිත පිරෙන්න ආරක්ෂිතව නාගන්න මේ තටාකය නියමයි. ඒ විතරක් නෙවෙයි සිංහරාජයට මායිම්ව ඇති ලංකාගම ගමට යන්න සෆාරි පහසුකම් වුනත් මෙතනදි ගන්න පුළුවන්. මේ ගමනේදී සුන්දර දිය ඇලි 7ක්, කුරුල්ලන් සහ මත්ස්‍යයින් දැක ගන්න අවස්ථාව තියෙනවා.

මෙතන අය කිරීම් මෙහෙමයි
* හතර දෙනෙකුට සිටි හැකි එක් කබානා එකක් රු.4900
(Mini Kitchen පහසුකම අවශ්‍යය නම් අමතර රු 2000ක් අයකෙරේ)

*හය දෙනෙකුට සිටිය හැකි කාමර දෙක,නාන කාමරය,දොලට මුහුණලා ඇති සම්පුර්ණ උඩ තට්ටුව රු5500

*ආහාර වේල් තුනක්,උදේ සවස තේ,ලංකාගම සෆාරි පහසුකම,සිංහරාජ පිවිසුම් ප්‍රවේශ පත්‍ර,මඟ පෙන්වන්නන්ගේ ගාස්තු සියල්ල සමඟ පැකේජය එක් අයකුට රු 5900 පමණි(හතර දෙනෙකුට වැඩි විය යුතුය)

වෙන්කරගන්න කථාකරන්න 0759596161 – awidimu.com hotline එකට

**#####විශේෂතම දේ තමයි මේ ප්‍රදේශය අතිශයින්ම සංවේදි ලෝක උරුම පරිසර කලාපයක් බැවින් පොලිතින් ආදිය රැගෙන ඒම හැකිතාක් අඩු කිරීම .ඒ වගේම ඔබ රැගෙන එන බෝතල් ආදිය නිසි ලෙස බැහැර කිරීම.මේක විශේෂ ඉල්ලීමක්#####****

13 14

kdktec kdktec

No comments yet.

Leave a Reply