පුංචි එංගලන්තයේ ලෑලි බංගලාව

wood fe

මේ පිංතූර බැලුවම අපිට එකපාරම මතක් වෙන්නේ නිකං බටහිර චිත්‍රපටයක්. විශේෂයෙන්ම ඔය Cow boy චිත්‍රපටිවල තියෙනවා මේ විදිහේ තැන්. මේ සුන්දර නවාතැන් පොළ තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි නුවර එළියේ . වෙනදට නුවරඑළියේ ගිහිල්ලා හිටපු තැන් වලට වැඩිය වෙනස් විදිහේ අත්දැකීමක් විඳින්න මෙතන නියමයි. මේක හදලා තියෙන්නේ තනිකරම ලී වලින්. නුවරළියේ නගරයේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර දුරින් තමයි මේ අපූරු නවාතැන පිහිටලා තියෙන්නේ.හරියටම කිව්වොත් හෝර්ටන් තැන්න පාරේ කිලෝමීටර් 8ක් විතර ආවම තියෙන මීපිලිමාන 3 කණුව හරියේ තමයි මේ සුන්දර ලී බංගලාව පිහිටලා තියෙන්නේ.

wood 1 wood 2 wood 3

මේකේ කාමර 7 ක් තියෙනවා. එක කාමරේක තුන් දෙනා ගානේ බැලුවත් මෙතන 21 කට විතර  ඉන්න පුළුවන්.මුළු බංගලාවම වෙන් කර ගන්නවා නම් රුපියල් 20,000/- යි කෑම නැතුව. කාමරයක් රුපියල් 3000/- ක් වෙනවා. එන අයට කැමති නම් කෑම වලට අවශ්‍ය දේවල් ගෙනල්ලා උයාගන්න අවශ්‍ය සියලුම පහසුකම් මෙතන තියෙනවා. එහෙම නැත්තං කෝකියෙක් දාලා උයවලා දෙන්න පුළුවන්. එහෙම වුනොත් කෝකියාට රුපියල් 2000/-ක් වගේ  Cooking Charge එකක් ගෙවන්න ඕන වේල් 3 ටම.    එහෙමත් නැත්තං පිටිං ගෙන්වලා දෙන්නත් පුළුවන්. තව ඕන නම්  එන අයට එයාලා කැමති විදිහකට කෑම බීම ලෑස්ති කරගන්න පුලූවන්.

මේ කාමර වලට තියෙන්නේ Common Bathrooms. ඒ වගේ Hot water ආදී සියලු පහසුකම් තියෙනවා. ඒ වගේම මෙතන රෑට ගිණි මැලයක් හෙම ගහලා BBQ පාරක් දාගන්නත් ඕන තරම් අවස්ථාව තියෙනවා.

wood 6 wood 5 wood 4

මේ සියලු දේවල් එක්ක බැලුවම ඊළඟ නිවාඩුවට කියාපු තැන මෙතන. නුවරඑලියට ළඟයි . හෝර්ටන් තැන්නට කිට්ටුයි. මෙතන ඉඳලා කන්දේ ඇල ජලාශයට ඇවිදගෙන යන දුර. අර කාර්බහුල නුවරඑලිය නගරයෙන් මිදිලා නිදහසේ ඉන්න කියාපු තැනක් තමයි මෙතන. මේ නවාතැන් පළට කවුරු හරි එනවා නම් කෝච්චියේ වුනත් එන්න පුළුවන්. අඹේවෙල ස්ටේෂන් එකට ආවම එතන ඉඳලා එන අය වෙනුවෙන් ගමනාගමන පහසුකම් දෙන්න පුළුවන්.

ඊළඟ නිවාඩුවට මේ සුන්දර ලී බංගලාව වෙන් කර ගන්නවා නම් කථාකරන්න 0759596161 awidimu.com HOTLINE එකට. අපි ලෑස්තියි ඔයාලා වෙනුවෙන් මෙතන වෙන් කරලා දෙන්න.

wood 7 wood 8 wood 9

@teamawidimu

#Nuwaraeliya #NUWARAELIYA , NUWARAELIYA , Nuwaraeliya

kdktec kdktec

No comments yet.

Leave a Reply